සුජිත් හේවාජුලිගේ
නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභා වාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ‘කෝප් කමිටුව’ සාමාජික මන්ත්‍රී ලේඛනයට එම කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ නම ද ඇතුළත් වීම විශේෂත්වයකි.
නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභා වාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධ විමර්ශනවල දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂය ඇතුළු විවිධ පාර්ශ්වවලින් පසුගිය කාලයේ දී බරපතළ චෝදනා එල්ල විය.
පාර්ලිමේන්තුව වාර අවසාන කරනු ලැබුවේ ඔහු එම තනතුරින් ඉවත් කිරීමට බවට ද දේශපාලන ලෝකයේ මුල් කාලයේ කතා බහක් පැවතිණ.
මේ අතර, පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව‘කෝප් කමිටුව’ සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ‘කෝපා කමිටුව’ ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා 24 ක් සඳහා සාමාජික මන්ත්‍රීවරු සිකුරාදා (23) පත් කරනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd