IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සමෘද්ධි වකුගඩු මහජන ආධාර වැඩ සටහන නවතී

අස්වැස්ම සුබ සාධනයෙන් ප්‍රතිලාභ රැසක්

රංජන් කස්තුරි

සමාද්ධි, වකුගඩු සහ මහජන ආධාර ලබාදීමේ වැඩ සටහන 2026 වසරේ ජුනි මස 30 වැනි දිනෙන් අවසන් කෙරෙන බවට කරුණු සඳහන් අති විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබේ.

රජය ලබන ජූලි මස 01 වැනි දින සිට ‘අස්වැසුම’ නමින් සමාජ සුබ සාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩ සටහන ක්‍රියාත්මක කරන බවත් පවුල් ඒකක ලක්ෂ 20 කට එහි ප්‍රතිලාභ හිමි වන බවත් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
එම ගැසට් නිවේදනයට අනුව සංක්‍රාන්තික පවුල් ලෙස හඳුනාගත් පවුල් ඒකක ලක්ෂ 4 කට මසකට රුපියල් 2500 බැගින් වූ ආධාරයක් ලබාදෙන අතර එම පවුල් සඳහා ලබාදෙන ආධාර වැඩ සටහන මේ වසරේ දෙසැම්බර් මස 31 වැනි දිනෙන් අවසන් කරන බවද එහි සඳහන්වේ. 


අවදානමට ලක්වූ තවත් පවුල් ඒකක ලක්ෂ 4 කට මසකට රුපියල් 5000 බැගින් වන ආධාරයක් හිමි වන අතර ඔවුන්ට ලබාදෙන ආධාර 2024 වසරේ මාර්තු මස 31 වැනි දිනෙන් අවසන් කෙරෙන බවද එම ගැසට් නිවේදනයේ සඳහන් කර තිබේ.


දුප්පත් පවුල් ලක්ෂ 8 කට මසකට රුපියල් 8500 බැගින් වන ආධාරයක් හිමි වන අතර එය ජූලි මස 01 වැනි දිනෙන් ආරම්භ වී 2026 වසරේ ජුනි මස 30 වැනි දිනෙන් අවසන් කිරීමට නියමිත බවද එම ගැසට් නිවේදනයේ සඳහන්වේ.


මේ අතර අන්ත දිළිඳු පවුල් ඒකක තවත් ලක්ෂ 4 කට මසකට රුපියල් 15000 බැගින් වන දීමනාවක් හිමි වන අතර ඔවුන්ට ආධාර ලබාදීම 2026 වසරේ ජුනි මස 30වැනි දිනෙන් අවසන් කෙරෙන බවද ජනාධිපතිවරයා නිකුත් කර තිබෙන අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් කර තිබේ.


තවද ඉහත සඳහන් කාණ්ඩවලට අයත් පවුල්වල සාමාජිකයන් සංඛ්‍යාව දෙදනකු හෝ ඊට අඩු නම් ලබාදෙන ආධාර මුදල අඩකට සීමාවන බවද එම ගැසට් නිවේදනයේ සඳහන්වේ.
ඒ අනුව සමෘද්ධි ඇතුළු මහජන ආධාර ලබාදීම 2026 වසරේ ජුනි මස 30 වැනි දිනෙන් අවසන් කිරීමට නියමිතය.


මෙතෙක් කල් සමෘද්ධි බැංකු මගින් ලබාදුන් එම ආධාර මුදල් මින් ඉදිරියට ලංකා බැංකු සහ මහජන බැංකු ශාඛා මගින් ගෙවීමට නියමිතය.



අදහස් (0)

සමෘද්ධි වකුගඩු මහජන ආධාර වැඩ සටහන නවතී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site