අමිල චින්තක ගමගේ
වෙළෙඳපොළේ නාඩු හිඟයක් පවතින හෙයින් එයට කඩිනම් විසඳුමක් ලෙස නාඩු හාල් මෙට්‍රික් ටොන් 70,000 ක් ඉදිරියේදී ඉන්දියාවෙන් අනිවාර්යයෙන් මෙරටට ආනයනය කරන බව කෘෂිකර්ම, පශු සම්පත්,
ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත පසුගිය 22 වැනිදා නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න වැඩ බාරගැනීමේ
අවස්ථාවේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.
පසුගිය කාලයේ නාඩු සහල් රටේ නිෂ්පාදනය වුණත් ඒවා වෙළෙඳපොළට ඇවිත් නෑ. ‘ඒ නිසා අපි
අනිවාර් යයෙන්ම ඉන්දියාවෙන් හාල් ගේනවා. ඒ සම්බන්ධයෙන් පාරිභෝගික අමාත්‍යාංශයත්, කෘෂිකර්ම අමාත්‍යාංශයත් එකතුවෙලා ඊළඟ කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා යැයි’ ඔහු කීය.
මෙය සදාකාලිකව ගන්නා තීන්දුවක් නොව ඒ මොහොතේ ඇති ෙවන ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගයක් බවද ඔහු පැවසීය. ඉදිරි උත්සව සමය ෙවන විට ප්‍රමාණවත් සහල් තොග වෙළෙඳපොළට නිකුත් කිරීම පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයේ හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ අරමුණ බව ඔහු සඳහන් කළේය. මහ පරිමාණ මෝල් හිමියන් සමග ප්‍රශ්නයක් නැති වුවද හාල් තිබිය යුත්තේ ඒ අය ළඟ බව අමාත්‍ය ලාල් කාන්ත කීවේය. ඉදිරියේදී ගොවියාට මෙන්ම පාරිභෝගිකයාට අසාධාරණයක් නොකරන බවද අතරමැදියන්ට ගසා කෑමට ඉඩ නොදෙන බවද අමාත්‍යවරයා පැවසීය.
ඉදිරියේදී වී අලෙවි මණ්ඩලය හරහා වී තොග රැස් කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා ගබඩා පහසුකම් වැඩි කරන බවත් ඔහු කීවේය. එමෙන්ම සුළු පරිමාණ හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ ගැටලු විසඳන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
677
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනිවාර්යයෙන් හාල් පිට රටින් ගේනවා කෘෂි කර්ම ඇමති ලාල් කාන්ත