IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


‘ගැහැනු ළමයි’ නවකතාවට ගිනිලෑම

සාහිත රසකතා

 කරුණාසේන ජයලත්ගේ ගෙදර ලිපිනය මට තවම කටපාඩම්.එහි නම  ‘අමරජය’ පොකුණුවිට. මගේ හිතේ ජයලත් එයාගෙයි, නෝනගෙයි නම් එකතු කරල මේ නම ගෙදරට තියන්න ඇත්තේ. සුමිත්‍රා පීරිස් එයාගේ ‘ගැහැනු ළමයි’ නවකතාවෙන් තනපු චිත්‍රපටිය ඩිජිටල්කරණය වී කෑන්ස් චිත්‍රපට උළෙලේ ඊයේ පෙරේදා පෙන්නපු නිසයි මට ජයලත් හා ඔහුගේ නිවෙස සිහි වුණේ. 

ජයලත්ගේ ගැහැනු ළමයි, යහළු යෙහෙළි හා හතුරු සිතක් තුන් ඈඳතු නවකතා පෙළක්. මගේ මතකයට අනුව එහි අවසානයේ නව කැරලිකාර දේශපාලනයකට කුසුම් හා ගුණපාල එකතු වෙනවා.මගේ මතකය හරි නම් 1971 අප්‍රේල්වල දී සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව ජයලත්ව අල්ලා හිරේ දමන්නේ මේ නවකතාව නිසා. අවුරුදු 2 කට කිට්ටු කාලයක් ජයලත් හිරබත් කෑවේ මේ නවකතාව හින්දා.

හිරෙන් නිදහස් වූ ජයලත් සමඟි පෙරමුණ ආණ්ඩුවේ කීර්තිමත් ‘ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය’ එකතු වෙනවා. එතකොට එහි අධ්‍යක්ෂිකා [ලොක්කි] චන්ද්‍රිකා කුමාරණතුංග. ජයලත් මේ රස්සාව ඉවර කළේ උග්‍ර ශ්‍රිලනීප වාදියකු හැටියට. මම කැමතිම නවකතාකරු දකින්න ඕනෑ වූ විට මම ගියේ ජයලත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස්වීමක කතා කරනව බලන්න. ඔහු කෙරේ තිබූ ආදරය මේ දේශපාලනය නිසා කෝපයට හරවා ගත් මම 1994 දී විතර ඔහුගේ මරණයත් සමඟ ලිපියක් ලීවා ‘ජයලත් ඝාතනය කළෙමි’ නමින්. 

 එහෙත් ජයලත්ට දේශපාලන මත දැරීම වෙනුවෙන් ලැබුණු ලොකුම දඬුවම 1977 ජුලයි 22 දා ජයග්‍රාහී එක්සත් ජාතික පක්ෂයේ මැරයන්ගෙන් ලබුණා. ඒ 1977 ජුලි 21 දා ඡන්දයෙන් එජාපය ලැබූ 6/5 බලය සැමරීමට කළ මුලම ප්‍රහාරයක් වුණේ ජයලත් මරන්නට ගෙදර කඩා පැන්න දේශපාලන මැරයන් ඔහු අල්ලා ගත් නොහැකි වූ නිසා ඔහුගේ නිවෙස හා පුස්තකාලය ගිනි තබා විනාශ කිරිමයි. ඔහුගේ අති සුන්දර නවකතාවල සියලුම අත්පිටපත් මේ පුස්තකාල ගිනි තැබීමෙන් විනාශ වුණා. 

ඒක නිසයි මම නිතර කියන්නේ 1981 මැයි අග යාපන පුස්තකාලය ගිනි තැබීමට එජාප මැරයන් මුල අත්දැකීම ගත්තේ ජයලත් ඇතුළු සිංහල ලේඛකයන් ගණනාවකගේම ගෙවල් හා පුස්තකාල ගිනි තැබීමෙන් බව. ජයලත් ඔහුගේ නවකතාවල එන පෙම්වත්තු වගේම  ඉතාම කරුණාවන්ත, අහිංසක  සුන්දර මිනිහෙක්. 1994 මුල ඔහු රත්මලානේ ‘රාවය’ කනතෝරුවට නිතර ආවගිය කෙනෙක්. මෙහෙම දවසක මම විනාඩියකට විතර ඔහු ළඟ නැවතිලා කතා කළා. 
“ සහෝදරයගේ පුස්තකාලයට ගිනි තිබ්බා නේද? ඔක්කොම ගිනි ගන්න ඇති?’ 

ඒ ප්‍රශ්නයට කරුණාසේන ජයලත් නම් අර ප්‍රකට නවකතාකාරයා නෙවෙයි උත්තර දුන්නේ. ඒ වෙනුවට ලජ්ජාවෙන් හිනා වුණා.  නිතර මූණට වැටෙන කෙස් රොද දකුණතින් පැත්තට පීරුවා. 
හරියට එයා පුස්තකාලයට ගිනි තියා ගත්තු විදියට. 
අති සුන්දර මිනිස්සු. ජීවිතේ කිසිම දෙයක් වෙනුවෙන් නොතැවෙන්න ඇති.



අදහස් (0)

‘ගැහැනු ළමයි’ නවකතාවට ගිනිලෑම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1495 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1333 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 475 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site