IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


මගේ කොලමට වහ වැටුණු දේශපාලකයෙක් කර් එකකුයි ලක්ෂයකුයි තෑගි දුන්නා - චින්තන ජයසේන

සාහිත රසකතා

 

ප්ලග්  නැත

බ්ලේඩ්  නැත 

මෙන්න   කොලම

දැන්  කඩවල  

රටක් පුරාා ගෙනියන්න

අතක් පුරා අරගන්න

චින්තන ජයසේන තම කොලම පුවත්පතට ලබා දුන් පූර්ව ප්‍රචාරක පෝස්ටරය යි ඒ. කොලම වෙනස් ආකාරයක  පුවත්පතක් විය.

කොලමේ ප්‍රමාණය අනෙක් පුවත්පත්වල ප්‍රමාණයට වඩා වෙනස්ය.එය පාඨකයන්ට ද අලුත් අත්දැකීමක් විය.

එය  A4 ප්‍රමාණයේ පුවත්පතක් විය.

A4  සයිස් එක ගැන හිතුවම චින්තනට ඊළඟට හිතුණේ ඇයි මේක සාමාන්‍ය පත්තරයක කොලමක් තරමක දිගට ගන්න බැරි කියලා.

එම ප්‍රමාණය ඔහුගේ හිතේ තිබූ මානසික පසුබිම වූ අතර ඊට වඩා එයට බලපෑවේ ආර්ථික හේතුය.
චින්තන ජයසේන කොලම පටන් ගත්තේ අතේ සල්ලි තියාගෙන  නොවේ.
අලුත් මුද්‍රණ කඩදාසි ලබා ගැනීමට ඔහු ළඟ මුදල් තිබුණේ ද නැත.

පත්තර  ඕෆ්කට් රාත්තල සත පහළොව ගානේ අරගෙන ,බොරැල්ල මාධව ප්‍රෙස් එකට දීලා ඔහු කොලම ගහ ගත්තේය.

කොලම ප්‍රින්ට් කරන්න ප්‍රෙස් එකට දුන්නේ රුපියල් දහයක් පහළොවක් වගේ ගණනකි.

මට සල්ලි නැති නිසා ඕෆ්කට් අරගෙන කොලම ගැහැව්වා. ඉතින් ඒකේ සයිස් එක මිනිස්සු හිතුවා මගේ අලුත් අත්හදා බැලීමක් කියලා.

මුලින්ම සත දහයක් වැනි චූටි මුදලකට අලෙවි කළ කොලම බම්බලපිටියේ ලියනගේ සහෝදරයන් එක කලාපයකින් පිටපත් දහ දාහක් වික්කේය.

පැවතුණු  දේශපාලන ක්‍රමයේ සමහර දේශපාලකයන්ගේ කැත කුණු පිරුණු නිරුවත කොලම තුළින් ආවරණය කළේය.ඒ කාලේ දේශපාලකයෝ ඔහුට  එරෙහිව  නඩු පැවරූහ.
නමුත් කොලම යන පිළිවෙල වෙනස් වුණේ නැත.

පසුව ඒ දේශපාලකයාම සොත්ති උපාලිට කොන්ත්‍රාත්තුවක්දී චින්තන මැරීමට උපදෙස් දුන්නේය.

රටේ ඉහළම තැනක සිටින දේශපාලකයා දුන්න කොන්ත්‍රාත් එකට වුණත්  සොත්ති උපාලි චින්තන  මැරුවේ නැත.

මේ පහළින් පළවෙන්නේ එදා ජනප්‍රිය පුවත්පතක් වූ "කොලම"පිළිබඳ චින්තන ජයසේන  සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකි.

 

මුලින්ම අපි "කොලමට" මූල්‍ය අනුග්‍රහකයෙක් ලැබුණු හැටි කතා කරමු.

දවසක් හැරිස් හුරුගල්ල මට පණිවිඩයක් එවලා තිබුණා එයාව හම්බවෙන්න එන්නැයි කියලා.ඉක්මනටම එන්නැයි කියලයි තිබුණේ.
මම ඒ වෙලාවේ හිටියේ අත්කොට කමිසෙකුයි කොට කලිසමකුයි ඇඳලා
රබර් ස්ලිපර්ස් එකක  අණ්ඩක් කැඩිලා හරණෙල් කට්ටක් ගහලයි තිබුණේ.
මම එහෙමයි හැරිස් හුරුගල්ලෙ හම්බවෙන්න ගියේ.

