ප්‍රධානීන්ට පැමිණිල්ලක්

සුජිත් හේවාජුලිගේ
පාර්ලිමේන්තු භෝජනාගාර අංශයෙන් මස් මාළු බිත්තර කරවල වැනි ආහාර ද්‍රව්‍ය පිට කිරීමේ සිද්ධීන් පෙර නොවූ විරූ ලෙස වැඩි වී ඇතැයි වාර්තා වේ.
මෙලෙස ආහාර ද්‍රව්‍ය පිට කිරීම නිසා රජයට වාර්ෂිකව අතිවිශාල පාඩුවක් සිදුවන බව ගණන් බලා ඇත. මස් මාළු කරවල බිත්තර වැනි ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ යෑමත් සමග සමහර සේවකයන් එම ද්‍රව්‍ය හොර රහසේ සිය නිවෙස්වලට දිනපතාම පාහේ රැගෙන යන බව තතු දත් ආරංචි මාර්ග තොරතුරු අනාවරණය කළේය.
සමහර නිලධාරීන් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනටමත් පැමිණිලි කර ඇත.
තැම්බූ බිත්තර පසුගිය දිනවල ඉතා විශාල වශයෙන් රැගෙන ගොස් ඇති බව පවසන එම ආරංචි මාර්ග පිසූ ආහාරවලට අමතරව වියළි ආහාර ද්‍රව්‍යද පාර්ලිමේන්තුවෙන් පිටකරන බව ප්‍රකාශ කළේය.
සිය ගමන්මලුවල සඟවාගෙන මේ ද්‍රව්‍ය මෙලෙස රැගෙන යන හෙයින් ගමන්මලු නිසිආකාරව පරික්ෂා කෙරෙන්නේ නම් මෙවැනි අක්‍රමිකතා වළක්වා ගත හැකි බව පාර්ලිමේන්තු නිලධාරිහු පිරිසක් අප සමග පැවැසූහ.
පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු ප්‍රධානීන් මෙවැනි අක්‍රමිකතා වැළැක්වීමට නිරන්තරව උපදෙස් ලබා දෙමින් විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබුණ ද ආහාර පිට කිරීම සූක්ෂම ආකාරයට දිගින් දිගටම සිදුවන බව තතු දත් අය පෙන්වා දෙති.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.