IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


සංවර්ධන නිලධාරීන්ගේ කඩඉම් විභාගයට උරුමය ඔප්පු ප්‍රදානය නිසා බාධා

 


ඉන්දික හේවාවිතාරණ


සංවර්ධන නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩඉම් විභාගය මේ මස 30 වැනි දින පැවැත්වීමට නියමිතව තිබියදී උරුමය සින්නක්කර ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙළට මේ මස 26 වැනි දින සිට 30 දක්වා සංවර්ධන නිලධාරීන් යොදා ගැනීමට නියමිතව තිබෙන බව සංවර්ධන නිලධාරි සේවා සංගමය සඳහන් කරයි.

පත්වීම ස්ථිර කර ගැනීමට, ශ්‍රේණි උසස් වීම් ලබාගැනීමට හා වැටුප් වර්ධක ලබා ගැනීමට නම් සංවර්ධන නිලධාරීන් මෙම විභාගය සමත් විය යුතු බවත්, ඒ සඳහා ඔවුන් සුදානම් විය යුතු බවත් එම සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේය.

මේ නිසා උරුමය සින්නක්කර ඔප්පු ලබාදීමට අදාළව මේ මස 26 වැනි දින සිට 30 වැනි දින දක්වා පැවැත්වෙන ප්‍රජාව දැනුම්වත් කිරීමේ   ජංගම වැඩසටහන්වලින් සංවර්ධන නිලධාරීන් නිදහස් කරන ලෙසට බලධාරින්ගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම පැවසීය.

මෙම වැඩපිළිවෙළ ජනතාව වෙනුවෙන් සිදුකළ යුතු වුව ද කාර්යක්ෂමතා කඩඉම් විභාගය පැවැත්වෙන්නේ යම් කාලයකට වරක් බවත්, මෙවර පැවැත්වෙන විභාගයෙහි අයැදුම් පත් භාරගැනීම අවසන් කරනු ලැබුවේ පසුගිය මස 17 වැනි දින බවත්, ඉන් පසුව විභාගය මේ මස 30 පැවැත්වීමට තීරණය කළ බවත් ඒ මහතා සඳහන් කළේය. 

විභාගයට සුදානම් වීම සඳහා සංවර්ධන නිලධාරීන්ට හිමිව තිබෙන්නේ ඉතාමත් කෙටිකාලයක් බවත්, සංවර්ධන නිලධාරීන් උරුමය සින්නකර ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙළට සම්බන්ධ කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් නම් ජූලි 01 වැනි දින සිට උරුමය ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බවත් හෙතෙම පවසා සිටියේය. උරුමය සින්නක් කර ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙළ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, ඉඩම් කොමසාරිස් ජනරාල් කාර්යාලය හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව යනාදී ආයතනවල සේවය කරන නිලධාරීන් යොදවා ගැනීමට රජය තීරණය කර තිබෙන බව ද චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේය.

සංවර්ධන නිලධාරි සේවාවේ පළමු, දෙවැනි හා තුන්වැනි ශ්‍රේණිවලට අදාළ කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා පනස් තුන්දහසකට අධික පිරිසක් පෙනී සිටීමට නියමිතව තිබෙන බවත්,  කාර්යක්ෂමතා කඩඉම් විභාග නිසි ලෙස නොපැවැත්වීම නිසා 2013 වසරේදී සංවර්ධන නිලධාරි සේවාවට බඳවාගත් සමහර පිරිස්වලට තවමත් පත්වීම් ස්ථිර කර ගැනීමට නොහැකි වී තිබෙන බවත් හෙතෙම පැවසීය.

 



අදහස් (0)

සංවර්ධන නිලධාරීන්ගේ කඩඉම් විභාගයට උරුමය ඔප්පු ප්‍රදානය නිසා බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 245 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 396 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site