IMG-LOGO

2024 මැයි මස 14 වන අඟහරුවාදා


කෝටි ගණන් ගිලින “හොල්මන් බිල්ඩිම”

 කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා කුලියට ලබාගෙන ඇති ගොඩනැගිල්ල මෙතෙක් පාවිච්චියට ගෙන නැතත් පසුගිය මාස 11 ක කාලයක් තුළ රුපියල් කෝටි  27 ක මුදලක් ගෙවා ඇත.


 මේ තරම් විශාල කුලියක් රජයේ අමාත්‍යාංශයක් සඳහා ගෙවනු ලබන ප්‍රථම අවස්ථාව මෙය වෙයි. 


සරත් ෆොන්සේකා මහතා ඇමැති ධුරය දරන ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය පවතින ගොනැගිල්ල සඳහා මාසිකව ලක්ෂ 110 ක මුදලක් ගෙවනු ලබන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය පවත්වාගෙන යන ගොඩනැගිල්ලට ලක්ෂ 100 කට ආසන්න කුලියක් ගෙවනු ලබන බව සඳහන් වේ.


 කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා ඉහළම කුලියක් ගෙවීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර තිබිණි.


 යහපාලනය යටතේ රජය මේ තරම් අතිවිශාල මුදලක් වැය කිරීම බරපතළ විවේචනයකට හේතු වී ඇත. කෝට්ටේ, රාජගිරිය ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ අංක 288 දරන ස්ථානයේ මහල් 10 කින් සමන්විත මෙම ගොඩනැගිල්ල සඳහා මාසික කුලිය රුපියල් ලක්ෂ 245 කි.


සිනමා නිළි සබීතා පෙරේරා මහත්මියගේ සැමියා වන උපාලි ජයසිංහ මහතාට අයත් මෙම ගොඩනැගිල්ල  වර්ග අඩි ලක්ෂයක පමණ ප්‍රමාණයකින් යුක්ත වන අතර විශාල ප්‍රමාණයේ රථ ගාලක්ද පවතී. මෙම රථගාලෙහි වාහන 100 කට වැඩි ප්‍රමාණයක් එකවර ගාල්කර තැබිය හැකි බව ද වාර්තා වේ.


 අමාත්‍යංශ සඳහා අධීක්ෂණ කමිටු පත් කිරීමේදී පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවන නිසා ඒ ආසන්නයේ ගොඩනැගිලි ඒ සඳහා යොදා ගැනීමට යෝජනා වී තිබිණි. ඒ අනුව පාර්ලිමේන්තු බලධාරින් විසින් කරන ලද සොයා බැලීමකට අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය           පවතින ගොඩනැගිල්ල ඒ සඳහා යොදා ගැනීමට තීරණය වී ඇත. එම තීරණය අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා විකල්ප ගොඩනැගිල්ලක් වශයෙන් මෙම ජයසිංහ ගොඩනැගිල්ල තෝරාගෙන ඇත.


 තවත් විශේෂත්වයක් නම් මෙම ගොඩනැගිල්ලට අත්තිකාරම් වශයෙන් ලක්ෂ 5700 ක මුදලක් ගෙවා තිබීමයි. රජයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකුගේ අවශ්‍යතාව මත මෙම ගොඩනැගිල්ල කුලියට ගෙන ඇති බව දැනගන්නට ඇත.


 අධීක්ෂණ කමිටු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙන් පිටත පැවැත්වීමට තීරණය කර තිබුණත් තවමත් එම කමිටු රැස්වීම් පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේමය.


 මාස 11 ක් තිස්සේ මෙම ගොඩනැගිල්ල අමාත්‍යංශයට සුදුසු පරිදි ඉදිකිරීම් කටයුතු අවසන් කර නොමැති බවද පැවසේ.


දයාසීලි ලියනගේ


 

සේරම කියනකම් ඉන්න

 මෙම ගොඩනැගිල්ල කුලියට ගැනීම සම්බන්ධයෙන් ඇමැති දුමින්ද දිසානායක මහතාගෙන් විමසුවෙමි.
කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා ගෙන ඇති ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන සියලු චෝදනාවලට ඉදිරි දින කීපය තුළදී එකවර පිළිතුරු ලබා දෙන බව කී ඇමැති දුමින්ද දිසානායක මහතා මෙසේද ප්‍රකාශ කළේය.
මෙම ගොඩනැගිල්ල සම්බන්ධ සියලු තොරතුරු එකවර කියන්නම්.


 ප්‍රශ්නය:- චෝදනා එක එල්ලේම තියෙන්නේ ඔබට?
පිළිතුර:-
චෝදනා වලට නම් කමක් නැහැ. චෝදනා එල්ල කරන එක ලේසියි.


ප්‍රශ්නය:- ඔබේ පැත්තෙන් පිළිතුරු නොදෙන්නේ ඇයි
 පිළිතුර:-
සම්පූර්ණ තොරතුරු එළියට දානවා. එතෙක් ඉන්න.


 ප්‍රශ්නය:- ඇයි දැන් කියන්නෙ නැත්තෙ.
  පිළිතුර:-
කරුණු ටික ටික කියල වැඩක් නැහැ. සියලු දේවල් කියනවා.


 ප්‍රශ්නය:- මේ ගොඩනැගිල්ල කුලියට ගැනීමට ඔබ සම්බන්ධ නැද්ද?
 පිළිතුර:-
කොහොමද සිදුවුණේ කියල කියන්නම්.


 ප්‍රශ්නය:- මේ ගොඩනැගිල්ලෙ පදිංචියට යන්නේ කවදද?
 පිළිතුර:-
වැඩ ඉවර කරල බාර දීපු ගමන් යනවා.


 ප්‍රශ්නය:- මාස 11 ක් කුලී ගෙව ගෙවා ඉදල තියෙනවා.
 පිළිතුර:-
ඔක්කොටම පිළිතුරු දෙන්නම්කො.
 (දුරකථනය ක්‍රියා විරහිත කෙරුණි.) 

 



අදහස් (0)

කෝටි ගණන් ගිලින “හොල්මන් බිල්ඩිම”

ඔබේ අදහස් එවන්න

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන අවුරුදු තුනක දී විවාද එකොළහක්
2024 අප්‍රේල් මස 26 136 0

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.


2022 සිට ලක්ෂ 7ක් රට රැකියාවලට ගිහින්
2024 අප්‍රේල් මස 26 226 0

කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 26 645 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර


යෝජිත පනතින් ලංවිම වත්කම් සියයට 75ක් පෞද්ගලීකරණය වෙනවා
2024 අප්‍රේල් මස 23 63 0

යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න


බැඳුම්කර මගඩියෙන් ඊ.පී.එෆ්. එකට වුණු අලාභය හොයන ක්‍රමය සුමන්දිරන් කියයි
2024 අප්‍රේල් මස 23 9 0

1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ


ඉරාන-ඊශ්‍රායල ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 22 12 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 667 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2188 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1883 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site