IMG-LOGO

2024 මැයි මස 15 වන බදාදා


ආතල් ගන්න බාලිකා විද්‍යාලවලට කඩා පනින බිග් මැච් සංස්කෘතිය

 

ක්‍රීඩකයකු සැමවිටම උත්සාහ ගන්නේ තමා සහභාගි වෙන ක්‍රීඩාවෙන් ජය ලැබීමටය. ජය පරාජය කවුරුත් ලබාගත්ත ද අතට අතදී සුහදව සමුගැනීමද ඔවුනගේ සිරිත්ය. ජය ලබන පිරිස ප්‍රීති ඝෝෂා නගමින් ජයග්‍රහණය සමරති. නිවාසාන්තර ක්‍රීඩා තරගයේ සිට ජනප්‍රිය පාසල් අතර පවතින බිග් මැච් ක්‍රිකට් තරග දක්වා පැතිර යන්නේ එහි උණුසුමය. ඊට බාලක බාලිකා භේදයක් නැත. පාසලේ ශිෂ්‍යයන් මෙන්ම ආදි ශිෂ්‍යයෝද එහි උණුසුම විඳ ගනිති. 


වර්තමානයේ මේ දෘෂ්ඨිපථය වෙනස්වී ඇත. එනම් බිග් මැච් සංස්කෘතියේ අත්‍යවශ්‍ය අංගයක් වන්නේ මත්පැන්ය. විශේෂයෙන්ම ආදි ශිෂ්‍යයන් බිග් මැච් සඳහා සම්බන්ධ වන්නේම මත්පැන් රස විඳීමටය. ජයග්‍රහණය පිරිසක් ලබද්දී තවත් පසෙක තවත් පිරිසක් හොඳින් සූර්වීම සිරිතය. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ අහේතුක හේතුවක් මත ගැටුම් ඇති කර ගැනීමය.


තම පිලේ හෝ ප්‍රතිවාදින් සමඟ ගැටෙන්නන් දැන් තවත් අක්‍රමිකතාවයකට අතගසා ඇත. ඒ බාලිකා විද්‍යාලවලට කඩා පැන කලබල කිරීමය. සිප් සතර ලබාදෙන මෑණිවරුන්, පියවරුන් බඳු ගුරුවරුන්ට කරදර පමුණුවමින්, පාසල් දේපළවලට හානි කරමින් සිය සොයුරියන් බඳු ශිෂ්‍යාවන් අපහසුතාවයට පත් කරමින් හැසිරෙන ඔවුහු ශිෂ්‍ය නාමයටද නිගරු කරති. 


මේ පිළිබඳව අදහස් දැන ගැනීමට දිගු කාලයක් ක්‍රීඩකයකු ලෙස ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවී සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක බන්දුල වර්ණපුර මහතා සම්බන්ධ කර ගත්තෙමු. 


මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත වන්නට පටන් ගත් මුල් යුගයේ බිග් මැච් සංස්කෘතියත් ප්‍රේක්ෂකයන්ගේ හැසිරීම ගැනත් ඔහුගේ අදහස මෙහි පළවේ.


ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක බන්දුල වර්ණපුර
අපේ කාලේ බිග් මැච් සෙල්ලම් කරද්දී වන්ඬේ මැච් තිබුණේ නෑ. අපිට තිබුණේ එක මැච් එකයි. ඒ කාලේ මැච් එකක් දිනුවට පස්සේ සියලු ළමයි පාසලට එකතු වෙනවා. බයිසිකල්වල නැගිලා පාරේ යන අයට හිරිහැරයක් නොවන පරිදි නායකයාගේ නිවසට ගිහින් සුබපැතීමයි සිදුකරන්නේ. ඒ වගේම ලොකු ගුරු ගෞරවයකුත් තිබුණා. පාසල් කාලයේ ආදර සම්බන්ධකම් ඇති ළමයිනුත් සිටියා. 
මට මතකයි එක අවස්ථාවක ළමයි දෙන්නෙක් කාන්තා පාසලකට ඇතුළු වුණා. ඒ එයාලගෙ ආදරවන්තියෝ ඒ පාසලේ සිටි නිසා. එහිදී ඒ ළමයි බාලිකා පාසලේ රඳවාගෙන විදුහල්පතිතුමාට එන්න කියලයි ආපසු භාර දුන්නේ. එදා ගුරුවරුන්ට බැණ වැදීම්, දේපළ හානි කිරීම් දක්වා ප්‍රචණ්ඩකාරි වුණේ නෑ. හැමදේම සාමකාමීව විසඳුණා.


