උපුල් වික්‍රමසිංහ
ඉන්දියාව සමග දැනට සාකච්ඡා අදියරේ පවතින ආර්ථික සහ තාක්ෂණ සහයෝගිතා ගිවිසුම (එට්කා) ට මේ වසරේ මාර්තු වෙන විට අස්සන් තැබීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරයි. ඊට අදාළ සාකච්ඡා මේ වෙන විටත් පැවැත්වෙන අතර, රටවල් දෙකෙහිම වෙළෙඳාම දියුණු කිරීම වෙනුවෙන් තවදුරටත් තීරු බදු අඩු කිරීම සඳහාත් අපනයනවලදී තීරු බදු නොවන බාධක ඉවත් කිරීම සඳහාත් සාකච්ඡාවලදී අවධානය යොමුව ඇතැයි ශ්‍රී ලංකාව වෙනුවෙන් සාකච්ඡාවලට සහභාගි වන කණ්ඩායමේ ප්‍රධානී කේ.ජේ. වීරසිංහ මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.
ඒ යටතේ ඉන්දියාව සියයට 90 දක්වා තීරු බදු අඩු කිරීමට බලාපොරොත්තු වන බවත්, ශ්‍රී ලංකාව සියයට 80 දක්වා තීරු බදු අඩු කිරීමට අපේක්ෂා කරන බවත්, කී ඒ මහතා සේවා, ආයෝජන, ආර්ථික සහයෝගීතාව යනාදී විවිධ ක්ෂේත්‍ර මේ ගිවිසුමට ඇතුළත් වන බව ද ප්‍රකාශ කළේය.
මේ අතර ඉන්දුනීසියාව සමග වරණීය වෙළෙඳ ගිවිසුමකට (Preferential Trading Arrangement) ට එළැඹීමට අදාළ සාකච්ඡා ආරම්භ කර ඇති බවත්, බංග්ලාදේශය සමග ද එවැනි ගිවිසුමකට ඇතුළත් වීම සඳහා මේ වසරේ මාර්තු වන විට සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන බවත් වීරසිංහ මහතා කීවේය. චීනය හා මැලේසියාව සමග නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීමට අදාළ සාකච්ඡා ද මේ වසරේදී කඩිනම් කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඉන්දියාව සමඟ එට්කා ගිවිසුම අස්සන් කිරීම මාර්තුවේ ?