IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


වට්ස්අප්වලින් මුදල් ඉල්ලුවට දෙන්න එපා

 


උපුල් වික්‍රමසිංහ


හදිසි අවශ්‍යතාවක් සඳහා මුදල් අවශ්‍ය බව දන්වමින් තමන් හඳුනන අයගෙන් ලැබෙන වට්ස්අප් පණිවුඩවලට ප්‍රතිචාර දැක්වීමට පෙර සාමාන්‍ය දුරකථන ඇමතුමක් ලබා දී පණිවුඩය එවූවේ අදාළ පුද්ගලයාම ද යන්න තහවුරු කර ගැනීම අතිශය වැදගත් බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ නිලධාරී චාරුක දමුණුපොළ පවසයි.

වට්ස්අප් පණිවුඩ ඔස්සේ මුදල් වංචා කිරීම් සම්බන්ධ පැමිණිලි මේ වනවිට 34 ක් ලැබී ඇති බවත් එම වංචාවලට හසුවූ ඇතැම් අය රුපියල් පනස් දහස, ලක්ෂය බැගින් මුදල් බැර කර ඇති බවත් කී ඔහු වංචාකරුවන් වට්ස්අප් ගිණුම් හැක් කර මේ ආකාරයේ පණිවුඩ යවමින් මුදල් වංචා කරන බවත් සඳහන් කළේය.

සමූහ ඇමතුමක (Conference Call) ට හෝ සූම් සාකච්ඡාවකට හෝ සම්බන්ධ වන ලෙස දන්වමින් වට්ස්අප් ඇමතුම් ලැයිස්තුවේ (Contact List) සිටින කෙනෙකුගේ නමින් (එම පුද්ගලයාගේ ගිණුමද හැක් කර ඇති අවස්ථාවක) ඇමතුමක් ලබා දීමත් ඊට සම්බන්ධ වූ පසු ලැබෙන කේත අංකය (Code) ඉල්ලා සිටීමත් එය ලබා දුන් පසු වට්ස්අප් ගිණුම හැක් කිරීමත් මේ වංචාවේදී සුලභව සිදු වන බව ද හෙතෙම පෙන්වා දුන්නේය. 

එසේ ගිණුම හැක් කළ පසු වට්ස්අප් ඇමතුම් ලැයිස්තුවේ සිටින සියලු දෙනාට හදිසි අවශ්‍යතාවකට යැයි පවසමින් (ගිණුමේ හිමිකරු සේ පෙනී සිටිමින්) මුදල් ඉල්ලා පණිවුඩ යැවීම මෙහිදී සිදු වන බව ද ඔහු කීවේය. කිසි විටෙකත් අන් අයට කේත අංක ලබා දීමෙන් වළකින ලෙස ද හෙතෙම මහජනතාවට උපදෙස් දෙයි.

 



අදහස් (0)

වට්ස්අප්වලින් මුදල් ඉල්ලුවට දෙන්න එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 155 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site