IMG-LOGO

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා


ජනපතිවරණයට කලින් මහ ඡන්දය තැබිය යුතුමයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ

බැසිල් රෝහණ රාජපක්ෂ

 
ඇමෙරිකාවේ මාස කිහිපයක් ගත කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ මහතා ඉකුත්දා මෙරටට පැමිණියේය. මේ ඒ මහතාගේ පැමිණීමෙන් පසු ශ්‍රී ලාංකීය දේශපාලනයේ සිදුවිය හැකි වෙනස්කම්  සම්බන්ධයෙන් ඒ මහතා විමසමින් කළ සාකච්ඡාවකි.
 
ප්‍රශ්නය: ගෝඨාභයගේ කුමන්ත්‍රණ පොත ඔබ කියෙව්වද?
 
නෑ තාම කියවන්න ලැබුණේ නෑ.
 
ප්‍රශ්නය: පොත ලියපු එක ගැන ඔබ කෝප වුණා කියලා ආරංචියි?
 
නෑ මම ඉතාම අගය කරනවා එහෙම දෙයක් කිරීම ගැන.
 
ප්‍රශ්නය: ගෝඨාභය එහෙම පොතක් ලියන බව දැනගෙන හිටියද?
 
විවිධ ආරංචි හම්බ වුණාට මේ විදියේ පොතක් වෙයි කියලා මම හිතුවේ නෑ. පසුගිය දවස්වල මම ලංකාවේ හිටියෙත් නෑනේ.
 

සංවිධාන ව්‍යුහය ජනබලය දෙකම තියෙන්නේ අපිට

 
ප්‍රශ්නය: අරගලය දේශීය හා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා ගෝඨාභය කියනවා. ඔබ ඉන්නේ ඒ මතයේමද?
 
ඒක නිවැරදි ඇති. එතුමාට පෙනුණ දේ එතුමා ලියලා තියෙන්නේ.
 
ප්‍රශ්නය: ඒ ජාත්‍යන්තර  කුමන්ත්‍රණකරුවන්ගේ නම් ගම් නෑ. ඒ ඇයි?
 
ඕක ඉතින් එතුමාගෙන් තමයි අහන්න ඕනෑ.
 
පොතේ එකතැනක තියෙනවා ‘විමල් වීරවංශ සහ උදය ගම්මන්පිලට බැසිල් එක්ක තිබුණේ පෞද්ගලික ප්‍රශ්නයක්’ කියලා ඇත්තටම ඔබල අතර තිබුණේ පෞද්ගලික ප්‍රශ්නයක්ද?
ඒක එතුමන්ලා දෙන්නාගෙන් අහන්න ඕනෑ. මගේ උත්තරයනම් මට පෞද්ගලික ගැටලුවක් තිබුණේ නෑ. හැබැයි එහෙම පෙනෙන විදියට අපි දෙගොල්ලොම හැසිරිලා තිබෙන බව මට දැන් අවබෝධ වෙනවා. ඒ කියන්නේ බැලු බැල්මට එක පාරටම හිතෙන්නේ  එහෙමයි කියලා.
 
ප්‍රශ්නය: ඔබට අනුව මුලින්ම එන්නේ ජනාධිපතිවරණයද? මහ මැතිවරණයද?
 
සමහර අය කියනවා මම ඔය ගැන ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කළා කියලා.
 
ප්‍රශ්නය: ඇත්තටම සාකච්ඡා කළානේ?
 
ඇත්තටම එහෙම කිසිම දෙයක් සාකච්ඡා කළේ නෑ.
 
ප්‍රශ්නය: නමුත් අන්තිමට වෙන්නේ ඔබට ඕනෑ දේනේ.  ඔබ කැමති මොන මැතිවරණයටද?
 
නෑ මට ඕනෑ දේ වෙන්නේ නෑ, කොහොම වුණත් මම හිතන්නේ ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්විය යුතුයි කියලා.
 
ප්‍රශ්නය: ඔබ එහෙම හිතන්නේ?
 
මම එහෙම හිතන්නේ ජනාධිපතිවරණයේදි එක ඡන්දයකින් හරි පුද්ගලයෙක් හෝ පක්ෂයක් දිනුවට පස්සේ ඊළඟට පැවැත්වෙන මහ මැතිවරණයෙන් නියම ස්වාභාවික පාර්ලිමේන්තුවක් නිර්මාණය වෙන්නේ නෑ. ජනාධිපතිවරණයෙ ජයග්‍රහණයට නැඹුරු වෙච්ච පාර්ලිමේන්තුවක් එන්නේ ඒ නිසා පළමුව තියන පාර්ලිමේන්තු මැතිවරණයකින් තමයි ‘නැචුරල්’ ඒ කියන්නේ ස්වාභාවික  අව්‍යාජ මහජන මතය පිළිබිඹු වන්නේ.
 
