ඉන්දික හේවාවිතාරණ
බන්ධනාගාරවල පවතින අධික තදබදය නිසා රාත්‍රියෙහි නිදාගැනීම සඳහා කාලවේලා බෙදා ගැනීමට රැඳවියන්ට සිදුවී ඇතැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සඳහන් කරයි.
2023 වසරේදී නිකුත් කළ රජයේ විගණන වාර්තාව මගින් ද බන්ධනාගාර තදබදය පිළිබඳව පෙන්වා දී ඇතත් තවමත් එම ගැටලුවට නිසි විසඳුම් ලබා දී නොමැති බව එම කමිටුවේ විධායක අධ්‍යක්ෂ, නීතිඥ සේනක පෙරේරා සඳහන් කළේය.
බන්ධනාගාර තදබදය දිගින් දිගටම ඉහළ යමින් තිබෙන බවද සිරකරුවන්ට සැලකිය යුතු ආකාරය පිළිබඳව ලෝක ප්‍රඥප්තියක් තිබියදී ද මෙරට සිරකරුවන්ගේ තත්ත්වය ශෝචනීය බවද ඔහු පැවසීය.
පවතින තත්ත්වය නිසා රැඳවියන්ගේ අයිතිවාසිකම් විශාල ලෙස උල්ලංඝනය වෙමින් පවතින බවත් අඩුම තරමින් ප්‍රමාණවත් තරම් වැසිකිළි පහසුකම් පවා නොලබෙන බවත් හෙතෙම කියා සිටියේය.
ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.
“වැසිකිළි ප්‍රමාණවත් නොවීම නිසා පෝලිම්වල සිට වැසිකිළි යාමට සිදුව තිබෙනවා. මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමු විය යුතුයි. බන්ධනාගාරවල රැඳවිය හැකි ප්‍රමාණය මෙන් තුන් ගුණයක ප්‍රමාණයක් මේ වන විට රඳවා සිටිනවා.
මෙම පිරිසෙන් අතිබහුතරයක් මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධයි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බන්ධනාගාරගත කිරීමේදී ඔවුන් විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට යොමු කළ යුතුයි. සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වන පිරිස ප්‍රජා සේවාවල යෙදවීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍යයි. දැනට කෙරෙන වැඩ ප්‍රමාණවත් නෑ.
සැකකරුවන් ලෙස අතිවිශාල පිරිසක් බන්ධනාගාර ගතව සිටිනවා. මෙම පිරිසට ඡන්ද අයිතිය ලබා ගැනීම සඳහා වසර 10ක සිට අපේ සංගමය බලධාරීන්ට විවිධ යෝජනා ලබා දී තිබෙනවා. එහෙත් තවමත් අයිතිවාසිකම ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා.
ඔවුන් සඳහා ඡන්ද මධ්‍යස්ථාන ඇති කළ නොහැකි නම් රාජ්‍ය සේවකයන්ට තැපැල් ඡන්දය පවත්වන ආකාරයට සැකකරුවන්ට හා ඡන්ද අයිතිය හිමි සිරකරුවන්ට ඡන්ද අයිතිය ලබා දිය හැකියි.”
මේ පිළිබඳව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය අංශය) ගාමිණී බී. දිසානායකගෙන් සිදුකළ විමසීමකදී බන්ධනාගාර තදබදය අවම කිරීමට අදාළ සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව පැවසීය.
රිමාන්ඩ් බන්ධනාරගත වන සැකකරුවන්ට අදාළව තදබදයක් පවතින බවත් සමස්ත බන්ධනාගරවල රැඳවිය හැක්කේ 11,395 ක ප්‍රමාණයක් වුවද 29,275 ක් රඳවා සිටින බවත් ඔහු පැවසීය. බන්ධනාගාරවල සනීපාරක්ෂක ඇතුළු අනෙකුත් පහසුකම් පිළිබඳ ගැටලු පවතින බවද හෙතෙම සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
383
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2168
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1648
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බන්ධනාගාර රුඳවියන් ෂිෆ්ටි එකට නිදා ගනිති