ඒ ආකාරයට සාමකාමීව පැවතුණු බිග් මැච් සංස්කෘතිය 1971න් පසුව වෙනස් වුණා. ඒ ලිමිටඞ් ඕවර් මැච් හඳුන්වා දීමෙන් පසුව. දෙදින මැච් එකෙන් පසු එක් දිනක් මැච් එක පැවැත්වීම සිදුකළේ ඉන්පසුවයි. සියලු දෙනා ලිමිටඞ් ඕවර් මැච් එකේ අවසන් තීරණය දෙසයි බලාගෙන සිටින්නේ.


මුල් කාලයේ ආනන්ද-නාලන්ද බිග් මැච් එකයි සුළු සංග්‍රාමයක් කියලා හැඳින්වූයේ. අද එය ජනප්‍රිය පාසල්වල මහා සංග්‍රාමයක් බවට පත්වෙලා. දේශපාලන රැළිවල සිට පාසල් රැළි දක්වා උඩ සිට යටටම විනය පිරිහීමක් දක්නට ලැබෙන්නේ. 


පාසලේ ආදි ශිෂ්‍ය සංගම් කියන්නේ පාසලේ අභිවෘද්ධියට උපකාරවන කණ්ඩායම්. ඒවා 75 කණ්ඩායම 80 කණ්ඩායම, 90 කණ්ඩායම ලෙසින් වර්ගීකරණය වෙනවා. 


බිග් මැච් එක දවසට පාසල් ශිෂ්‍යයන් මෙන්ම ආදි ශිෂ්‍ය කණ්ඩායම්ද සහභාගි වෙනවා. මෙහි තිබෙන ඛේදවාචකය වන්නේ මත්ද්‍රව්‍ය භාවිතය.


පසුගිය සතියේ මම දැක්කා එක්තරා පිරිසක් ඇඳුම් ගලවාගෙන වාහන උඩ නැගලා බොහොම අසංවර විදියට කෑ ගහ ගහ පාරේ ගමන් කරන ආකාරය. එය හරිම අශෝභනයි. ලොකු ඉස්කෝල ඒ විදියට හැසිරෙන කොට පොඩි ඉස්කෝලත් ඒවා ආදර්ශයට ගන්නවා. ඒ වගේම එය පාරේ ගමන් කරන අයටත් පීඩාකාරියි. 


මේ අයගෙන් සමහරක් තහනම් උත්තේජක වගේම මත්ද්‍රව්‍යත් භාවිත කරනවා. ඉන් පස්සේ ක්‍රීඩාවේ ජයග්‍රහණය සැමරීමේ ක්‍රමවේද වෙනස් කරනවා. තමන්ගේ බලය පෙන්නමින් අශෝභන ආකාරයට හැසිරෙනවා. ජය පරාජය භාර ගැනීම වෙනුවට කළකෝලහල සිදුකිරීමයි කරන්නේ.


මේ තත්ත්වය පාලනය කරන්න පාසලට ආදි ශිෂ්‍ය සංගම්වලට හා පොලිසියට ලොකු වගකීමක් තිබෙනවා. ඒ සඳහා විධිමත් නීති රීති පද්ධතියක් අන්තර්ගත ක්‍රමවේදයක් සෑදිය යුතුයි. විශේෂයෙන්ම පාසලේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයින් මෙන්ම ආදි ශිෂ්‍යයන්ද පාසලේ නමට අගෞරවයක් වන පරිදි නොහැසිරෙන ආකාරයේ වැඩපිළිවෙළක් සකස් විය යුතුයි.


බිග් මැච් පෙළපාළිය සඳහා සහභාගිවන ශිෂ්‍ය කණ්ඩායම් කවුද? ඊට සම්බන්ධවෙන ආදි ශිෂ්‍ය කණ්ඩායම් කවුද? ඔවුන් වෙන්කර හඳුනාගැනීම සඳහා විශේෂ සළකුණු, ගමන් ගන්නා මාර්ගය, කාලසීමාව, එහිදී ගමන් කළ යුතු විලාසය ජය සැමරීම සාමකාමීව කළ යුතු ආකාරය ආදි සියලු දේ පාසලේ සිටම සංවිධානය කළ යුතුයි. ඊට පොලිසියේ සහයෝගය ලබාගැනීම අත්‍යවශ්‍යයි. 