මට එතැනදී අමින් වීරසිංහ  අඳුනගන්න ලැබුණා.

මම චින්තනගෙ කොලමට හරි කැමතියි. යමු .අපේ ගෙදර ගිහිල්ලා කතා කරමු කියලා  ....... අමීන් වීරසිංහ කිව්වා .
අපි අමීන්ගේ ගෙදරට ගියා.

පුංචි සෙට් වීමකින් පස්සේ අමීන් ඇහුවිවා කොලම එයා බාරගන්න, මාසෙකට රුපියල් විසිපන්දහක පඩියට වැඩ කරන්න කැමති ද කියලා.

මට උඩ බිම බැලුණා ..මොකාටද මේ එන්නේ කියලා..

නුපුරුදු දීගෙට වැඩිය පුරුදු 
කණවැන්දුම හොඳයි කියලා කියනව නේ ඒක නිසා මම ඒකට කැමති වුණේ නෑ.

.........ලකී ප්ලාසාඑකේ කාමරයක් දෙන්නම් චින්තනට වැඩ කරන්න.........අමීන්   කිව්වා.

ටික වෙලාවක් කතා කර කර ඉඳලා මම යන්න නැගිට්ටා.

චින්තන හම්බවුණු මුල්ම දවසනේ මෙන්න මගේ පොඩි තෑග්ගක් කියලා පුංචි ලියුම් කවරයක් මගේ අතට දුන්නා.

මම යන්න හැරිලා බැලුවා  කාර් එකක   යතුරක් ඒක ඇතුළේ තිබුණා.

බලන්න හොඳද කියලා, මා පසු පසින් ආ අමීන් ඇහැව්වා .

මම ඉස්සරහ සීට් එකේ නැගලා ඩ්‍රයිවර් සීට් එකේ ඉඳගත්තා.

චින්තන ඔය කැබින්හෝල් එකේ දුවට පුංචි තෑග්ගක් ඇති. මම කාර් එක ස්ටාර්ට් කරද්දි අමීන් කිව්වා.

ටිකක් දුර ඇවිල්ලා මම කාර් එක නතර කරලා කැබින් හෝල් එක ඇරලා බැලුවා.

මට හිතුණේ දුවට චොක්ලට් පෙට්ටියක් වගේ දෙයක් ඇති කියලා.

ඒත් ඒකෙ තිබුණේ අලුත්ම දාහේ කොලවලින් රුපියල් ලක්ෂයක මුදලක් .

මට දැන් හරියට හිතට සැකයි .ඒ වගේම බයයි.

මාව අල්ලස් දෙපාර්තුමේන්තුවට අල්ලන්න කරපු ප්ලෑන් එකක්ද කියලත් හිතුණා.

මම කෙළින්ම මගේ මිතුරෙකු වන ප්‍රේම් දිසානායක හම්බවෙලා ඒ රුපියල් ලක්ෂය මිනිහා ළඟ තියලා, මිනිහගෙන් රුපියල් 5000ක් ඉල්ලගෙන ගෙදර ගියා.

එච්චර කාලයක් මම කොලමේ වැඩ කළේ මගේම ගෙදර ඉඳලයි. අමීන් වීරසිංහ හින්දා කොල්ලුපිටියේ   ලකී ප්ලාසා එකේ කාමරයක් ලැබුණා.

එයින් ටික කාලෙකට පස්සේ හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරයකු වූ මියගිය උපාලි සිල්වයි මායි පොඩි සංචාරයක් ගිහිල්ලා කලා වැවේ නාමින් ඉද්දි ආරංචි වුණා රටේ අර ඉහළ දේශපාලකයා හදිසියේම මිය ගියාය කියලා.

අපි ඉක්මනට කොළඹට ආවා. රටේ සත්‍යය කොයි විදිහක් ගනියිද කියලා බලන්න.

ටික දවසකට පස්සේ මම අමීන් වීරසිංහ මුණගැහිලා ඇහැව්වා රටේ දේශපාලන වාතාවරණය වෙනස් වුණා නිසා එයාගේ ව්‍යාපාරවලට මොනවා වෙයිද කියල.