ප්‍රශ්නය: ඔබ ඔය ස්ථාවරයට ආවේ ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක ජනාධිපති වෙයි කියලා හිතලද?
 
නෑ මම නම් කොහොමටවත් විශ්වාස කරන්නේ නෑ එහෙම දෙයක්. මේ රටේ සංවිධාන ව්‍යුහය තියෙන පක්ෂ දෙකක් තියෙනවා. එකක් ජනතා විමුක්ති පෙරමුණ. අනික අපි පොහොට්ටුව ඒ වගේම ජන බලය තියෙන පක්ෂ දෙකක් තියෙනවා. එකක් සජබෙ අනික් එක අපි. එතකොට සංවිධාන ව්‍යුහයේ ජන බලයයි දෙකම කියෙන පක්ෂය අපි. ඒවගේම මේ රට පාලනය කරන්න ඒකට සුදුසුම පුද්ගලයා කියන පක්ෂයට ජන බලයක් නෑ. සංවිධාන බලයත් නෑ.
 
ප්‍රශ්නය: ඒ කවුද?
 
මම මේ කියන්නේ මොකද්ද කියලා ඔබට තේරෙනවනේ. ඒ ඇති.  ඒක ඉතින් මහා ප්‍රශ්නයක්.

 

මහින්දත් - මමත් රනිල් හමුවුණා

 
ප්‍රශ්නය: ඔබ මහ මැතිවරණය පළමුව තියන්න යෝජනා කරන ප්‍රධානම හේතුව පොහොට්ටුව රැකගැනීම. නැත්නම් පොහොට්ටුව කෑලි කෑලි කැඩිලා යනවා?
 
නෑ, මම කැමැති යථාර්ථවාදී නිවැරදිම මහජන මතය පිළිබිඹුවන පාර්ලිමේන්තුවක්  බිහිවෙනවා දකින්න. ඒකට පරිසරය හැදෙන්නේ....... දැන් අපි ප්‍රාදේශීය සභා ඡන්දයක් මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් දිනුවම ඊට පස්සේ තියන මැතිවරණවලින් දිනන්නේ අර දිනපු පක්ෂය. හැබැයි එහෙම නැතිව මහමැතිවරණය කලින් තිබ්බොත් නියම ගමේ නියෝජිතයා තේරෙනවා. නියම  ජනතා නියෝජිතයා ගමෙන් තෝරන්නනම් ජනාධිපතිවරණයකින් පස්සේ තියනවට වඩා හොඳයි ප්‍රාදේශීය සභා ඡන්දය තියනඑක.
 
ප්‍රශ්නය: ජනාධිපතිවරණයක් ආවොත් කවුද ඔබේ අපේක්ෂකයා. ඔහු සැඟවුණු අමුත්තෙක් කරන්න එපා?
 
මට ඒ ගැන අද කතා කරන්න බෑ. මොකද මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ ළඟදී පක්ෂයෙ අයගෙන් ඉල්ලල  තියෙනවා පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒ ගැන  තීන්දුවක් ගත්තනම් ඒ ගැන කතා කරන්න එපා කියලා. ඒක නිසා ජනාධිපතිවරණයට අපි තරග කරනවාද එහෙම නැත්නම් ස්වාධීන අපේක්ෂකයකුට උදව් කරනවද... ඒ කවුද ඒවා ගැන මට දැන් මුකුත්  කියන්න බෑ. නමුත් පක්ෂයක් හැටියට ඒ ගැන ඉතාම නිවැරැදි තීන්දුවක් ගන්නවා.
 

අපේ ජනපතිවරණ අපේක්ෂකයා තීරණය කරලා නෑ

 
ප්‍රශ්නය: ඔබේ පක්ෂයේ පතාක යෝධයකු වන ප්‍රසන්න රණතුංග කියනවා ජනාධිපතිවරණයට සුදුසුම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ කියලා.
 
ඒක එතුමගේ මතය. එතුමා ඒ ප්‍රකාශය කළාට පස්සේ තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වේ ‘ඔය ගැන කතා කරන්න එපා’ කියලා.
 
ප්‍රශ්නය: රාජපක්ෂ කෙනෙක්ම අපේක්ෂකයෙක් වෙයිද?
 
