IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොළඹ නගරයේ අවදානම් සහගත ගස් 277න් ඉවත් කර ඇත්තේ 80ක් පමණයි

අමිල චින්තක ගමගේ


අයහපත් කාලගුණය නිසා කොළඹ මහ නගර සීමාවේ පමණක් ගස් 20 ක් මේ ​ෙවන විට කඩා වැටී ඇති බව කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය පැවසුවාය. මේ වන තෙක් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නැති බවද ඇය කීවාය.

මීට මාස කීපයකට පෙර කොළඹ ඩුප්ලිකේෂන් පාරේ ලංගම බස් රථයකට ගසක් කඩා වැටීමෙන් පසු කොළඹ තිබෙන අවදානම් සහිත ගස් 600 ක් පමණ තිබෙන බවට හඳුනාගත් බවත්, ඉන් අනතුරුව පේරාදෙණිය උද්භිද උද්‍යානය සමග සිදු කළ සමීක්ෂණයේදී ඉක්මනින් කපා ඉවත් කළ යුතු අනතුරුදායක ගස් 227 ක් තිබෙන බවට හඳුනා ගත් බවත් ඇය පැවසුවාය.
එම ගස්වලින් 80 ක් පමණ මේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවත්, දැව සංස්ථාව හා පෞද්ගලික අංශය එක්ව ඉතිරි අනතුරුදායක ගස්ද ඉක්මනින් ඉවත් කරන බවත් භද්‍රානි මහත්මිය පැවසුවාය .
මුලින්ම අනතුරුදායක බවට හඳුනාගත් ගස් 600 අතුරින් 300 ක් පමණ අතු සමබරකර අනතුරුදායක බවින් මුදවා ගැනීමට කටයුතු කරමින් සිටින බවද ඇය කීවාය. මේ දිනවල වැටී තිබෙන ගස් බොහොමයක් කලින් අනතුරුදායක ලෙස හඳුනාගත් ගස් නොවන බවද එසේ වී තිබෙන්නේ තද සුළං සහ ඇද හැලෙමින් පවතින දැඩි වර්ෂාපතනය නිසා බවද කොළඹ නාගරික කොමසාරිස්තුමිය පැවසුවාය.
ඉතා ඉක්මනින් ම අනතුරුදායක ගස් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බව ඇය පැවසුවාය. මේ දිනවල වැස්සට ගස් කඩා වැටීම නිසා මරණ කීපයක්ම වාර්තා වූ අතර, ඒ සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතාගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ ගස්වලට යට වී මිය ගිය ප්‍රමාණය සම්බන්ධව වාර්තාවක් තවම ලැබී නැති බවය.

 



අදහස් (0)

කොළඹ නගරයේ අවදානම් සහගත ගස් 277න් ඉවත් කර ඇත්තේ 80ක් පමණයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site