උපුල් වික්‍රමසිංහ
එළැඹෙන 2024 වසරේ දී පුද්ගලයන් සිවු දෙනකුගෙන් යුත් පවුලකට එකතු කළ අගය මත බදු (වැට්) වශයෙන් මාසිකව රුපියල් 20,467ක මුදලක් ගෙවන්නට සිදු වෙන බවත්, ඒ අනුව රජයේ වැට් ආදායම් ඉලක්කය කරා ළඟා වීමට නම්, එම වසරේ දී එක් පවුලක් විසින් ගෙවිය යුතු මුළු වැට් ප්‍රමාණය රුපියල් දෙලක්ෂ හතළිස් පන් දහස් හය සියය හතරක් (245,604) බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.
වසර 2023 දී පුද්ගලයන් සිවු දෙනකුගෙන් යුත් එක් පවුලක් මාසිකව ගෙවිය යුතු වැට් ප්‍රමාණය රුපියල් නව දහස් නව සියය හතළිස් එකක් (9941) ක් යැයි ද එම අගය 2024 දී රුපියල් විසි දහස් හාර සියය හැට හතක් දක්වා වැඩි වීම නිසා එසේ වැඩි වෙන වැට් ගෙවීමේ අනුපාතය සියයට 105 ක් යැයි ද මහාචාර්යවරයා සඳහන් කළේය.
වසර 2024 සඳහා රජයේ අපේක්ෂිත වක්‍ර බදු ආදායම රුපියල් බිලියන 2740 ක් බව ද එම වසරේදී හතර දෙනකුගෙන් යුත් පවුලක් රුපියල් හාර ලක්ෂ අසූ දහස් හත් සියය එක (480,701) ක මුදලක් වක්‍ර බදු වශයෙන් රජයට ගෙවිය යුතු යැයි ද කී ඒ මහතා 2023 දී සිවු දෙනකුගෙන් යුත් පවුලක් ගෙවිය යුතු වක්‍ර බදු ප්‍රමාණය රුපියල් තුන් ලක්ෂ තුන් දහස් අට සියය හැටක් (303,860) ක් බව ද කියා සිටියේය.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ පවුලක් 2023 වර්ෂයේ මාසයකට ගෙවන වක්‍ර බදු ප්‍රමාණය රුපියල් 25,321 කි. මේ අගය 2024 දී රුපියල් 40,058 දක්වා වැඩි වේ. එම වැඩි වීම රුපියල් 14,737 කි.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
2024 දී පවුලක් මාසයකට රු.20,467 ක් වැට් ගෙවයි