ඇමැති නවින් දිසානායක
(පුෂ්පා වීරසේකර)
තම පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුටම අමාත්‍ය ධුර ලබාදීම ජනපතිවරයා විසින් අකමැත්ත පළ කළ බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
අමාත්‍ය ධුර පිරිනැමීම සම්බන්ධව අප කළ විමසීමකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීවේය.
සරත් ෆොන්සේකා මහත්තයාට ඇමැති ධුරයක් දෙන්න අමාරුයි කියා ජනපතිතුමා කිව්වා. හැබැයි පාලිත රංග බණ්ඩාර මන්ත්‍රීතුමාට නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. එතුමගෙ නම ඇමැතිධුර පිරිනැමූ මූලික 28 ලැයිස්තුවේ තිබුණා. ඒ වගේම වසන්ත සේනානායක මහත්තයාගේ නමත් ඒ මූලික ලැයිස්තුවේ තිබුණා. ඉදිරි සතියේදී නියෝජ්‍ය ඇමැති ධුර හා රාජ්‍ය ඇමැතිධුර පිරිනමනවා යැයි ද කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd