නිමල කොඩිතුවක්කු
සමගි ජන බලවේයේ ජ්‍යෙෂ්ඨයන් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් ඉදිරි මැතිවරණ ප්‍රචාරක රැලි සහ උත්සව සඳහා සහභාගී කර නොගැනීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
පක්ෂයේ ප්‍රතිපත්තිවලට පටහැණිව කටයුතු කිරීම, පක්ෂය සහ පක්ෂ නායකත්වය විවේචනය කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයෝ මෙම තීරණය ගෙන ඇත. පක්ෂයේ ආසන සංවිධායකවරු සහ ක්‍රියාකාරීන්ගෙන් ලැබෙන පැමිණිලි සහ කරුණු සලකා බලා මෙම තීරණය ගත් බව සමගි ජන බලවේගයේ ප්‍රකාශකයෙකු ඉරිදා ලංකාදීපයට පැවසීය.
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ රාජිත සේනාරත්න යන මහත්වරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් පක්ෂයේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් එම ප්‍රකාශකයා කීවේය. එමෙන්ම ඔවුන්ට ඉදිරියේදී සමගි ජන බලවේගයෙන් හෝ සමගි ජන සන්ධානයෙන් නාම යෝජනා ලබා නොදීමට තීරණය කර ඇති බවත් ඔහු තවදුරටත් කීය.
2025 දෙසැම්බර් මස 30
76
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
729
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
352
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රාජිතට සහ ෆොනිට වේදිකාව තහනම්