අධ්‍යාපන වියදම ආරක්ෂක වියදමෙන් භාගයක්වත් නෑ
සුජිත් හේවාජුලිගේ
මීළඟ අයවැයෙන් අමාත්‍යාංශ 8කට මුළු මුදලින් සියයට 86ක් වැය කිරීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරුණු විසර්ජන පනත් කෙටුම්පත අනුව පෙනී යන්නේ යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
අමාත්‍යාංශ විසි එකකට වෙන් කෙරෙන්නේ සියයට 14කට වඩා අඩු මුදලක් බවද ඔහු සඳහන් කළේය. අමාත්‍යාංශ දෙකකට වැය කිරීමට අපේක්ෂා කරන මුදල මුළු වියදමෙන් සියයට 42ක් බව පවසන මහාචාර්යවරයා රටේ ආරක්ෂාව වෙනුවෙන් රුපියල් කෝටි 56,500 ක් වැය කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කළේය. එය මුළු වියදමින් සියයට 15 ක් බවද ඔහු ප්‍රකාශ කළේය.
අධ්‍යාපනය සඳහා වැය කෙරෙන්නේ රුපියල් කෝටි 23,700 ක් පමණක් බව සඳහන් කරන වසන්ත අතුකෝරළ මහතා එය ආරක්ෂාව සඳහා කරන වියදමින් භාගයක්වත් මුදලක් නොවන බව ද සඳහන් කළේය.
සෞඛ්‍යය සඳහා රුපියල් කෝටි 44,000 ක් වන අතර එය ආරක්ෂක වියදමට වඩා අඩු මුදලකි.
ණය ගෙවීම් හැර රජයේ අමාත්‍යාංශ 29 කට සහ විශේෂිත වියදම් ඒකකයට අදාළව වියදම් කිරීමට අපේක්ෂිත මුදල රුපියල් කෝටි 386,000 ක් බවත් එය පෙර වසරට වඩා රුපියල් කෝටි 20,300 ක පමණ වැඩිවීමක් බව ද මහාචාර්යවරයා පැවසීය. ලබන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ලංකාවේ ආර්ථික අර්බුදයට එහා ගිය කඩා වැටීමක් පෙන්නුම් කරන එකක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සංචාරකයන් විසිදහස් පන්සිය පහළොවක් (20,515) මේ වසරේ සැප්තැම්බර් දක්වා ගත වූ මාස 9 ක කාලයේ දී මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත පෙන්
ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති පොල් මිල පාලනය කිරීමේ පියවරක් වශයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා (24) පැවැති පොල් වෙන්දේසියේදී පොල් ගෙඩියක මිල රුපියල් 105ක මට්ටමක පවත්
ඉදිරි කාලයේදී සහල් හිඟයක් ඇති නොවී සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යාමට නම් ගොවීන් සතු තිබෙන වී තොග වෙළෙඳපොළට පැමිණිය යුතු බව එක්සත් සහල් නිෂ්පාදකයන්
රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා බුද්ධි අංශ වාර්තා මත පදනම්ව අවශ්‍ය සියලු ආරක්ෂක පියවර ගෙන ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය බොහෝ දුරට වෙනස්වීමට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. පාර්ලිමේන්තු ඡන්ද විමසීම පනතේ 10 වගන්තිය අනුව මැතිවරණයට දින
සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ රාජ්‍ය සේවකයන් වෙනුවෙන් රුපියල් 57,500ක අවම වැටුපක්, රු. 25,000 දක්වා ජීවන වියදම් දීමනවක් සහ සියයට 24ක සාමාන්‍ය වැටුප් වැඩිවීමක් ල
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
අයවැයෙන් සියයට 86 ක් අමාත්‍යංශ 8 කට බෙදෙයි