උපුල් වික්‍රමසිංහ
පැවති අධික වර්ෂාව නිසා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින කුඩා වැව් 248 ක බැමි කැඩීගොස් ඇති බව ද තවත් කුඩා වැව් 341 ක් අවදානම් මට්ටමට පැමිණ ඇති බව ද ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් යූ. බී. රෝහණ රාජපක්ෂ ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.
බැමි කැඩී ගිය කුඩා වැව්වලින් 56 ක් වව්නියාව දිස්ත්‍රික්කයේ ද 55 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද පිහිටා ඇතැයි කී හෙතෙම ඒවායෙන් ජන ජීවිතයට හානි සිදු වූ බවක් මෙතෙක් වාර්තා වී නැතැයි ද සඳහන් කළේය. ජලය බැස ගිය පසු ඒවායෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.
ජල ධාරිතාව උපරිම මට්ටමට පැමිණීම නිසා අවදානම් තත්ත්වයේ පසුවෙන කුඩා වැව් 341 ක් හඳුනාගෙන ඇති බවත් එයින් 152 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති බවත් තවත් වැසි පතිතවුවහොත් ඒවායෙහි බැමි කැඩී යෑමේ අවදානමක් ඇති බවත් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කීවේය.
2025 දෙසැම්බර් මස 18
186
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඩා වැව් 248ක බැමි කැඩිලා: 341ක් අවදානමේ - ගොවිජන කොමසාරිස් රෝහණ රාජපක්ෂ