සුජිත් හේවාජුලිගේ
ලෝකය පුරා පැතිර යන ඔමික්‍රොන් ජේ.එන් 1 නව ප්‍රභේදයේ සංකූලතා අවම වුවත් ඒ ගැන අවධානයෙන් සිටීම ඉතා වැදගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.
විශේෂයෙන්ම වයස්ගත අය, විවිධ නිධන්ගත රෝගවලින් පෙළෙන අය දුර්වල ප්‍රතිශක්තියක් ඇති අය, විවිධ සංකූලතා ඇති අය මුව ආවරණ පැලඳීම ඇතුළු සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද නැවත අනුගමනය කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
දිගින් දිගටම පවතින අධික උණ තත්වය, කැස්ස, සුවඳ සහ රස නොදැනීම, ආහාර අරුචිය, වමනය, කොවිඩ් නව ප්‍රභේදයේ රෝග ලක්ෂණ බව පැවසූ මහාචාර්යවරයා මෙවැනි රෝග ලක්ෂණ ඇත්නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ගැනීම වැදගත් බවද ප්‍රකාශ කළේය.
නව ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළුවී ඇති බව තමාගේ විශ්වාසය යැයි පැවසූ චන්දිම ජීවන්දර මහතා අවදානම් සහිත පිරිස් බූස්ටර් එන්නත ගැනීම වැදගත් බවද පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වසංගත රෝග විද්‍යා ආයතනයේ විශේෂඥ වෛද්‍ය චින්තන පෙරේරා මහතා හැකි සෑම අවස්ථාවකම මුව ආවරණ පලඳින ලෙස ඉන්දියාවේ දඹදිව ඇතුළු විදේශ සංචාරවල යෙදෙන ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
විදේශ සංචාරවලදී අසනීප තත්වයක් ඇති වුවහොත් වහා වෛද්‍ය උපදෙස් ගැනීම වැදගත් බවද ඔහු සඳහන් කළේය.
මේ අතර රටේ කොවිඩ් තත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වයිරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල මහතා පවසන්නේ රට පුරා විවිධ ප්‍රදේශවලින් ජෛව පටල නියැදි ලබාගෙන ඒවා පරීක්ෂා කරගෙන යන බවයි.
නව වයිරස ප්‍රභේදයේ පැතිරීම ගැන ඒ අනුව ඉදිරියේදී දැනගත හැකි වනු ඇතැයිද ඔහු සඳහන් කළේය. එසේම කොවිඩ් පිළිබඳ ආවේක්ෂණ කටයුතු රට පුරා කරගෙන යන බවද ඔහු කීවේය.
කොවිඩ් දැන් මතු වන්නේ සෙම්ප්‍රතිෂ්‍යාව වැනි පොඩි අසනීපයක් විදියට බවත් එවැනි අවස්ථාවලදී පරීක්ෂා කිරීමට අවශ්‍යතාවක් නැති බවත් මුතුගල මහතා පැවසීය. කොවිඩ් ජාන විශ්ලේෂණ අවසාන පරීක්ෂණයේදී නව ප්‍රභේදය තිබී හමුවී නැතැයිද ඔහු සඳහන් කළේය.
කොවිඩ් වැළඳුණු කිහිපදෙනෙක් පසුගිය දිනවල මියගියහ.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කොවිඩ් අවදානම් අය බූස්ටරය ගන්නවා නම් හොඳයි