

ජනප්‍රිය විකට නළු නිහාල් සිල්වා නොහොත් සාජන්ට් නල්ලතම්බි ඝාතනය
දිනය : 1989 දෙසැම්බර් 3
ස්ථානය : දෙහිවල විලියම්ස් හන්දිය
සිදුවීම : මොටර් රථය අණ නොතකා දාවනය කලායැයි පවසා හිසට වෙඩි තබා ඝාතනය කිරිම.
පසුබිම් කතාව:
නිහාල් සිල්වා 1954 ජනවාරි මස 10 වැනිදා කිරුළපන දිළිඳු පවුලක උපත ලැබු අයෙකි.ඔහුගේ පියා දුම්රිය කම්කරුවෙක් සහ මව සාත්තු සේවිකාවක් වූහ.කිරුළපන වෙසක් නාට්‍ය ඔස්සේ රංගන දිවියට පිවිසි ඔහු පසුව බොරැල්ල YMB සහ සුදර්ශි රංගන මධ්‍යස්ථාන ඔස්සේ වෙදීකාවට ප්‍රවිෂ්ට විය.ඔහු විසින් නිර්මාණය කළ සාජන්ට් නල්ලතම්බි නාට්‍ය අතිශයින්ම ජනප්‍රිය වුණු අතර එය වසරේ දින 365ම දර්ශන වාර දෙක බැගින් ප්‍රදර්ශනය කර තිබේ.දවාලේ පායන චන්ද්‍රයා මේ ආවා මේ ආවා ගීතය ඔබට මතක ඇතැයි සිතමි.
අසූව දශකයේ ශ්‍රිලංකාවේ සුපස්ටාර් ඔහුයි.කෙසේ නමුත් ඔහුගේ ඉරණම වෙනස්වන්නේ ඔහුගේ මෙම නාට්‍ය එවකට අගමැති රණසිංහ ප්‍රේමදාස දැකිමෙන් පසුවයි.ඉතා සුක්ෂම කපටි මොළයක් තිබු අගමැති ප්‍රේමදාස ඔහුගේ දෙශපාලන ප්‍රචාරයන්ට යොදාගැනිමට නිහාල් සිල්වා වෙත ළංවීය.ඔහු කිරුළපන කුණුකන්ද වත්තට යාබද වත්තේ සිටි නිහාල් සිල්වාගේ නිවෙසටම පැමිණ ඔහුට මේ පිළිබඳව ආරාධනා කළ අතර දරිද්‍රතාවෙන් පිරි පවුලක සිටි නිහාල් සිල්වා සිතුයේ මෙය තමාට ලැබු වාසනවක් කියාය.මේ අතර 1988 ජනාධිපතිවරණය පැමිනුණු අතර එ.ජා.ප අපේක්ෂකයා ලෙස රණසිංහ ප්‍රේමදාසත් ශ්‍රි.නි.ප අපේක්ෂකයා ලෙස සිරිමාවෝ බණ්ඩාරනායකත් නම් කොට තිබුණි.එම කාලය දෙශප්‍රේමි සංවිධානවල ක්‍රියාකාරකම් සහ රජය එයට දැක්වු දරුණු ප්‍රතිවිරෝධයත් නිසා රටම ගිනියම් වි තිබුණු යුගයක් විය.ජනාධිපති මැතිවරණ ප්‍රචාරක වැඩවලදි ප්‍රේමදාසගේ ප්‍රධාන කථිකයා වුණේ නිහාල් සිල්වායි.මෙහිදි ප්‍රේමදාසගේ කතාවට පෙර නිහාල්ගේ කතාව යොදාගත්තේ ජනතාව රඳවා ගැනිමටයි.හාත්ස්‍ය උත්පාදන නළුවකු වුණ නිහාල් උපහාසයෙන් නිර්දය ලෙස සිරිමාවෝ මැතිනිය විවේචනය කළ අතර බිංදුමති,මුණ කචල් වැනි වදන් ඔහු යොදාගන්නා ලදි.බොහෝවිට නිහාල් සහ ප්‍රේමදාස එකම හෙලිකොප්ටරයේ රැස්වීම් සඳහා සහභාගි වූහ.මැතිවරණයෙන් රණසිංහ ප්‍රේමදාස ජයග්‍රහණය කළ අතර නිහාල් සිල්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ධුරයට පත්වුණු අතර ඔහු රජයට බදු ගෙවු එකම නළුවා බවට පත් විය.එවකට ආරක්ෂක ඇමති රංජන් විජේරත්නගේ උපදෙස් පරිදි ඔහුට ගිනි අවි පුහුණුවක් සමග පිස්තෝලයක් සහ ආරක්ෂක නිලධාරියකු පවා ලබා දී තිබුණි.
ජනාධිපති ප්‍රේමදාස සහ නිහාල් සිල්වා ගැටුම.