යම් අවස්ථාවක යමෙක් අශෝභන ලෙස හැසිරුනොත් පාරේ යන අය අපහසුතාවයට පත් කළොත්, බාලිකා විද්‍යාලවලට පැන ගුරුවරුන්ට හා ශිෂ්‍යාවන්ට හිරිහැරවෙන ආකාරයට හැසිරුනොත්, දේපළවලට හානි කළොත් ඒ සඳහා දැඩි නීතිමය ක්‍රියා මාර්ග ගත යුතුයි. එය පොඩි පාසල්වලට වගේම ලොකු ජනප්‍රිය පාසල්වලටත් එක සේ සමාන විය යුතුයි.


විශේෂයෙන්ම ලොකු පාසල්වල ඉන්න ලොකු නිලතල දරන පුද්ගලයන්ගේ දරුවෝ එවැනි වැරැදිවලින් නිදහස ලබනවා නම් මෙවැනි ප්‍රචණ්ඩකාරි දේ පාලනය කිරීම අපහසු වෙනවා. ඒ නිසා අදාළ නීති රීති සියලු දෙනාට එක සේ සමානව බලගැන්විය යුතුයි. පාසලේ නිලධාරින් හා බලධාරින්ටත්, පොලිසියටත් එම නීති ක්‍රියාත්මක කිරීමේ නිදහස ලබාදිය යුතුයි.


ඉන් පාසලේ ගෞරවය රැකෙනවා වාගේම පාසල් දරුවන්ගේ විනයත් හැදෙනවා. එය අන් පාසල්වලට ආදර්ශයක් සේම සමාජයටත් කරන ලොකු යහපතක්.


අද බිග් මැච් එක පිස්සු වැඩ කරන වේදිකාවක් වෙලා තිබෙනවා. එය නතර කළ යුතුයි. ක්‍රීඩාවේ අරමුණ හා සැබෑ ක්‍රීඩකයාගේ විනය අනුවයි එය මහත්මා ක්‍රීඩාවක් බවට පත්වන්නේ. එහි ගෞරවය රැකෙන පරිදි කටයුතු කිරීමයි වඩා වැදගත්.


ළඟදි බාලිකා පාසලකට පැන වූ සිදුවීමෙන් 20ට ආසන්න පිරිසක් නීතියට හසුවෙලා තිබෙනවා. අද හැම තැනම කැමරා සවිකරලා තිබෙන්නේ. කාටවත් වැරැදි කරලා බේරගන්න බෑ. 


තමන්ගේ සීමාව ඉක්මවා පාසලේ නමටත් අගෞරව වන පරිදි හැසිරෙන අයට ලැජ්ජා හිතෙන දඬුවමක් ලබා දුන්නොත් ඊළඟ පරම්පරාව එවැනි වැරැදි නොකර සිටීවි.

සටහන - කුමාරි හේරත් 



අදහස් (0)

ආතල් ගන්න බාලිකා විද්‍යාලවලට කඩා පනින බිග් මැච් සංස්කෘතිය

ඔබේ අදහස් එවන්න

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන අවුරුදු තුනක දී විවාද එකොළහක්
2024 අප්‍රේල් මස 26 140 0

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.


2022 සිට ලක්ෂ 7ක් රට රැකියාවලට ගිහින්
2024 අප්‍රේල් මස 26 238 0

කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 26 671 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර


යෝජිත පනතින් ලංවිම වත්කම් සියයට 75ක් පෞද්ගලීකරණය වෙනවා
2024 අප්‍රේල් මස 23 63 0

යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න


බැඳුම්කර මගඩියෙන් ඊ.පී.එෆ්. එකට වුණු අලාභය හොයන ක්‍රමය සුමන්දිරන් කියයි
2024 අප්‍රේල් මස 23 9 0

1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ


ඉරාන-ඊශ්‍රායල ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 22 12 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 699 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2224 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1911 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site