ලවංගා මාධවී දෑරංගල
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට හිමිවෙන වෙළෙඳ වරණ පිළිබඳ පොදු ක්‍රමය හෙවත් GSP+ බදු සහන අහිමිවුවහොත් මෙරට කාන්තාවන් හා අඩු නිපුණතා සහිත සේවකයන් ඇතුළු 73,574 දෙනෙකුගේ රැකියා එමඟින් අවදානමට ලක්වනු ඇති බවත්, ඇඟලුම්, ධීවර හා රබර් නිෂ්පාදන අංශ වෙත මෙම බදු සහන අහිමිවීම සෘජුව බලපානු ඇති බවත් ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (IPS) විසින් සිදුකරන ලද නවතම අධ්‍යයනයකින් හෙළි වේ.
මෙමඟින් ශ්‍රී ලංකාවට ඇ.ඩො. බිලියන 1.23 ක පාඩුවක් සිදුවිය හැකි බවට තක්සේරු කර ඇති අතර, එම තත්ත්වය මෙරට ආර්ථික වර්ධනය මන්දගාමී කිරීමට, විරැකියාව වැඩි කිරීමට මෙන් ම දරිද්‍රතාව උග්‍රවීමට හේතුවනු ඇති බව ද වාර්තාවේ සඳහන් ය.
එහි තවදුරටත් දැක්වෙන පරිදි මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පරිසර ආරක්ෂාව හා යහපාලනය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන් සපුරාලීම මත රඳා පවතින මෙම GSP+ බදු සහනය අහිමි වුවහොත් එහි දී උද්ගත වන සෘණාත්මක ප්‍රතිඵල වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාව යුරෝපා සංගමයේ වෙළෙඳ කොන්දේසිවලට අනුකූල වීම මෙන් ම එම සහන අහිමි වුවහොත් විකල්ප වෙළෙඳෙපාළවල් සොයා ගැනීම පිළිබඳව ද අවධානය යොමු කළ යුතු ය.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
GSP+ බදු සහන අහිමි වුණොත් 73,574ක රුකියා අනතුරේ