IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


තැපැල් ඡන්ද සලකුණු කිරීමට තවත් දින දෙකක්

මහින්ද නිශ්ශංක
මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට ලබා දී තිබූ 4, 5, හා 6 තෙදිනෙහි අවස්ථාව නොලද තැපැල් ඡන්ද දායකයන්ට ලබන 11, 12 යන දින දෙකේ සිය ඡන්දය සලකුණු කිරීමේ අවස්ථාව ලබා දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඒ අනුව නියම කර තිබූ දිනවල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ ඡන්ද දායකයන්ට තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට හැකි බව කොමිෂන් සභාව වැඩි දුරටත් පැවසීය. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට නියම කර තිබූ දිනවල මෙන් ලබන 11, 12 යන දින දෙකේද ඡන්ද සලකුණු කිරීම නිරීක්ෂකයන් විසින් නිරීක්ෂණය කරනු ලබන බවද ෆැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා තැපැල් ඡන්ද දායකයන් 712319 දෙනෙකු මෙවර සුදුසුකම් ලබා සිටි බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.



අදහස් (0)

තැපැල් ඡන්ද සලකුණු කිරීමට තවත් දින දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site