
සුජිත් හේවාජුලිගේ
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් ඇතිවූ පීඩනයත් සමග මානසික රෝගීන් බවට පත්වූ පුද්ගලයන් රෝහල් ගතවීම සහ සායනවලට පැමිණීම සියයට 30කින් පමණ වැඩිවී ඇතැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා ‘ඉරිදා ලංකාදීප’යට පැවැසීය.
විවිධ මානසික රෝගවලට ප්‍රතිකාර ගත් පුද්ගලයන් ආර්ථික ප්‍රශ්න හේතුවෙන් ඖෂධ ගැනීම නැවැත්වීම නිසා ඔවුන්ගේ ඒ මානසික රෝග යළි උත්සන්නවී රෝහල් ගතවීමද වැඩිවුණු තත්වයක් පෙනෙන්නට ඇතැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරයා මෙරට රැඳී සිටීමෙන් අනාගතයක් නැතැයි ඉච්ඡාභංගත්වයට පත් වුණු තරුණ තරුණියන් අතරේද මානසික රෝග වැඩිවී ඇතැයි සඳහන් කළේය.
විදේශයන්ට යෑමට නොහැකිව පීඩනයට සහ කලකිරීමට පත්ව සිටින තරුණ තරුණියන් අතරේ මානසික ගැටලු බොහෝ සෙයින් වර්ධනයවී ඇති බවත් බොහෝ තරුණයන් මෙම පීඩනය සමහන් කරගන්නේ සමාජයට වෛරය මුදා හැරීමෙන් බවත් ඔහු පැවසුවේය.
බොහෝ අය සිය වෛරය පිට කිරීම සඳහා සමාජ මාධ්‍ය යොදාගෙන ඇතැයිද රූමි රූබන් මහතා පැවසීය.
ආර්ථික ප්‍රශ්න ඇතුළු විවිධ ගැටලු හේතුවෙන් වැඩිහිටියන්ගේ මෙන්ම දරුවන්ගේද මානසික ආතතිය ඉතා විශාල අයුරින් වැඩිවී ඇති බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා විවිධ ගැටලු හේතුවෙන් සිය අධ්‍යාපන කටයුතු කලට වේලාවට කරගනීමට නොහැකිවීම නිසාද සැලකිය යුතු පිරිසක් මානසික පීඩනයට ගොදුරුව සිටින බව සඳහන් කළේය. කොරෝනා සමයේදී ඔන් ලයින් අධ්‍යාපනය හේතුවෙන් ජංගම දුරකතනවලට ඇබ්බැහි වූ දරුවන් විශාල පිරිසක්ද විවිධ මානසික ව්‍යාධීන්ට ලක්ව පීඩා විඳින බව ඔහු අනාවරණය කළේය.
2025 දෙසැම්බර් මස 18
243
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
177
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
984
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මානසික ලෙඩුන් සියයට 30කින් වැඩිවෙලා