ඒකත් මට කතා කරන්න බෑ. ඒක වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්.
 
සමහරු කියනවා ඔබ මෙවර ඇමෙරිකාවට ගියේ පුරවැසිකම සම්බන්ධයෙන් තීරණයක් ගන්න කියලා.
 
ඇමෙරිකන් නීතිය නොදන්න අය තමයි ඔහොම කියන්නේ. පුරවැසිකම ඉවත් කර ගැනීමේ ලිපිය බාර දෙන්න ඕනැ ඊළඟට පුරවැසිකම ලැබෙන රටේ තානාපති කාර්යාලයට.
 
ප්‍රශ්නය:  ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකාවට ගිහින් ඇවිත්  තමයි කිව්වේ ‘මම පුරවැසිකම අත්හැරියා’ කියලා.
 
ඔව්, එහෙම ගිහින් සාකච්ඡා කරනවා. ඒත් එතුමා මෙහෙදි තමයි ලිපිය බාර දුන්නේ.
 
ප්‍රශ්නය: ඔබ කියන කාරණය සත්‍යයක් නම් ඊළඟ ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ? අගමැති අපේක්ෂක ඔබ?
 
මේ රටේ වෙන දේවල් දිහා බැලුවම විය නොහැකි දෙයක් නැත. දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා පැරදිලා පාර්ලිමේන්තුවේ එකම මන්ත්‍රී ධුරයක් වත් නැතිව මාස ගණනක් තිබිලා පාර්ලිමේන්තුවට ඇවිත් අගමැති වුණා. ජනාධිපති වුණා. ඊළඟට මන්ත්‍රීධුර තුනක් තියෙන මහජන එක්සත් පෙරමුණේ නායකයා අද අගමැති. ජී.එල්. පීරිස් මැතිතුමා අපේ පක්ෂයෙ සභාපති. අද විපක්ෂයේ. ඒ වගේ මේ දේශපාලනයේ වෙන්නේ මොනවද? කියලා කියන්න බෑ.
 
ප්‍රශ්නය:  විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැනත් කතා වෙනවා.
 
මම ඒ ගැනනම් ජනාධිපතිතුමාගෙන් ඇහුවා. ජනාධිපතිතුමා කිව්වා එහෙම කිසිම අදහසක් එතුමට නෑ කියලා.
 
ප්‍රශ්නය: ඒ යෝජනාව ඔබේ?
 
අපෝ නෑ. ඒක නම් බොරුවක්. මම එහෙම යෝජනා කළෙත් නෑ. මගේ එහෙම අදහසකුත් නෑ. ජනාධිපතිතුමා කිව්වා ‘‘කීප දෙනෙක් ඇවිත් එහෙම යෝජනාව කළත් නමුත් එහෙම දෙයක් මගේ ඔළුවේ නෑ’’ කියලා.
 
ප්‍රශ්නය: ඔබත් මහින්ද රාජපක්ෂත් ගිහින් ජනාධිපතිවරයා හමුවුණා. ඒ හමුවේ ඇත්ත අරමුණ මොකක්ද?
 
අරමුණ වුණේ මම රට යන්න දවස් දෙකකට කලින් ජනාධිපතිතුමා මගෙන් ඇහුවා ‘හමුවෙන්න පුළුවන්ද කියලා. මම කිව්වා මම ඇමෙරිකාවට යනවා. මම එන්නේ පෙබරවාරි 15 යින් පස්සේ කියලා ඉතින් මම ලංකාවට ආවේ උදේ. සවස මට ජනාධිපතිතුමා කතා කරලා කිව්වා ආවා කියලා ආරංචියි. හමුවෙමුද’ කියලා. මම කිව්වා ‘‘ඔව් මමත් බොහොම කැමැත්තෙන් ඉන්නේ’’ කියලා ඊට පස්සේ කිව්වා ‘මේ හමුවට  මහින්ද රාජපක්ෂ මැතිතුමාවත් සම්බන්ධ කරගමුද කියලා. මම කිව්වා ‘බොහොම හොඳයි කියලා ඊට පස්සෙ දවස් දෙකකට පස්සේ අපි තුන්දෙනා හමුවුණා.
 
ප්‍රශ්නය:  එහෙම නම් ඒක සාමාන්‍ය හමුවක් වෙන්න බෑ.
 
ඒ ගැන වැඩි යමක් කියන්න බෑ. නමුත් ඒ විදියට නිතර හමුවෙනවානම් ඒක ඉතාම හොඳයි කියලා මට හිතෙනවා.
 

