

ලංකාවේ "යාන්ස් ලෝකයේ" නැතිනම් "රසකතා ලෝකයේ"රජකු ලෙස
"ඩබ්ලිව්.ජයසිරි"හැඳින්විය හැකිය.
ඔහුගේ කතා කෙළවරක් නැත.
ඔහු ගැන කතාද කෙළවරක් නැත.
එසේම ඔහු විචාරකයෙකි.
නිර්භීත විචාරකයෙකි.
ඔහු රඟපාන ඒවා හැර අනිත් ඒවා හැමෙකක්ම නරකය.
වතාවක් ජොන්ද සිල්වා එකේ ගීතා කුමාරසිංහගේ
"පාලම යට"චිත්‍රපටය ගැන සම්මන්ත්‍රණයක් පැවැත්විණ.
එහි දී දේශනයක් කළ ජයසිරි පැවසූවේ
"ගීතා නෝනේ,
චිත්‍රපටියක් කරලා කීයක් හරි හොයා ගත්තට කමක් නෑ.
හැබැයි ඒක සම්භාව්‍යයි කියලා පොර ටෝක් දෙන්ට එපා!"
ආදී වශයෙනි.
මේ ජයසිරිගේ නාට්‍යය කෙරුවාව ගැන හැදුන යාන් එකකි
අනිත් ඒවා නිර්දය ලෙස විචාරය කළ ජයසිරි
අවසානයේ තමාම නාට්‍යයක් කළේය.
ඒ "චූදිතයෝ"ය.
එහි මංගල දර්ශනය තිබුණේ ලුම්බිණි යේ ය.
දෙකයි තිහේ දර්ශනය ඉවර වීය.
ඒකටද සෙනඟ නැත.
හයයි තිහට බලු බල්ලෙක් වත් නැත.!
අන්තිමට ජයසිරි මොකක්දෝ වැඩකට ගෙනා පිහියක්
සොයාගෙන පාර අයිනට ආවේ ය.
වැඩ ඇරී හාල් පොල් මල්ලක් රැගෙන ගෙදර යන මනුස්සයෙකි.
ජයසිරි පොරට කතා කළේ ය.
"මෙි අයිසෙ,
නාට්ටියක් තියෙනවා,බලලම යමුද?"
"මොන නාට්‍යය ද සර්,මේ හාල් පොල් අරන් ගෙදර යන ගමන්"
ජයසිරිට මළ පැන්නේ ය.
පිහිය දික් කළේ ය.
"මේ සෙල්ලං කරන්ට හදන්න එපා.
නාට්‍යය බලනවද නැත්ද?හොඳ හිතින් කියන්නෙ.
නැත්තම් අනිනවා පිහියෙන්!" බෙිරෙන්න බැරිම තැන මිනිහා මෙසේ ඇසුවෙිය.
"කාගෙද සර් නාට්‍යය?"
"ඩබ්ලිව්.ජයසිරිගේ"
ජයසිරි පිළිතුරු දුන්නේය.
"අනින්න සර් පිහියෙන් !"
බ්‍රහ්මදත්ත
COMMENTS