.චින්තනට ඔතනම හිටිය හැකියි.මගේ ව්‍යාපාරයත් එහෙමම කළ හැකියි. ......අමීන් කිව්වා.

එදා තමයි අමීන් වීරසිංහ මට කිව්වේ මට කාර්යාලය දෙන්නත් කාර් එක දෙන්නත් රුපියල් ලක්ෂයක් දෙන්නත් කිව්වෙ අර මියගිය දේශපාලනඥයා කියලා

මා මරන්න සොත්ති උපාලිට කොන්ත්‍රාත් එක්ක දුන්නෙත් ඒ දේශපාලකයාම තමයි

කාලයක් කුමාර් රූපසිංහ  සිටින ජන වේගය කියලා බණ්ඩාරනායකලාට විරුද්ධ ව්‍යාපාරයක් පටන් අරගෙන තිබුණා.

දවසක් සිරි කාරියකරවන   ඇවිල්ල මට කිව්වා අනුර බණ්ඩාරනායකට උඹව මුණගැහෙන්න අවශ්‍ය වෙලා තියෙනවා අරලියගහ   මන්දිරියට එන්න කියලා.

මම කොල්ලුපිටියෙ ත්‍රීවිල් සුගතෙ එක්ක අරලියගහ මන්දිරියට ගියා.

අනුර ඇහැව්වා කුමාර් රූපසිංහට විරුද්ධව කැලෑ පත්තරයක් ගහන්න පුළුවන්ද කියලා.

මම කිව්වා කැලෑ පත්තරයක් මොකටද සර්,  හරි පත්තරයක් ගහමු කියලා. ඔක්කොම ඒ අදහසට කැමති වුණා.

පත්තරේට දාන්න ඕන නම මොකක්ද කියලා කට්ටිය සාකච්ඡා කළා.

පත්තරේට "අද" කියන නම හොඳයි කියලා මම යෝජනා කළා.

හැමෝම එය අනුමත කළා.

එහෙමයි" අද "පත්තරේ පටන් ගත්තේ

ඔහොම කාලයක් ගියා.

චන්ද්‍රිකා බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පැත්තකට කිරීමේ ව්‍යාපාරයක් තිබුණා .ඒ දේශපාලන අරමුණක් තිබුණු ව්‍යාපාරයක් නොවෙයි .අපි මෙයාට එන්නේ දෙන්නේ නැහැ. ඒ හැඟීම තමයි චන්ද්‍රිකාට විරුද්ධ කල්ලියේ තිබුණේ. චන්ද්‍රිකාට ඕනෑ වුණා පත්තරයක් පටන් ගන්න.

ඒ පත්තරේට "හෙට" කියන නම තිබ්බෙත් මමයි.

හැත්තෑ හතේ යුගයේ සිරිමාවෝ  බණ්ඩාරනායක  මැතිණිය අගමැතිනියව සිටි අවධියේ කලා වැව ආසනයට අතුරු මැතිවරණයක් තිබ්බා.

අනුර බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂාකත්වය බලාපොරොත්තුවෙන් හිටියා.

අනුර කොන්ට්‍රෝල් කරන්න බැරිය කියන අදහසකුත් සමහරුන් තුළ තිබුණා.

මෛත්‍රිපාල සේනානායක තමයි ඊළඟට නායකත්වයට හිමිකම් පෑවේ. අනුර ඒකට තර්ජනයක් වේය කියලා හිතන්න ඇති.

මට මතකයි එදා සිදුවීම.

දැන් අගමැති කාර්යාලය පවතින කොටස තමයි එදා අනුර  බණ්ඩාරනායක නිවහන වුණේ.

තේරීම් කම්ටුවෙිදී අරලියගහ මන්දිරිය අගමැති සාකච්ඡා කාර්යාලයේ රැස්වුණා. අපි උඩ කෑල්ලට වෙලා විස්කි  බිබී  අපේක්ෂකයා තෝරන තුරු බලා සිටියා.

තේරුම් කමිටුව පාන්දර වෙනකම්ම තිබුණා.

