IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රිදීමාලියද්දේ අඳුරු වෙසක්

රිදීමාලියද්ද - විමුක්ති සංජය පෙරේරා 


රිදීමාලියද්ද 12 කණුව ප්‍රදේශයේ පසුගියදා ආරම්භ කළ සුරාසලට හා අලුතින් සුරාසල් කිහිපයක් ආරම්භ කිරීමට විරෝධය පළ කිරීම සඳහා වෙසක් පුන් පොහොය දා රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වෙහෙර විහාරස්ථාන රැසක වෙසක් සැරසිලි අත්හිටුවා විදුලි ආලෝකය ද නොදල්වා පන්සල් අඳුරේ තබා විරෝධතාවක නිරත වී ඇත.

පසුගිය 17 වැනි සිකුරාදා රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති රිදීමාලියද්ද ශාසනාරක්ෂක බලමණ්ඩල රැස්වීමේ දී ගත් ඒකමතික තීරණයකට අනුව රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ දැනට ආරම්භ කර ඇති සුරාසල සහ ඉදිරියේදී ආරම්භ වීමට සූදානම් සියලු සුරාසල් බලපත්‍ර අහෝසි කරන බවට ලිඛිතව දැනුම් දෙන තෙක් විරෝධතාවක නිරත වන බව රිදීමාලියද්ද ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති පූජ්‍ය අලු‍කැටියාවේ සීලවංශ හිමියෝ පැවසූහ.
වෙසක් පුරපසළොස්වක පොහොය දිනයේ කුරුවිතැන්න ශ්‍රී බෝධිරුක්ඛාරමය, ආඳාඋල්පත සුමනාරාමය, 13 කණුව ශ්‍රී චන්දානන්දාරාමය, නාගදීප පුරාණ රජමහා විහාරය, පින්නගොල්ල රජමහා විහාරය, යල්වෙල ශ්‍රී සුදර්ශනාරාමය, මහගම පුරාණ විහාරය ආදී විහාරස්ථාන රැසක මෙසේ විරෝධතා පැවැත්විණි.
රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ආඳාඋල්පත 12 කණුව ප්‍රදේශයේ දැනට පවත්වාගෙන යන ලැගුම්හලක් තුළ සුරාසැලක් ආරම්භ කර ඇති අතර මහජන විරෝධතා නොසලකා ඒ සඳහා අවසර ලබාදී ඇති අතර එම සුරාසැලට අමතරව තවත් සුරාසැල් 6ක් ආරම්භ කිරීමට නියමිතව ඇත. රිදීමාලියද්ද වැනි දුප්පත්කම උග්‍ර ප්‍රදේශයක සුරාසල් දැමීමෙන් මිනිසුන් තවත් දිළිඳු බවට පත්වෙන බව උන්වහන්සේ පෙන්වා දෙති.
කෙසේ නමුත් දැනට රිදීමාලියද්ද 12 කණුව ප්‍රදේශයේ සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් සුරාබදු බලපත්‍රයක් ලබා දී ඇති බවත්,  ආඳාඋල්පත ප්‍රදේශයේ මත්පැන්හලක් අලුතින් ආරම්භ කිරීම සඳහා අයදුම්පත් ලැබී ඇති බවත්, ඒ සඳහා ලබන ජුනි මස 6 ​ෙවන දින පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවත් බදුල්ල සුරාබදු කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. 



අදහස් (0)

රිදීමාලියද්දේ අඳුරු වෙසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site