IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු වෙනසක් නෑ

ඉන්දික හේවාවිතාරණ

ඉන්ධන මිල අඩු වුවත්, බස් ගාස්තු, පාසල් ප්‍රවාහන රථ ගාස්තු, ත්‍රිරෝද රථ ගාස්තු, කාර්යාල සේවක ප්‍රවාහන ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බව ප්‍රවාහන වෘත්තීය සංගම් පෙන්වා දෙයි.

30 රාත්‍රියේ දී ඩිසල් ලීටරයක මිල රුපියල් 27කින් අඩු වුවත්,මීට පෙර අවස්ථා දෙකකදී ඩීසල් ලීටරයක මිල රැපියල් 15කින් ඉහළ ගිය බවත්, එම අවස්ථාවේදී බස් ගාස් ඉහළ දැමීමට කටයුතු නොකළ බවත් සමස්ත ලංකා බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේය.


මේ අනුව ඩීසල් ලීටරයක මිල සැබෑ ලෙස අඩුව ඇත්තේ රුපියල් 12ක මුදලකින් පමණක් බවද ඒ මහතා පවසා සිටියේය.


ඉන්ධන මත සියයට 18 ක වැට් බද්දක් ජනවාරි මස සිට පනවන බවට ආණ්ඩුව සඳහන් කරන බවත්, සියයට18 බදු පැනවීමට කටයුතු කළහොත්, අවම බස් ගාස්තුව රුපියල් 30 සිට 40 දක්වා රුපියල් 10කින් ඉහළ දැමීමට සිදුවන බවත් ඔහු සඳහන් කළේය. එතැන් පටන් ගාස්තුව සියයට15 ත් සියයට20 ත් අතර ප්‍රමාණයකින් ඉහළ දැමීමට සිදුවන බවද පවසා සිටියේය.


රුපියල් 27කින් ඩීසල් මිල අඩු වුවත්, පසුගිය අවස්ථා දෙකකදී ඩීසල් මිල රුපියල් 5ක් හා 10ක් වශයෙන් ඉහළ ගොස් තිබෙන බවත්, මේ නිසා  ඉන්ධන මිල අඩුවීමේ ප්‍රතිශතය සියයට1.4 ක් බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.


බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුව ඉන්ධන ගාස්තු  ප්‍රතිශතය සියයට4 කින් අඩු වුවහොත්, බස් ගාස්තු අඩු කිරීමට හැකි බවත්, මේ අනුව ඩීසල් ලීටරයක මිල යළිත් රුපියල් 15ත් 20ත් අතර ප්‍රමාණයකින් අඩු වුවහොත්, බස් ගාස්තු අඩු කිරීමක් සිදුකළ හැකි බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
ඩීසල් ලීටරයක මිල සැබෑ ලෙස අඩු වී තිබෙන්නේ රුපියල් 12කින් නිසා පාසල් ප්‍රවාහන රථ ගාස්තු, කාර්යාල සේවා ප්‍රවාහන ගාස්තු හා ඩීසල් භාවිත කර ධාවනය වන ත්‍රිරෝද රථවල ගාස්තු අඩු කළ නොහැකි බව ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි.


ඔක්ටේන් 92 ප්‍රෙටරල් ලීටරයක මිල රැපියල් 10කින් අඩු වී තිබෙන බවත්, එහෙත් පෙට්‍රල් මිල අවස්ථා ගණනාවකදී ඉහළ ගොස් තිබෙන බවත්, මේ නිසා මෙම අවස්ථාවෙදී ත්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීමක් සිදු නොවන බවද එම සංගමයේ සභාපති සම්පත් රණසිංහ මහතා සඳහන් කළේය.



අදහස් (0)

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු වෙනසක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 257 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site