සුජිත් හේවාජුලිගේ
විශ්වවිද්‍යාලවල සහ පාසල්වල සිසුන්ගෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් ආහාර හිඟකමින් දැඩි පීඩාවට පත්ව සිටින බව අධ්‍යාපන බලධාරීහු පෙන්වා දෙති.
මේ හේතුවෙන් එම සිසුන්ගේ පෝෂණය සහ වර්ධනය සම්බන්ධයෙන් බරපතළ ගැටලු මතුව ඇතැයි සෞඛ්‍ය ක්ෂේත්‍ර ආරංචි මාර්ගවලින් පැවසේ.
සිසුන්ගෙන් වැඩි පිරිසක් දිනකට ලබාගන්නේ ආහාර වේලක් හෝ දෙකක් පමණක් බව පවසන එම බලධාරීහු, පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් පෝෂ්‍යදායි ආහාර වෙනුවට පෝෂණය අඩු, පිටි සහිත ආහාරවලට යොමුවීමේ වැඩි ප්‍රවණතාවක් මතුව ඇතැයිද සඳහන් කළහ.
මේ අතර, සමහර විශ්වවිද්‍යාල සිසුන් ආහාර කළමනාකරණය කර ගැනීම සඳහා විවිධ උපක්‍රම අනුගමනය කරන බව විශ්ව විද්‍යාල ආරංචිමාර්ග වලින් පැවසේ.
විශේෂයෙන්ම, නිවාඩු දිනවලදී දවසේ වැඩි වේලාවක් නිදාගෙන දහවලේ ඇහැරී එක් වේලක් පමණක් ගැනීම එක් උපක්‍රමයක් බවත් වැඩි කාල වේලාවක් නිදාගැනීමෙන් ආහාර මගහැරීමට අවස්ථාව සැලසෙන්නේ යැයි ඔවුන්ගේ අදහස බවත් එම ආරංචිමාර්ග සඳහන් කළේය.
දැඩි ආහාර හිඟයට මුහුණදී සිටින්නේ ඈත දුර බැහැර ප්‍රදේශවලින් විශ්වවිද්‍යාලවලට පැමිණ සිටින දරුවෝ වෙති. මේ අතර දැඩි ආර්ථික පීඩනය හේතුවෙන් මුදල් සොයාගැනීමේ අරමුණින් මත්ද්‍රව්‍ය විකිණීම, ගණිකා වෘත්තිය සහ සම්භාහන ආදී නීති විරෝධී කටයුතුවලට ඇතැම් සිසු සිසුවියන් යොමුවී සිටින බවට තොරතුරු අනාවරණයවී ඇතැයි ද ආචාර්යවරු පෙන්වා දෙති.
ආර්ථික ප්‍රශ්න ඇතුළු විවිධ හේතු මත විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 10 කට ආසන්න පිරිසක් පසුගිය දිනවල සියදිවි හානි කර ගත්හ. ඉන් වැඩි පිරිසක් උතුරෙන් පැමිණි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ වෙති.
2025 දෙසැම්බර් මස 04
421
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
453
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සරසවි - පාසල් සිසුන්ගෙන් තුනෙන් එකකට හරි කෑමක් නෑ