IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘මැ.කො.’ මහ ඡන්දෙට සූදානම් තේරීම් භාර නිලධාරීන්ට උපදෙස්


සුජිත් හේවාජුලිගේ


නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය කඩිනමින් පැවැත්වීමට සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලු‍ම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට දැනුම් දී ඇත.

ඒ සඳහා කඩිනමින් මුදල් සොයා ගැනීම කෙරෙහිද කොමිෂන් සභාවේ විශේෂ අවධානය යොමුවී ඇත. නව ජනාධිපතිවරයා පත්වීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ වැඩි ඉඩකඩක් පවතින බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ඒ ඒ දේශපාලන පක්ෂ ද පසුගිය දිනවල වෙන වෙනම සාකච්ඡා පවත්වා ඇතැයි දැන ගන්නට ඇත.

මේ අතර ඉදිරි වසර දෙකේ දී මැතිවරණ කොමිෂන් තවත් මැතිවරණ හතරකට සූදානම් වෙයි. මහ මැතිවරණය, ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය, පළාත් පාලන මැතිවරණය සහ  පළාත් සභා මැතිවරණය එම මැතිවරණ හතරයි.

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අහෝසි කරන්නැයි දේශපාලන පක්ෂ ඇතුළු පාර්ශ්ව ගණනාවක් දැනටමත් ඉල්ලීම් කර ඇත. මැතිවරණ කොමිෂන්  සභාව ඒ සම්බන්ධයෙන් නීති අංශ සමඟ සාකච්ඡා කරමින් සිටින බව දැනගන්නට ඇත.

නාම යෝජනා අහෝසි කරන්නේ නම් පාර්ලිමේන්තුවෙන් නොපමාව යෝජනාවක් සම්මත කරගත යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සහ නීති විශාරදයන්ගේ මතයයි.

 



අදහස් (0)

‘මැ.කො.’ මහ ඡන්දෙට සූදානම් තේරීම් භාර නිලධාරීන්ට උපදෙස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 975 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site