IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ලසන්ත ඝාතන පරීක්ෂණ තවම අවසන් නෑ - නීතිපති

ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සැකකරුවන් නිදොස් කිරීමක් සම්බන්ධයෙන් ඇතිවූ විරෝධතාව සහ ජනමාධ්‍ය හා සමාජ මාධ්‍යවල පළවූ කරුණු පිළිබඳ පැහැදිලි කරමින් නීතිපති දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
ගල්කිස්ස මහාධිකරණයේ නඩු අංක බී 92/2009 නඩුකරයට අදාළව නීතිපතිවරයා විසින් 2025.01.27 දිනැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරනු ලැබ ඇති ලිපියෙහි නම සඳහන් සැකකරුවන් ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සැකකරුවන් නොවන බවත් ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණ තවම අවසන්ව නැති බවත් එහි සඳහන් වෙයි.

නිවේදනයෙහි මෙසේ ද දැක්වෙයි.
”‍මාධ්‍යවේදී ලසන්න වික්‍රමතුංග ඝාතනය වී වසර 6කට පසු ව එනම් 2015 වර්ෂයේ එම ඝාතනයේ ඇසින් දුටු සාක්ෂිකරුවෙකු නොවන ඔහුගේ රියැදුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නැවත ප්‍රකාශයක් දෙන අතරවාරයේ යම් පිරිසක් විසින් 2009 වසර අගභාගයේදී තමා පැහැරගත් බවට දැනුම් දී ඇත.
එම දැනුම් දීම මත විමර්ශනයක් ආරම්භ කරමින් ඒ වන විට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කැඳවූ නඩු අංක බී 92/2009 යටතේම කරුණු වාර්තා කිරීමට පියවර ගෙන ඇත. එම විමර්ශනයේදී සැකකරුවෙකු ලෙස නම් කරන ලද ප්‍රේම් ආනන්ද උදලාගම යන අය ඉදිරිපත්වූ කරුණු අනුව සහ එම හඳුනා ගැනීම සම්බන්ධයෙන් උද්ගත වූ නෛතික දුර්වලතා හේතුකොටගෙන අපරාධ චෝදනා ගොනු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම මත නිදහස් කරන ලදී.
තවද ලසන්ත වික්‍රමතුංග ධාවනය කළ වාහනයේ තිබූ ලේඛනයක් අස්ථානගතවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විමර්ශනයේදී අත්අඩංගුවට ගත් පහත නම් සඳහන් සැකකරුවන් 
1. හෙට්ටිආරච්චිගේ දොන් නිත්සිරි සුගතපාල
2. විතාරණ ආරච්චිගේ සිරිමෙවන් ප්‍රසන්න නානායක්කාර
අපරාධ චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම මත නිදහස් කිරීමට ද තීරණය කරන ලදී. නීතිපති වෙනුවට රජයේ අධිනීතිඥ ඇන්ජලෝ වැන්හොෆ්ගේ අස්සනින් මෙය නිකුත් කර ඇත.

 



අදහස් (0)

ලසන්ත ඝාතන පරීක්ෂණ තවම අවසන් නෑ - නීතිපති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site