IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ලංකාවේ උගත්තු පිටරට ෂෙඩ්වල වැඩ

සුජිත් හේවාජුලිගේ 

ඉංජිනේරුවරුන්, නීතිඥයන් සහ ගණකාධිකාරිවරුන් ඇතුළු වෘත්තිකයන් දහසකට වැඩි පිරිසක් විදේශයන්හි අවන්හල්වල, ඉන්ධන පිරවුම්හල්වල සහ සුපිරි වෙළෙඳසල්වල සේවය කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.

වෘත්තීය තත්වයට ගැලපෙන රැකියා සොයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් ඔවුන් මෙවැනි රැකියාවන්හි නිරතව සිටින බවද  එම ආරංචි මාර්ග සඳහන් කළේය.
 
කෙසේ වෙතත් වෛද්‍ය වෘත්තිකයන් බොහෝ පිරිසක් විදේශීයන්හි එම ක්ෂේත්‍රයට අදාල රැකියාවන්හි නිරතව සිටින බව දැනගන්නට ඇත.
 
වෘත්තිකයන් බොහෝ පිරිසක් විදේශ ගතව සිටින බව පැවසෙන්නේ  රටේ ආර්ථික තත්වය හේතුවෙන් ඇති වූ පීඩා සමනය කර ගැනීම සඳහාය. මේ අතර මෙරට විවිධ  වෘත්තිකයන් පන් දහසකට වැඩි පිරිසක් මේ වනවිට විදේශ ගතව සිටින බව  රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.
 
වෘත්තිකයන් විදේශගතවීම කොරෝනාවලින් පසු වැඩි වූ බවද  එම ආරංචි මාර්ග සඳහන් කළේය.
 
විශේෂඥ වෛද්‍යවරුන්, සාමාන්‍ය වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය වෘත්තිකයන් වැඩි පිරිසක් ගොස් ඇතැයි  පැවසෙන්නේ  එංගලන්තය, ඕස්ට්‍රේලියාව යන රටවලටය.
නිර්වින්දන වෛද්‍යවරුන් වැඩි පිරිසක් එංගලන්තයට ගොස් සිටින  අතර මනෝ වෛද්‍ය විශේෂඥයන් වැඩි පිරිසක් ගොස් සිටින්නේ ඕස්ට්‍රේලියාවටය.
 
මේ අතර පෞද්ගලික රූපවාහිනී වැඩසටහනක් සමග  සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු  ප්‍රධානී මහාචාර්ය එම්. තිලකසිරි මහතා පැවසුවේ මෙරට වෘත්තිකයන් රැසක් විදේශයන්හි  ඔවුනගේ  වෘත්තීය තත්වයට නොගැලපෙන රැකියාවන්හි නිරතව සිටින්නේ යැයි ඒ රටවල මිත්‍රයන්ගෙන් දැනගන්නට ලැබුණු බවය.



අදහස් (0)

ලංකාවේ උගත්තු පිටරට ෂෙඩ්වල වැඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 612 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site