ඡන්දය ඉල්ලන්න මගේ කැමැත්තක් නෑ

 
ප්‍රශ්නය: ඔබේ පොහොට්ටු ආණ්ඩුව පුපුරලා ගියේ එහෙම සාකච්ඡාවක් පක්ෂ නායක හමු නොතිබ්බ නිසා. ඒ වරද ඔබට දැන් තේරෙනවා  වගේ?
 
‘ඒක තේරෙනවා  නෙවෙයි ලිච්ඡවි රජ දරුවන්ට බුදුහාමුදුරුවෝ දේශනා කළේත් ‘සමගිව රැස්වීම’ සමගිව සාකච්ඡා කිරීම, සමගිව විසිර යාම’ අපරිහානී ලක්ෂණ කියලනේ. ඒ නිසා ඒක හරි..
 
ප්‍රශ්නය: ගෝඨාභයගේ පොතේ තියෙනවා ‘පක්ෂයේ නායකයා නොවීමත් ඔහුගේ අසාර්ථකත්වයට  හේතුවක් වුණා’ කියලා ඔබ ඒක පිළිගන්නවද?
 
ඒක පිළිගන්නවද නැද්ද නොවෙයි. මේ රටේ එහෙම අවස්ථා තියෙනවා. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට අගමැති ධුරය ජනාධිපති ධුරය ලැබුණත් පක්ෂයේ නායිකාව වුණේ සිරිමාවෝ මැතිනිය. ඒ වගේම දැනට අපි ආණ්ඩුවක් කරනවා. ජනාධිපති ධුරයට එක්සත් ජාතික පක්ෂයේ එකම මන්ත්‍රීවරයා පත් කරගත්තා. එතුමා අපේ සාමාජිකයෙක් නෙවෙයි. නමුත් කිසිම කරදරයක් නැතිව ආණ්ඩුව යනවා. ඒක නිසා පක්ෂ නායකත්වය නැතිවීම කියන කාරණය හොඳ ද? නරක ද කියන එක නොවෙයි.  එහෙම අවස්ථා මේ රටේ තියෙනවා. ඒත් ආණ්ඩු හොඳින් පවත්වාගෙන ගිහිල්ලත් තියෙනවා.
 
ප්‍රශ්නය: රටේ ආර්ථික අර්බුදයට ඔබත් වගකිව යුතුයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. දැන් රට මේ අර්බුදයෙන් ගොඩගන්න පක්ෂය හැටියට වැඩපිළිවෙළක් තියෙනවද?

ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ගැන මම කතා කරන්නේ නෑ. ඒ තීන්දුවේ වැරැදි තුනක් කියලා තියෙනවා. ඒ වැරදි තුනෙන් මුල් දෙකම මම පොඩ්ඩක්වත් සම්බන්ධ නෑ. තුන්වැනි එකට තමයි  පොඩ්ඩක් හරි සම්බන්ධ. ඒක වැරැද්දක් තමයි වැට් එක අඩු කිරීම ඒක කරනකොට මම පාර්ලිමේන්තුවේවත් නෑ. ඊළඟට කියනවා ගත්ත ණය ගෙවීම වැරැදියි කියලා. ඒ අනුව ණය ගත්ත මිනිස්සු නොවෙයි වැරැදි ණය ගෙව්ව කෙනයි වැරැදි. ඊළඟ එක අයි.එම්.එෆ්. එකට නොයාම. මම අද දැක්කා දැන් ක්‍රියාත්මක වෙන්නේ මම ගෙනාපු ගිවිසුමක් කියලා ඒ කියන්නේ මම ඉක්මණින් අයි.එම්.එෆ්. එකට ගියේ නෑ කියලයි. අපි අයි.එම්.එෆ්. එකට නොයාම නොවෙයි. ඒ කොන්දේසි ඔක්කොම බාර ගැනීම තමයි ගැටලුව වුණේ. අපි නිතරම උත්සහ කළේ රටට හිතකර කොන්දේසි මත ණය ගන්නයි. සාමාන්‍යයෙන් ණය නොගෙවන තත්ත්වයට රටක් වැටුණම ඊට පස්සේ අයි.එම්.එෆ්. එකට ඉබේම යට වෙනවා. හැබැයි විමල් වීරවංශ, ගම්මන්පිල, සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමන්ලාගේ මනාප සංඛ්‍යාව ඊට කලින් තිබ්බ මැතිවරණයෙදි ගත්ත මනාපවලට වඩා අඩුයි. ඒක  ජනතාව කරපු එකක්. නමුත් ඒ කට්ටිය හිතන් ඉන්නේ ඒක මම කළා කියලයි.

