අධ්‍යාපන අමාත්‍යංශය සාමාන්‍ය නීතිය උඩුයටිකුරු කරමින් පශ්චාත් උපාධියක් ලබාගැනීම සහ පශ්චාත් උපාධියට ලියාපදිංචි වී තිබීම සමාන මට්ටමකට පත්කර තිබේ. අධ්‍යාපන පරිපාලන විශේෂ ශ්‍රේණිය සඳහා පුද්ගලයන් බඳවා ගැනීමට අදාළ නිර්නායක වෙනස් කරමින් මෙම උඩුයටිකුරු කිරීම සිදුකර ඇත.
ඒ අනුව අධ්‍යාපන පරිපාලන විශේෂ ශ්‍රේණිය සඳහා පත්වීමට පශ්චාත් උපාධියක් ලබා සිටීම මෙන්ම පශ්චාත් උපාධියක් සඳහා ලියාපදිංචි වී සිටීම ද ප්‍රමාණවත් යැයි සඳහන් කරමින් අදාළ අයැදුම්කරුවන් වෙත දැනුවත්වීමට අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ලිපියක් නිකුත් කර තිබේ.
මීට පෙර අධ්‍යාපන පරිපාලන විශේෂ ශ්‍රේණිය සඳහා පුද්ගලයන් බඳවා ගන්නා විට පශ්චාත් උපාධියක් තිබීම අනිවාර්ය සාධකයක් ලෙස සලකා තිබුණ ද මෙවර එය වෙනස් කර ඇත.
කෙසේ වෙතත් මෙම තනතුරු සඳහා සුදුසුකම් ලැබීමට විශේෂ අධ්‍යාපනය, අධ්‍යාපන පරිපාලනය, අධ්‍යාපන මනෝවිද්‍යාව, අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදනය, පුස්තකාල සහ තොරතුරු තාක්ෂණය අධ්‍යාපනය මෙන්ම විභාග සහ ඇගයීම් පැවැත්වීම සම්බන්ධ ප්‍රවීණත්වය යන ක්ෂේත්‍රවල පශ්චාත් උපාධි සලකා බැලේ.
නමුත් මෙවර පශ්චාත් උපාධියක් ලබානොගෙන ඒ සඳහා ලියාපදිංචි වී සිටීම පමණක් ප්‍රමාණවත් ලෙස දක්වා ඇති අතර එය රජයේ හෝ පෞද්ගලික අංශයේ ආයතනයක් වුවද ප්‍රමාණවත් බව දක්වා ඇත.
අධ්‍යාපන පරිපාලන විශේෂ ශ්‍රේණිය සඳහා පත්වන පුද්ගලයන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළම තනතුරු හොබවන අතර, එම තනතුරු 14 ක් පමණක් ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අධ්‍යාපන පරිපාලනයේ නීති ලිහිල් වෙයි