- ගත යුතු පියවර සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයෙන් උත්තර නෑ
- සුරාබදු දෙපාර්තමේන්තුව
උපුල් වික්‍රමසිංහ
2023 වසර සඳහා මත්පැන් නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් බිලියන 1.1 ක හිඟ බදු මුදල් අය කර ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව එම දෙපාර්තමේන්තුවට නිර්දේශ කර තිබුණ ද මේ දක්වා එම මුදල් අය කරගෙන නැතැයි පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේදී හෙළි විය.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ 2024.04.24 දින අදාළ මුදල අය කර ගන්නා ලෙස ක්‍රම හා විධි කාරක සභාව කළ නිර්දේශය අනුව එම මුදල් අය නොකර ගැනීම නිසා සුරාබදු දෙපාර්තමේන්තුව කාරක සභා සභාපතිවරයාගේ අප්‍රසාදයට ලක් වූ බවයි.
ඊට ප්‍රතිචාර වශයෙන් කාරක සභාව හමුවට පැමිණ සිටි සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසා ඇත්තේ ක්‍රම හා විධි කාරක සභාව ලබා දුන් නිර්දේශ සහ පෙර වසරවල සුරා බදු අය කර ගැනීමට අදාළ ගිවිසුම් අතර පරස්පරතා සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර 2024.05.02 වැනිදා ලිපියක් මගින් මුදල් අමාත්‍යංශයෙන් විමසා සිටිය ද ඒ සඳහා එම අමාත්‍යංශයෙන් මෙතෙක් පිළිතුරක් නොලැබුණු බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd