(අජන්ත කුමාර අගලකඩ)
විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අමාත්‍යාංශ හා ආයතන කිහිපයකට ගෙවිය යුතුව ඇති රුපියල් කෝටි 10,000කට ආසන්න මුදලක් මහා භාණ්ඩාගාරයෙන් මෙතෙක් ගෙවා නැතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී ද ඇමැතිවරුන් ගණනාවක් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කර
ඇතැයි එම ආරංචි මාර්ගවලින් පැවැසේ.
ඖෂධ ගෙන්වීම වෙනුවෙන් රුපියල් කෝටි 900ක පමණ මුදලක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයවිය යුතුව ඇති බව රාජිත සෙනාරත්න ඇමැතිවරයාත්, විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රුපියල් කෝටි 1350ක පමණ මුදලක් තම අමාත්‍යාංශයට අයවිය යුතුව ඇති බව චම්පික රණවක ඇමැතිවරයාත් එහිදී ප්‍රකාශ කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. මීට අමතරව මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයට ද ඉතා විශාල මුදලක් මහභාණ්ඩාගාරයෙන් අයවිය යුතුව ඇති බව පැවැසේ.
රාජ්‍ය ආයතන හා අමාත්‍යාංශ මෙම මුදල් ලබාගැනීම සඳහා භාණ්ඩාගාරයට බිල්පත් ඉදිරිපත් කර මාස තුන හතරක්ම ගතවී ඇති බව ඇමැතිවරුන් කැබිනට් රැස්වීමේදී පෙන්වා දී ඇතැයි දැනගන්නට තිබේ. ඇමැතිවරුන් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේ දී අදහස් දක්වා ඇති මුදල් රාජ්‍ය ඇමැතිවරයා අතුරු සම්මත ගිණුම යටතේ වෙන්වූ මුදල්වලින් අත්‍යවශ්‍ය කටයුතු කරන බැවින්, මෙම හිඟ බිල්පත් ගෙවීම ලබන මැයි මාසයෙන් පසුව කරන්නට බලාපොරොත්තු වන බව සඳහන් කර ඇතැයි වාර්තා වේ.
මේ අතර බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා අදහස් දක්වමින් තම අමාත්‍යාංශයට වෙන්වී ඇත්තේ රුපියල් මිලියන 500ක පමණ මුදලක් බවත්, කලින් සිටි ඇමැතිවරයා ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිවලට ගෙවීමට ඇති මුදල් ගෙවූ පසුව ඉන් ඉතිරිවන්නේ මිලියන 7ක පමණ මුදලක් බවත්, ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබේ.
2025 දෙසැම්බර් මස 04
528
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
479
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
419
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
භාණ්ඩාගාරයෙන් කෝටි දහදාහක පොල්ලක්