උපුල් වික්‍රමසිංහ
පිළිකා හඳුනා ගැනීම සඳහා කරනු ලබන පෙට් ස්කෑන් පරීක්ෂණ වෙනුවෙන් යොදා ගන්නා FDG නමැති විකිරණ මූලද්‍රව්‍ය මෙරටදීම නිෂ්පාදනය කිරීම වෙනුවෙන් කටුනායක ප්‍රදේශයේ රසායනාගාරයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපති, මහාචාර්ය තුෂාරා රත්නායක ඉරිදා ලංකාදීපයට පැවසුවාය. පෞද්ගලික ආයතනයක මූල්‍ය දායකත්වය සමග, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය විසින් එම කටයුතු සිදු කරනු ලබන බව ද ඇය සඳහන් කළාය.
එම රසායනාගාරයෙන් නිපදවන විකිරණවලින් ඕනෑම ආකාරයක පිළිකාවක් හඳුනාගත හැකි බව ද, පෙට් පරීක්ෂණ සඳහා වැය වන අධික මිල අඩු කර ගැනීමේ හැකියාව ලැබෙන බව ද කී සභාපතිවරිය, රසායනාගාරයේ ඉදිකිරීම් කටයුතු 2025 වසරේදී අවසන් කිරීමටත් 2026 මුල් කාලයේදී පළමු විකිරණ තොගය රෝහල් වෙත නිකුත් කිරීමටත් අපේක්ෂා කරන බව ප්‍රකාශ කළාය.
එම විකිරණ මූලද්‍රව්‍ය දැනට ඉන්දියාවෙන් වැඩි මුදලකට ගෙන්වන බවත්, එසේ ගෙන්වීමේදී ඒවායෙහි ආයු කාලය අඩු බවත් කී ඇය, ආනයනයේදී විකිරණවලින් සියයට 90 ක් පමණ ක්ෂය වන බවත් පෙන්වා දුන්නාය.
ලංකාවට අවශ්‍ය කරන ප්‍රමාණයට වඩා විකිරණ මූලද්‍රව්‍ය මෙම රසායනාගාරයෙන් නිෂ්පාදනය කළ හැකි බව කී ඇය, අතිරික්තය මාලදිවයිනට අපනයනය කිරීමේ හැකියාව පවතින බව ද පෙන්වා දුන්නාය.
2025 දෙසැම්බර් මස 04
513
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
475
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පිළිකා හඳුනාගැකීමේ විකිරණ මූලද්‍රවය මෙරටදීම නිපදවෙයි