IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


ආණ්ඩුවට කෝටි ලක්ෂයක බදු පොලු

දේශීය ආදායම් බදු​ පොල්ල රුපියල් කෝටි 90,343ක්

රේගු සහ සුරා බදු පොල්ල කෝටි 1,294ක්

ගුණසිංහ හේරත් 

දේශීය ආදායම්, රේගු සහ සුරා බදු දෙපාර්තමේන්තු මගින් අය කරගත යුතු වුවත් දැනටත් අය කරගෙන නැති බදු ප්‍රමාණය රුපියල් කෝටි ලක්ෂයකට ආසන්න බව ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ පළමු වැනි වාර්තාවෙන් හෙළි කරයි.

ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා විසින් ඒ වාර්තාව පාර්ලිමේන්තුව ඉදිරිපත් කරනු ලැබ තිබෙන්නේ 2023 සැප්තැම්බර් 06 වැනිදාය. 


සුරාබදු දෙපාර්තමේන්තුව මගින් ඒ කාරක සභාවට ඉදිරිපත් කර තිබෙන  තොරතුරුවලට අනුව 2023 ජූනි 30 වැනිදා වනවිට ඒ දෙපාර්තමේන්තුවට අය විය යුතු එහෙත් ඒ වනවිටත් අය කරගෙන නැති බදු ප්‍රමාණය රුපියල් කෝටි 623කි. ඒ කෝටි 623ට හිඟ බදු මුදල සහ ප්‍රමාද ගාස්තු ද ඇතුළත් වෙයි. ඒ මුදල් අය විය යුත්තේ මත්පැන් නිෂ්පාදන සමාගම් දහයකිනි. ඒ සමාගම් 10 අතර මත්පැන් නිපදවන සමූපකාර සමිතියක් ද වෙයි. 1997 සිට බදු ගෙවා නැති එක් සමාගමකින් අය වියයුතු හිඟ බදු මුදල සහ ප්‍රමාද ගාස්තුව රුපියල් කෝටි 110කි. 


රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා 2023 අගෝස්තු 03 වැනිදා ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිම්න්තු කාරක සභාවට ලිඛිතව දන්වා ඇති තොරතුරුවලට අනුව 2023 ජූනි 30 වැනිදා වනවිට ශ්‍රී ලංකා රේගුව මගින් අය කරගෙන නැති හිඟ  බදු ප්‍රමාණය රුපියල් කෝටි 671කි. ඉන් රුපියල් කෝටි 17ක් පිළිබඳ සිද්ධියක් අවුරුදු 15කට වඩා පැරැණිය. කෝටි 59කට සම්බන්ධ සිද්ධි 6ක් අවුරුදු 10 සිට 15ක් තරම් පැරැණිය. තවත් රුපියල් කෝටි 167කට සම්බන්ධ සිද්ධි ගණන 15කි. ඒවා අවුරුදු 05 සිට 10ක් තරම් පරණය. අය විය යුතු තවත් රුපියල් කෝටි 427කට සම්බන්ධ සිද්ධි ගණන 37කි. ඒ සියල්ල අවුරුද්දක සිට අවුරුදු පහක් දක්වා පරණය. ඒ  තොරතුරුවලින් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකා රේගුව ඇතැමුන්ගෙන් අවුරුදු 15කට වැඩි කාලයක සිට බදු අය කරගෙන නැති බවය. 


දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා 2023 ජූලි 31 වැනිදා ක්‍රම සහ  විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ලිඛිතව දන්වා ඇති පරදි 2022 දෙසැම්බර් 31 වැනිදා වනවිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් අය කරගත යුතු වුවත් ඒ වනවිටත් අය කර නොගත් බදු මුදල රුපියල් කෝටි 90,434කි. (අනූ දහස් හාරසිය තිස් හතරකි) ඒ මුදල අතරට හිඟ බදු මුදල සහ දඩ හා පොලිය ද ඇතුළත්  වෙයි. 


ඒ අනුව රජයට බදු ආදායම් එකතු කර දෙන ප්‍රධාන දෙපාර්තමේන්තු තුන මගින් මේ වනවිට එකතු කරදී නැති මුළු බදු ආදායම රුපියල් කෝටි 91,720කි. ඇතැම් පුද්ගලයන්ගෙන් සහ සමාගම්වලින් අය කරගත යුතු බදු නිසි කලට වෙලාවට අයකර ගැනීමට නොහැකිව ඇත්තේ නඩු නිසා බවද ඉහත කී දෙපාර්තමේන්තු තුන මගින් ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට ලිඛිතව දන්වා ඇති තොරතුරුවල සඳහන් වෙයි.

 

 

 



අදහස් (0)

ආණ්ඩුවට කෝටි ලක්ෂයක බදු පොලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 591 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 503 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 429 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site