IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


බල්ලෙක්වත් නොබලපු ඩබ්ලිව්.ජයසිරිගේ නාට්‍යය

සාහිත රසකතා

 

 

ලංකාවේ "යාන්ස් ලෝකයේ" නැතිනම් "රසකතා ලෝකයේ"රජකු ලෙස
"ඩබ්ලිව්.ජයසිරි"හැඳින්විය හැකිය.
ඔහුගේ කතා කෙළවරක් නැත.
ඔහු ගැන කතාද කෙළවරක් නැත.

එසේම ඔහු විචාරකයෙකි.
නිර්භීත විචාරකයෙකි.
ඔහු රඟපාන ඒවා හැර අනිත් ඒවා හැමෙකක්ම නරකය.

වතාවක් ජොන්ද සිල්වා එකේ ගීතා කුමාරසිංහගේ
"පාලම යට"චිත්‍රපටය ගැන සම්මන්ත්‍රණයක් පැවැත්විණ.
එහි දී දේශනයක් කළ ජයසිරි පැවසූවේ
"ගීතා නෝනේ,
චිත්‍රපටියක් කරලා කීයක් හරි හොයා ගත්තට කමක් නෑ.
හැබැයි ඒක සම්භාව්‍යයි කියලා පොර ටෝක් දෙන්ට එපා!"
ආදී වශයෙනි.

මේ ජයසිරිගේ නාට්‍යය කෙරුවාව ගැන හැදුන යාන් එකකි

 අනිත් ඒවා නිර්දය ලෙස විචාරය කළ ජයසිරි
අවසානයේ තමාම නාට්‍යයක් කළේය.
ඒ "චූදිතයෝ"ය.

එහි මංගල දර්ශනය තිබුණේ ලුම්බිණි යේ ය.
දෙකයි තිහේ දර්ශනය ඉවර වීය.
ඒකටද සෙනඟ නැත.
හයයි තිහට බලු බල්ලෙක් වත් නැත.!

අන්තිමට ජයසිරි මොකක්දෝ වැඩකට ගෙනා පිහියක්
සොයාගෙන පාර අයිනට ආවේ ය.

වැඩ ඇරී හාල් පොල් මල්ලක් රැගෙන ගෙදර යන මනුස්සයෙකි.
ජයසිරි පොරට කතා කළේ ය.
"මෙි අයිසෙ,
 නාට්ටියක් තියෙනවා,බලලම යමුද?"

"මොන නාට්‍යය ද සර්,මේ හාල් පොල් අරන් ගෙදර යන ගමන්"

ජයසිරිට මළ පැන්නේ ය.
පිහිය දික් කළේ ය.
"මේ සෙල්ලං කරන්ට හදන්න එපා.
නාට්‍යය බලනවද නැත්ද?හොඳ හිතින් කියන්නෙ.
නැත්තම් අනිනවා පිහියෙන්!" බෙිරෙන්න බැරිම තැන මිනිහා මෙසේ ඇසුවෙිය.

"කාගෙද සර් නාට්‍යය?"

"ඩබ්ලිව්.ජයසිරිගේ"

ජයසිරි පිළිතුරු දුන්නේය.

"අනින්න සර් පිහියෙන් !"

බ්‍රහ්මදත්ත



අදහස් (0)

බල්ලෙක්වත් නොබලපු ඩබ්ලිව්.ජයසිරිගේ නාට්‍යය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 470 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site