IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


කොළඹ සරසවිය බිහිකළ අමරණීය ගීතය ’’ඉවාන් පවුලූෂා’’

සාහිත රසකතා

කව්ද මේ ඉවාන් පවුලුෂා?මොකක්ද මේ බැලලයිකාව?පාසල් කාලයේ මට තිබුණු දරුණුම ප්‍රශ්නයක් තමා මේ සුන්දර ගීතය හරහා දිවයන යටිබිම් ගත ආදර කතාව සෙවීම. මේ ගීතය අයිති කොළඹවිශ්ව විද්‍යාලයට.මේ ගීතය ගයන්නේ එවකට කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ දක්ෂම ගායිකාවක් වෙච්ච ,මගේ හි්‍තවත් අක්කණ්ඩියක වන  අප්සරාද සිල්වා තුරුණු ගායන වේදිනිය.රචනය චාරක සුරවීර නමැති එවකට කොළඹ විශ්ව විද්‍යාලයේ කළා අංශයේ ඉගෙනුම ලැබූ තුරුණු දක්ෂ ගේය පදරචකයානන්.මෙහි මධුරම සංගීතයේ අයිතිය එවකට කොළඹ විශ්ව විද්‍යාලයේ මාෂල් වරයෙක් වෙච්ච ප්‍රියන්ත ඩිරෙක්ස් සංගීත වේදියාට.මෙහි මධුර වයලීන වාදනයක් ඉදිරපත් කරනු ලබන්නේ එවකට තුරුණු සංගීතඥයකු වූ රෝහණ ධර්මකීර්ති.

මගේ මතකය නිවැරදිනම් මේ ගීතය අපට මුලින්ම ඇසුණේ 1998 වර්ෂයේ සෙනේෂ් බණ්ඩාර දිසානායකයන් ජාතික රූපවාහිනියට නිෂ්පාදනය කළ "යාත්‍රා "සංගීතමය වැඩ සටහන හරහා.මේ ගීතයේ සුවිශේෂත්වය නම් රචකයා රුසියානු සාහිත්‍යය හරහා අප තුළ මවන්නට දරන සෛද්ධාන්තික කතා පුවතයි.රචනයට නොදෙවැනි අප්සරාවන්ගේ ගායනයට එවකට වශී නොවුණු සරසවි තරුණයකු සිටියාදැයි මා නොදනී.

මේ ගීතයට පදනම් වන්නේ 1934 වසරේ බිහිවූ රුසියානු සාහිත්‍ය කතා පුවතක් වන  "නිකොලායි ඔස්ත්‍රොව්ස්කිගේ "'How the steel was tempered' එහෙම නැතිනම් පසුව සිංහලට පරිවර්තනය වූ 'වානේ පන්නරය ලැබූ හැටි' හී ප්‍රධාන චරිතයට පන පොවන  'පාවෙල් කොර්චාගින්' ගේ ජීවන කතාව හරහා බිහිවන රසාලිප්ත මන:කල්පිතයකැයි මට සිතේ.මේ පාවෙල් පවුලූෂා ලෙස අප අතරට ගීතය තුළින් රචකයා ගෙනෙන අතරම ඔහු කොහොමද 'ඉවාන් පවුලූෂා' වෙන්නෙ." ඔබ ලස්සන වසිලිස්සා "කියන පොත කියවා ඇත්නම් 'ඉවාන්' කියන චරිතය මතක ඇතුවාට කිසිම සැකයක් නෑ.රුසියානු වීර සාහිත්‍යයේ එන කතා පුවත් රැසක "ඉවාන්"කියන්නෙ බොහොම හැඩි දැඩි සටන්කාමී චරිතයක්.මෙය හුදෙක්ම රචකයාගේ සුන්දරම පරිකල්පනයක්.

මෙහිදී  'නිකොලායි ඔස්ත්‍රොව්ස්කි' ගැනද කිවයුතුමය. ඔහු සෝවියට් දේශය පෝලන්ත හමුදාවලින් බේරාගැනීමට සෑහෙන කැපවීමක් කළ පුද්ගලයෙක් නමුදු ඔහුට ජීවත් වීමට වරම් ලැබෙන්නේ අවුරුදු තිස් දෙකක් වැනි කෙටි කාලයක් පමණයි. එයිනුත් වසර දොළසක්ම ඔහු ගතකරන්නේ රෝගීවයි.රෝගාතූරව සිටියදී ඔහු ලියූ මේ සුවිශේෂ පොත හරහා බිහිවූ "ඉවාන් පවුලුෂා "ගීතය මතුවටත් අප සවන් පත් මෙලෙස සනසවන බව මාගේ විශ්වසයයි.

චාමික හේරත්



අදහස් (0)

කොළඹ සරසවිය බිහිකළ අමරණීය ගීතය ’’ඉවාන් පවුලූෂා’’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 624 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 526 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site