IMG-LOGO

2024 මැයි මස 29 වන බදාදා


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්

සුජිත් හේවාජුලිගේ


කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු  රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මෙම බදු මුදල් අයවීමට නියමිතව ඇතැයි පැවසෙන්නේ ඉප්පන්තිව්, වෙල්ලයි, සින්න ඉරමතිව් දූපත, ඉරමතිව් බටහිර දූපත, සින්න ආරච්චල් සහ ඉරමතිව් යන දූපත්වලිනි.
මේ අතර කල්පිටියේ තවත් දූපත් හයකට අයත් ඉඩම් අක්කර 457 ක් ජනපති නිදහස් දීමනා ලෙස සංචාරක සංවර්ධන අධිකාරියට පවරා තිබුණ ද එම ඉඩම් ආයෝජන සඳහා යොමු කිරීමට වසර දහයකට වැඩි කාලයක් ගත වී තිබූ බව වාර්තා වේ දැක්වේ.
යාල සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ආයෝජකයන් තෝරා ගැනීමේ දුර්වලතා හේතුවෙන් එම ව්‍යාපෘතිය අසාර්ථක වී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ හේතුවෙන් යාල පලටුපාන සංචාරක කලාපයේ විවිධාංගිකරණය වූ පාරිසරික අත්දැකීමක් සංචාරකයන්ට ලබා දීමට තිබූ අවස්ථාව මග හැරී ගොස් ඇති බව වාර්තාව සඳහන් කරයි. 
එසේම දුන්හිඳ ඇල්ල ආශ්‍රිතව පරිසර හිතකාමී කඩ කාමර විස්සක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ද කඩ කාමර කොටසක් නිම කිරීමෙන් පසු නතර කර ඇතැයි විගණන නිලධාරීන් නිරීක්ෂණය කර ඇත. ඉදිකිරීම් ප්‍රමිතියකින් තොරවීම හා අධිකාරියේ සමීප අධීක්ෂණයක් නොමැතිවීම ඊට හේතු වී තිබූ බව විගණන වාර්තාවේ දැක්වේ.



අදහස් (0)

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්

ඔබේ අදහස් එවන්න

පුවත්

රිදීමාලියද්දේ අඳුරු වෙසක්
2024 මැයි මස 27 144 0

රිදීමාලියද්ද 12 කණුව ප්‍රදේශයේ පසුගියදා ආරම්භ කළ සුරාසලට හා අලුතින් සුරාසල් කිහිපයක් ආරම්භ කිරීමට විරෝධය පළ කිරීම සඳහා වෙසක් පුන් පොහොය දා රිදීමාලියද


තනතුර අහෝසි වුණත් මන්ත්‍රීවරියක ලෙස ඩයනා ගත් තීන්දු අහෝසි නොවේ
2024 මැයි මස 27 158 0

ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ මන්ත්‍රී ධුරය අහෝසි කෙරුණද ඇය මන්ත්‍රීවරියක ලෙස ගත් තීරණ කිසිවක් අහෝසි නොවන බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පවසති.


විසුම්පාය සුඛෝපභෝගී හෝටලයක් බවට පත් කිරීම
2024 මැයි මස 27 185 0

අවබෝධතා ගිවිසුම අස්සන් කොට වසරකට ආසන්න කාලයක් ගත වුවද, පෞරාණික විසුම්පාය ගොඩනැගිල්ල සුඛෝපභෝගී හෝටලයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය තවමත් ක්‍රියාත්මක ව


කොළඹ නගරයේ අවදානම් සහගත ගස් 277න් ඉවත් කර ඇත්තේ 80ක් පමණයි
2024 මැයි මස 27 32 0

අයහපත් කාලගුණය නිසා කොළඹ මහ නගර සීමාවේ පමණක් ගස් 20 ක් මේ ​ෙවන විට කඩා වැටී ඇති බව කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය පැවසුවාය. මේ වන තෙක් කිස


සරසවි අනධ්‍යයන සේවක වර්ජනයෙන් විභාග සහ බඳවා ගැනීම් ඇණ හිටී
2024 මැයි මස 27 19 0

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් විසින් සිදුකරන වෘත්තීය ක්‍රියා මාර්ග නිසා මේ මස 02 වැනි දින සිට විශ්වවිද්‍යාලවල විභාග පැවැත් වීම හා බඳවා ගැනීම් සම්පූර


ඉංජිනේරුවරුන් සේවය හැර යෑම සහ උපකරණ හිඟය නිසා විදුලි නඩත්තු කිරීම් අඩාළයි
2024 මැයි මස 27 7 0

විදුලිබිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමේදී අමුද්‍රව්‍ය හා ඉංජිනේරු හිඟය නිසා ගැටලු රැසක් ඇති වී තිබෙන බව විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි. බි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 999 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2564 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2191 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site