ප්‍රශ්නය: ඔබ එහෙම කළා?

මට එහෙම කරන්න පුළුවන්කමක් නෑ නමුත් ජනතාව තමයි ඒ තීන්දුව දුන්නේ. ඔන්න ඔයවගේ මත නිසා තමයි පෞද්ගලික ප්‍රශ්නවගේ පේන්න ගන්නේ. මටනම් එහෙම කිසිම දෙයක් නෑ. නමුත් දැන් මට තේරෙනවා අපි දෙගොල්ලන්ගේම හැසිරීම තුන්වැනි පාර්ශ්වයකට අපි හැසිරෙන්නේ කේන්තියෙන් වගේ කියලා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් එහෙම පෙනුණානම් අනිත් අයට ඊටත් වැඩියෙන් පේන්න ඇති.

ප්‍රශ්නය: ගෝඨාභය  කියනවා රාජපක්ෂවරුන් පස්දෙනෙක්ම කැබිනෙට්ටුවේ සිටීමත් ප්‍රශ්නයක් වුණා කියලා.

ඒක ඉතින් එක එක මතනේ.

ප්‍රශ්නය: පොහොට්ටුව සන්ධානයකට යනවද?

අපි ඉතින් හැමදාම ඉදිරිපත් වුණේ සන්ධාන ගත වෙලා නේ. දැනටමත් අපිත් එක්ක පක්ෂ 10ක් විතර ඉන්නවනේ.

ප්‍රශ්නය: මට මේ ප්‍රශ්නයට ඍජු පිළිතුරක් අවශ්‍යයි. ඉදිරි මැතිවරණකදි ඔබ අපේක්ෂකයකු වශයෙන් දකින්න ලැබෙනවා නේද?

මගේ අපේක්ෂාව මට උදව් කරපු කට්ටියට උදව් කිරීමයි. මට වැඩියෙන්ම උදව් කරලා තියෙන්නේ පළාත් පාලන ආයතන නියෝජිතයන්. ඒ අයට උදව් කළ යුතුයි. ඒ අයගේ ඡන්ද වැඩට උදව් කරන්න අවශ්‍යයි. පාර්ලිමේන්තු මැතිවරණයක් තිබුණොත් ඔවුන්ට උදව් කළ යුතුයි.  මම බොහොම කැමතියි ඡන්දයකට නොඉල්ලා ඉන්න.

ප්‍රශ්නය:එහෙමනම් ජාතික ලැයිස්තුවෙන් දකින්න ලැබෙයි.

මම ඉතින් අයින් වුණානේ. මම ජාතික ලැයිස්තුවෙන් ගිහිල්ලා වැඩි දවසක් ඉන්නේ නැතිව අයින් වුණා. තනතුරු ගැනීමට වඩා තනතුරු අතහැරීම රාජපක්ෂලාට හොඳට හුරුයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් වුණා.

මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉවත් වුණා. මම චමල් අයියා වගේම නාමල් රාජපක්ෂ අයින් වුණා. අත හැරීම දුක  නැති කිරීමේ මගක්. බදාගන්න ගියාම දුක වැඩි වෙනවා මිසක් නැති වෙන්නේ නෑ. ඒ නිසා ඉදිරියෙදිත් කිසිම තනතුරක් බාරගන්න මම කැමති නෑ.
 
 
සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

ජනපතිවරණයට කලින් මහ ඡන්දය තැබිය යුතුමයි

ඔබේ අදහස් එවන්න

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන අවුරුදු තුනක දී විවාද එකොළහක්
2024 අප්‍රේල් මස 26 30 0

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.


2022 සිට ලක්ෂ 7ක් රට රැකියාවලට ගිහින්
2024 අප්‍රේල් මස 26 34 0

කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 26 76 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර


යෝජිත පනතින් ලංවිම වත්කම් සියයට 75ක් පෞද්ගලීකරණය වෙනවා
2024 අප්‍රේල් මස 23 17 0

යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න


බැඳුම්කර මගඩියෙන් ඊ.පී.එෆ්. එකට වුණු අලාභය හොයන ක්‍රමය සුමන්දිරන් කියයි
2024 අප්‍රේල් මස 23 5 0

1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ


ඉරාන-ඊශ්‍රායල ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 22 4 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 361 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1756 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1589 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site