එවකට අධ්‍යාපන ඇමැති වූ  බදියුදීන් මොහොමඩ්  අනුර වණ්ඩාරනායකට පාන්දර යාමේ අතට අතදී කනගාටුව පළ කළා.

අපේක්ෂකයා  වුණේ අනුර නොවෙයි.

කලාව හිටපු මන්ත්‍රී රත්න මල්ලව මන්ත්‍රීතුමාගේ පුතෙකු රත්නමල්ලව් මහාතාටයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කලාවැව  ආසනයේ අතුරු මැතිවරණය අපේක්ෂකත්වය ලැබුණේ.

බඩිගේ කතාවෙන් අපේ වෙරි හිඳුනා.

අනුර බණ්ඩාරනායක ඉංග්‍රීසියෙන් බ්ලැඩි යනයන වචනයෙන් ගොඩක් වෙලා කෑ කෑගැහුවා.

අවසානයේ අපි තීරණය කළේ රත්න මල්ලව්  මහතාට විරුද්ධව ස්වාධීන  අපේක්ෂකයා වශයෙන් කටයුතු කරන යසපාල හේරත් මහතාට සහයෝගය දිය යුතුයි කියලයි

අද පත්තරේ කර්තෘ විදියට ඒ කොන්ත්‍රාත්තුව මගේ කරපිට වැටුණා.

කලාව අතුරු මැතිවරණයේ බර කර අරගෙන  කෙරුවේ ඒවකට ඉඩම් වාරිමාර්ග මහා මාර්ග සහ විදුලි බල  ඇමති මෛත්‍රිපාල  සේනානායක.

මෙන්න කලා වැව කියලා මම අද පත්තරේට ලිපියක් හැදුවා

කලාකලාවේ බන්ට් එක උඩ මී හරක් රංචුවක් එන පින්තූරයක් දාලා එහි යටින් මෙහෙම ලිව්වා .

මේ  දිනවල කලාවැව  කැලෑවල් පීරමින් යන දෙපක්ෂයේම මහලු දේශපාලන රැළ කියලා

ඒ දවස්වල පාර්ලිමේන්තු විවාදයකදී අවිස්සාවේල්ල ගරු මන්ත්‍රී පිලිප් ගුණවර්ධන මහතා කියලා තිබුණා.මැදවච්චියේ මේ හරකා වාඩිවුණොත් හොඳයි කියලා.

මෛත්‍රීපාල  සේනානායක මහතාට මැදවච්චියේ මී හරකා කියලා පාර්ලිමේන්තුවේ කීව වගත් අපි දැනගෙන හිටියේනෑ.

සිරිමාවෝ මැතිනිය හිතුවේ අනුර  හිත මතාම ආණ්ඩුව දෙකඩ කරන්න අද පත්තරෙන් ව්‍යාපාරයක් කරනවාය කියල .

මැතිනියට මේක ලොකු ප්‍රශ්නයක් වුණා.

මැතිනිය හැරිස් හුරුගල්ලට කතා කරලා මේක නිවැරදි කරන්න කියලා

ඊළඟ කලාපයේම සමා ලිපිය පළ වුණා

එය පළ වුණේ මෙහෙමයි

සමාවෙන්න!

පසුගිය සතියේ පළ වූ මීහරක් පින්තූරය ගැන අපගේ දේශපාලනය
කරන අයට හෝ මී හරකුන්ට හෝ කිසියම් අපහාසයක්  වූවානම්   සමාව  ඉල්ලන්නෙමු.



අදහස් (1)

මගේ කොලමට වහ වැටුණු දේශපාලකයෙක් කර් එකකුයි ලක්ෂයකුයි තෑගි දුන්නා - චින්තන ජයසේන

විජේසුන්දර Sunday, 26 October 2025 07:09 AM

පුද්ගල නාම ලිවීමේදී සැලකිලිමත් විය යුතුයි. හැරිස් හුළුගල්ල ආර්.බී.රත්නමලල මට මතක හැටියට කළාවැව අතුරු මැතිවරණය පැවැත්වුනේ 1973 දී. ආසන හතරකට අතුරු මැතිවරණ එකම දිනයකදී පැවැත්වුනා. එය නිවැරදි දැයි සොයා බලන්න. මගේ මතකය වැරදි විය හැකියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 431 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 455 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site