IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


ප්‍රේම් ගී නිමැවුම්

සාහිත රස කතා


රූපවාහිනී සංස්ථාවේ ආපන ශාලාවේ ප්‍රේමකීර්ති සිටියා.එතන යකා වැහී ආවේ ටයිටස් තොටවත්ත.
හේතුව දොස්තර හොඳහිත කාටූන් එකට ගීතයක් ලියන්න කිව්වත් ඒක ප්‍රේම්ට අමතක වෙලා.
තද වෙලා ආපු ටයිටස් තොටවත්ත
"ප්‍රේම් තමුසෙට බැරි නම් බෑ කියනවා කියලා  යන්න ගියාලු.
එවෙලෙම ප්‍රේම් ලියල දුන්නලු අපි කවුරුත් දන්න සින්දුව ..." බෑයි කියලා බෑයි කියලා බෑ."..වැඩේ ගොඩ ලු.
දවසක් ආවලු ප්‍රියා සූරිසේන සින්දුවක් ලියා ගන්න ප්‍රේම්ට කියලා.නිකන් නෙවේ අරක්කු බෝතලයකුත් අරගෙන.හැබැයි ප්‍රේම් හදිසි ගමනක් යන්න ලෑස්ති වෙලා හිටියේ.ටක් ගාලා කොලයක් ගත්ත ප්‍රේම් වචන ටිකක් ලියලා ප්‍රියාගේ සාක්කුවට දාලා යන්න ගියාලු.අප්සට් එකේ හිටපු ප්‍රියා අර කොලේ අරං බැලුවම මෙහෙම තිබ්බලු.

හෙට දවසේ අප දෙදෙනා 
අද වාගෙම හමු විය යුතු වේ
අද දවසේ මවෙත ගෙනා
 මිහිර හෙටත් ගෙනා ආයුතුවේ

හෙටත් උඹ බෝතලේ අරං වරෙන් මාව හම්බවෙන්න...ඒකයි ප්‍රේම් කියලා තියෙන්නෙ ...හැබැයි ඒක ලස්සන ප්‍රේම ගීතයක මුල් පද පේලිය වුණා.
දවසක් ත්‍රිකුණාමලය වෙරළේ වික්ටර් හා ප්‍රේම් වැතිරිලා අහස දීහා බලන් ඉන්න කොට තරුවක් දැකලා එක පාරට ප්‍රේම් කෑගැහුව ලු මෙහෙම.

තනි තරුවේ තනි තරුවේ
ඔබත් ඔහොම ඔතන ඉන්න
 මමත් මෙහෙම මෙතන ඉන්නවා

කියාලා...එකත් අද ප්‍රසිද්ධ සින්දුවක්..
දවසක් සුනිල් එදිරිසිංහ ආවලු ප්‍රේම් අයියා සින්දුව ලිව්වද කියලා අහගෙන.
හරි  මම දෙන්නම් ඔයා ගිහිල්ලා එන්න කිව්වලු.
ඇත්තටම ඔහු සින්දුව ලියලා තිබුණේ නෑ.
ඔහු වටපිට බලන කොට දැක්කලු රේස් දාන තැනක අශ්වයා ගේ  පිටේ ඉන්න අසරුවා ගේ පින්තූරෙ 
ඔහු ලිව්වලු සින්දුව 

මිනිසෙකු පිට  නැගි අසරුවෙකි
ඒ බර ගෙයි වහලට බරකි

ප්‍රේමකීර්ති කියන්නෙ ගොඩාක් කැපිලි කෙටිලිවලට ලක්  වුණ පුද්ගලයෙක්.
ඔහු මන්නාරම ප්‍රදේශයට යැව්වම ලස්සන සින්දුවක මූලාශ්‍ර ඔහුට හම්බ වුණා.

මන්නාරම් පිටිවැල්ලෙ 
මදටිය වැල් ඔංචිල්ලෙ
කොණ්ඩෙ කඩන් හදට අඩං සින්දු කියන්නී
කුණ්ඩුමනී

අනුරාධපුරය යැව්වම ඔහු දැක්කා උදේම මරන්න ගෙනියන්න කොළඹට එවන්න හරක් පටවනවා කෝච්චියට.ඔහු ලිව්වා.

බානින් බැඳ රජරට පෙදෙසින්නෙ
කෝච්චි යේ නැග කොළඹට එන්නෙ
පිහියේ මුවහත ගෙල සිප ගන්නෙ
උදේම ඒ කය නිසසල වන්නෙ

මීට අමතරව ඔහුට  කැපිලි දැම්ම අයට දැනෙනෙ මරු සිරා චිත්‍රපටය ට ඔහු සින්දුවක් ලිව්වා ...ඒකත් ලිව්වෙ ලියුම් කවරයක පිටකරයක
M.S fernando සහ ජෝතිපාල ගායනා කරන

තැටිය මැද්දෙ කළු කරාපු
පහන් තිරය මැදට ආපු
හනුමන්තත් පුදුම හිතෙනවා ..
රාමාටත් බැරි  වුණාලු
මහවැඩකට පෙලඹුණා වූ
අපිව දැකලා එයා අඬනවා..

ආපහු කොළඹට ආපූ ප්‍රේම් ගුවන් විදුලි සංස්ථාවේ විකාශන මැදිරියට පැමිණි පසු විකාශනය පටන් ගන්න කොටම පුටුව වැට්ටුවලු.ඒ හඬ ගුවන් විදුලිය හරහා ඇහුණලු.
එතකොට ඔහු මෙහෙම  කිව්වලු.

වැටුණේ පුටුව  විතරයි 
ප්‍රේම කීර්ති වැටුණේ නෑ



අදහස් (0)

ප්‍රේම් ගී නිමැවුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 624 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 526 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site