නිහාල් සිල්වා සැමවිටම සිතා සිටියේ මැතිවරණ ජයග්‍රහණයයේ ප්‍රබල කොටසක් වුයේ ඔහු බවයි.මෙය ඔහු මත්පැන් පානය කළ අවස්ථාවල ප්‍රසිද්ධියේ පවසා ඇත.ඔහුට රජගෙදර දොරටුව නිරන්තරයෙන් විවර විය.ඔහු එහි යන අවස්ථාවල ජනාධිපති ආර්‍යාවගේ හැසිරීම නිහාල්ට රුස්සා නැත.පෑලියගොඩ අයිස්ක්‍රීම් කඩයක කැෂියර්වරිය රාජ තේජස පාන ආර්‍යාවක් වීම නිහාල්ට රිස්සුයේම නැත.විධිමත් අධ්‍යාපනයක් නොලැබ සිටි මොහු මත්වු සැමවිටම ඔහුගේ භාෂාවෙන් රජ පවුල දැඩිව විවේචනය කිරිමට පටන් ගත්තේය.මෙය කේලම්කරුවන් මාර්ගයෙන් ජනාධිපති ප්‍රේමදාසගේ කනට වැටුණි.තමාට කෙතරම් උදව් උපකාර කළත් තමා රජවුණු පසු ඔහුට තර්ජනයක් වන ඔනෑම දෙයක් නැති කිරිම බහුතර දේශපාලකයන්ගෙ සිරිතයි.
1989 දෙසැම්බර් 3 වැනිදා මැදියම් රැයේ බොරැල්ල තිබු ඔහුගේ නාට්‍යයක් අවසන්වී ඔහු සමග සිටි සහෝදර ශිල්පින් හතරදෙනකු සමග ඔහුගෙ මොටර් රථයෙන් පිටවී තිබුණේ දෙහිවල සිටි ඔහුගේ එක් නාට්‍ය ශිල්පියෙකු ඇරලිමටයි.ඔහු ඇරලවා එන අතරතුරදී දෙහිවල විලියම්ස් හන්දියේදි නිහාල් වෙඩි පහරකට ලක් විය.අනෙකුත් ශිල්පින් තුන්දෙනා දැඩි නින්දක සිටි අතර රථය ලයිට් කනුවක වැදි නතර වී තිබේ.එවිට අවදිවුණ අනෙක් තිදෙනා බලන ව්ට නිහාල් සුක්කානම මත හිස තබාගෙන ඉද ඇත.ඔහුව එසැවීමට හදනවිට ඔවුන් දැක ඇත්තේ නළලේ හරි මැදින් ඇතුළු වුණ උණ්ඩය ඔහුගේ හිසේ පිටුපස කොටසක් කඩාගෙන පිටවී ඇති බවයි.පසු දින රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ ඊයේ රාත්‍රියේ අණ නොතකා ධාවනය වුණු රථයකට දෙහිවලදි ගුවන් හමුදාව වෙඩි තබා ඇති බවත් පසුව බලන විට එම රථය පදවා ඇත්තේ නිහාල් සිල්වා කලාකරුවා බවය.මෙහි විශාල ප්‍රශ්න ගණනාවක් මතුවන්නේ රථයක් අණ නොතකා ධාවනය වන විට වෙඩි තැබුවානම් උණ්ඩය ඇතුළු විය යුත්තේ හිසේ පසු පසිනී.පැත්තකින් වෙඩි තැබුවානම් උණ්ඩය පැත්තකින් ඇතුළු විය යුතුය.රථයේ අනෙක් තිදෙනාට කිසිදු අනතුරක් නොවි තනි උණ්ඩයකින් නළල මැදටම වෙඩි තැබුවේ කෙසෙද?
නිහාල් සිල්වාගේ අවමඟුලට සහභාගි වු ජනපති ප්‍රේමදාස නිහාල් සිල්වාගේ මවට නිවෙසක් දි පිටවී යන ලදි.නඩුත් නැත.බඩුත් නැත.පසුකලක ජයලත් මනෝරත්නයන් නිර්මාණය කළ "අන්දරේලා" වේදිකා නාට්‍යයට ප්‍රස්තුතය වුණේ මෙම නිහාල් සිල්වාගේ කතා පුවතයි.බොහෝ රජ ගෙදර අන්දරේලාට අත්වන්නේ එම ඉරණමයි.ජැක්සන් ඇන්තනිගෙයි රාජපක්ෂගෙයි කතාව කෙසේ අවසන් වුවාදැයි මම නොදනිමි.
නුතන යුගයේ අපට සිටි චාලි චැප්ලින් කෙනකු අපට අහිමි විය.සැන්ඩෝ හැරිස්,දීපාල් සිල්වා පසුව ඔහු අනුකරණය කළත් නැවත බොහෝ කාලයක් යනතුරු නිහාල් සිල්වා කෙනකු බිහි නොවණු ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.