IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


ප්‍රේමකීර්ති ගීත ලියූ හැටි -1

සාහිත රස කතා

ගුවන්විදුලි සංස්ථාව ඉදිරිපිට මාවත අයිනේ එකල විශාල මාර ගසක් තිබුණි. එහි විශාල මුල් දස අතට විහිදී විසිරී ගිය අතර ගුවන්විදුලියේ සේවය කරන ඇතැමුන් විවේක ගත්තේද එම මුල් මත වාඩිවෙමිනි. එහි මුල් අස්සේ පුංචි පුංචි බෝතල්ද සැඟවී තිබුණි.
දිනක් ප්‍රේමකීර්ති ද මිතුරන් කීපදෙනෙකු සමග මේ ගසේ මුල් මත වාඩිවී මධුවිතක රස බලමින් සිටියේය. එක්වරම ඔහු දුටුවේ ඈතින් ගායක සුනිල් එදිරිසිංහ එන බවයි. ‘සරල ගී’ වැඩසටහනකට ගීයක් ලියන්නැයි සුනිල් කියා තිබූ බව ප්‍රේම්ට මතක් වූයේ එවිටය. සුනිල් මේ එන්නේ එය රැගෙන යන්නට බව දන්නා ප්‍රේම් පිළිතුරක් ලෑස්ති කර ගත්තේය.


මුව පුරා සිනාසී තමා ළඟට ආ සුනිල් පිළිගත් ඔහු ‘සින්දුව ගෙනියන්න නේද ආවේ?’ කියා ඇසීය. 

සුනිල් හිස සැලීය.

‘සින්දුව හරි. ඒක තියෙන්නෙ සංස්ථාව ඇතුළේ මගෙ ලොකර් එකේ. දැන් මම ඒක උඹට දෙන්න ගියොත් මුන් ටික මේ බෝත‍ලේ බීල ඉවර කරනවා.
උඹට තව තියෙන ගමනක් ගිහින් පැය බාගෙකින් විතර එන්න බැරිද? එතකොට මම ඇතුළට ගිහින් සින්දු කොළේ අරන් දෙන්නම්...” ප්‍රේම් කීය.

ඔහු එසේ කී විට සුනිල්ට ඊට විරුද්ධවීමට බැරි නිසා 

‘එහෙනං මම පැය බාගෙකින් එන්නම්...’ කියා එතැනින් යන්නට ගියේය. 

ප්‍රේම් කීවේ පට්ටපල් බොරුවකි. ඔහු ගීතයක් ලියා තිබුණේ නැත. සුනිල් ගිය පසුව යළි මිතුරන් හා එක්ව මධුවිත ගත් ප්‍රේම්ට ගසේ මුලක් මත වාඩි වී රේස් කොළයක්
බලන කෙනකු පෙනුණි. ඔහුගේ සිතෙහි පදවැලක් ඉපදුණේය. කොළ කෑල්ලක් ගත් ඔහු සිතට ආ පදවැල කොළයේ ලියා සාක්කුවට දමාගෙන යළි මිතුරන් අතරට එකතු විය.
පැය බාගයකින් පමණ සුනිල් ආවේය. ඔහුද කැටුව ගුවන්විදුලිය තුළට ගිය ප්‍රේම් සුනිල්ව අසුනක වාඩි කරවා ඔහුට නොපෙනෙන තැනකට වී සාක්කුවේ තිබූ කොළයේ සටහන් කළ ගී පදවැල වෙනත් ලොකු කොළයක ලියා සුනිල්ට ගෙනැවිත් දුන්නේය. ඔහු ගී පදවැල කියවා අපමණ සතුටට පත්ව එය රැගෙන ගියේ සංගීතවේදී එච්.එම්. ජයවර්ධනයන් වෙතටයි. එච්.එම්. අතින් ඊට ගැළපෙන තනුවක් යෙදී සුනිල් ගායනා කළ පසුව එය ඉමහත් ජනප්‍රියත්වයට පත්විය. සුනිල් එදිරිසිංහගේ ගීතාවලියේ සාර්ථක ගීතයක් ලෙස අදත් පිළිගැනෙන
‘මිනිසෙකු පිට නැගි අසරුවෙකි’ එම ගීතයයි. (ප්‍රේම් එම ගීය ලියූ මාර ගස පිහිටි ගුවන්විදුලිය ඉදිරිපිට මාවත ඉකුත් 31 වෙනිදා ‘ප්‍රේමකීර්ති ද අල්විස් මාවත’ ලෙස නම්කරනු ලැබිය.)
නොබෝ කලකට පසුව එම ගීතයේ උපත පිළිබඳ මේ සිදුවීම ප්‍රේම් මට කීය. ‘බොරුවෙන් ගැලවෙන්න පැය බාගයක් තුළ හැදූ ගීතය’ යනුවෙන් මම එම පුවත ‘සත්සර’ සංගීත පුවත්පතට ලිව්වෙමි. පුවත්පත නිකුත්වී දෙතුන් දිනකට පසුව හමුවූ සුනිල් එම පුවත පළකිරීම නුසුදුසු බව කීය. තමා බොරුවකට රැවටුණු බව පාඨකයන් එමගින් දැනගන්නවා නොවේදැයි ඔහු මගෙන් විමසීය. එහෙත් මේ තරම් අගනා ගීතයක උපතේ රසවත් කතාව ගැන මිස පාඨකයන් ගායකයාගේ රැවටීමක් ගැන නොසිතන බව මම සුනිල්ට කීවෙමි. ඔහු එය පිළිගත්තේම නැත. තවත් ටික දිනකට පසුව හමු වූ ප්‍රේම්ට මම එම ලිපිය පළකිරීම පිළිබඳව සුනිල් දැක්වූ විරෝධය ගැන කීවෙමි. බක බක ගා මහ හයියෙන් සිනාසී ප්‍රේම් මෙසේ කීවේය.

“එයාට පිස්සුනෙ. යකෝ මාර වැඩක්නෙ. ඒක කොච්චර ලස්සන කතාවක්ද? මමනෙ උඹට කිව්වෙ. උඹ ලිව්වා. මිනිස්සු කියෙව්වා. එච්චරයි. කෑනොගහ ඉන්න කියපන්...” 
එසේ කියා ප්‍රේම් නික්ම ගියේය


සෙස්ස පස්සට



අදහස් (1)

ප්‍රේමකීර්ති ගීත ලියූ හැටි -1

Banda Wednesday, 15 January 2025 02:08 PM

හඩු ගඳ ගහන සභාපතියෙක් නිසා අපට අහිමි වූ අති දක්ෂ කලාකරුවෙක් ප්‍රේම්... ඔබගේ වියෝවෙන් ඇතිවූ හිදැස පිරවීමට මෙතෙක් කිසිවෙකු බිහිවී නැත.

:       0       27

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 624 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 526 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site