ගුණසිංහ හේරත්
ජනවාරි පළමුවැනිදා සිට සියයට 18ක් දක්වා ඉහළ යන වැට් බද්ද 2024 වසර මැදදී සියයට 21 සිට 24 අතර මට්ටමකට ඉහළ යන පෙර නිමිති 2024 අයවැය යෝජනා තුළම අන්තර්ගත වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාත විද්‍යා මහාචාර්ය ආනන්ද ජයවික්‍රම හෙළිකරයි.
මහාචාර්යවරයා සඳහන් කරන ආකාරයට 2024 දී සියයට 18ක අනුපාතයක් යටතේ වැට් බද්දෙන් රුපියල් බිලියන 1,400ක් රැස්කර ගැනීමට ආණ්ඩුව බලාපොරොත්තු වෙයි.
සියයට 18ක අනුපාතයක් යටතේ රුපියල් බිලියන 1,400ක් රැස්කර ගැනීමට නම් වැට් බදු පදනම රුපියල් බිලියන 7,778ක් දක්වා වැඩිවිය යුතුය. 2023 ට සාපේක්ෂව එය සියයට 70ක වර්ධනයකි.
2024 දී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයේ නාමික අගය වැඩි වන්නේ සියයට 11.4කින් බව පෙන්වා දෙන මහාචාර්යවරයා දළ ජාතික නිෂ්පාදනය සියයට 11.4කින් වැඩි වෙද්දී වැට් බදු පදම සියයට 70කින් වැඩි නොවන බවද පෙන්වා දෙයි.
දළ ජාතික නිෂ්පාදිතය වැඩිවීමට සමානුපාතිකව වැට් බදු ආදායම ද වැඩිවන බව පෙන්වාදෙන මහාචාර්යවරයා 2024 දී වැට් බදු පදනම උපරිමයෙන් වැඩි වන්නේ රුපියල් බිලියන 5,102 ක් දක්වා බවද හෙළිකරයි. ඒ රුපියල් බිලියන 5,102 යටතේ සියයට 18කින් වැට් බදු අය කළහොත් ආණ්ඩුවට උපයා ගැනීමට හැකිවන වැට් බදු ආදායම රුපියල් බිලියන 1,400ක් නොව 918ක් බවද මහාචාර්ය ජයවික්‍රම හෙළි කරයි.
ඒ අනුව ඉතිරි බිලියන 482 උපයා ගැනීම සඳහා 2024 වසර මැදදී පමණ වැට් බදු අනුපාතය සියයට 18සිට සියයට 21 හා 24 අතර මට්ටමකට ඉහළ නැංවීමට සිදුවන බව මහාචාර්ය ජයවික්‍රම පෙන්වා දෙයි.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
2024 මැදදී වැට් බද්ද 24% කට නඟින පෙර නිමිති