
මා බලයෙන් නෙරපීමට ගත් ක්‍රියාමාර්ග තුළ විදේශීය හස්තයක් ක්‍රියාත්මක නොවූ බවට විශ්වාස කළ හැක්කේ ඉතාමත්ම බොළඳ පුද්ගලයකුට පමණි. කලින් පරිච්ඡේදයක පෙන්වා දුන් පරිදි මා බලයට පත්වීමම ඇතැම් විදේශ බලවේගවල මහත් කනස්සල්ලට හේතු වී තිබුණි. මෙය 2015 ජනවාරියේ විවිධ විදේශීය පාර්ශ්වල මැදිහත්වීමෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළුණු කාලයේ සිට පැවත එන තත්ත්වයකි. 2009 කොටි ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ජයග්‍රහණය කළ කාලයේ සිටම අපේ රටේ දේශපාලනයට විදේශීය පාර්ශ්වවල මැදිහත් වීම් උත්සන්න විය. ඇතැම් විදේශීය බලවතුන් එල්ටීටීඊ සංවිධානයේ පරාජය වැළැක්වීමට උත්සාහ කළත් අපි ඒ යුද්ධය අවසන් කළෙමු. 2006 න් පසු ශ්‍රී ලංකාව තුළ චීන ණය පහසුකම් මත ඉදි කෙරෙන යටිතල ව්‍යාපෘති සංඛ්‍යාව වැඩිවීම නිසා මෙම මැදිහත්වීම්වලට ගෝලීය බලවතුන්ගේ භූ දේශපාලනික ප්‍රතිවිරෝධතා නමැති සාධකය ද ඇතුළත් වී තිබුණි.
බෙදුම්වාදී යුද්ධය හේතුවෙන් විදේශීය බලවතුන් විසින් ශ්‍රී ලංකාව තුළට කරනු ලබන අතපෙවීම් ඉහළ මට්ටමක පැවතිණි. විදෙස් මුදල්වලින් යැපෙන රාජ්‍ය නොවන සංවිධාන සිය ගණනක් රට තුළ ක්‍රියාත්මක වූ අතර ඒ සංවිධාන සියල්ල විවිධ ජාත්‍යන්තර න්‍යාය පත්‍රයන් ප්‍රවර්ධනය කරමින් සිටියහ. යුද්ධය අවසන් වන විට, මාක්ස්වාදී හෝ වාමාංශික සංවිධාන ලෙස ආරම්භ වූ ඇතැම් වෘත්තීය සමිති පවා අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රය ප්‍රවර්ධනය කරන්නන් බවට පත් වී තිබුණි.
මේ ප්‍රශ්නය ඉදිරියට ගෙන ඒමට වෘත්තීය සමිති තෝරාගත් මොහොත වූයේ කොවිඩ් වසංගතයේ උච්චතම අවස්ථාවය. 2021 ජූලි 26 වැනි දින සිය වෘත්තීය ක්‍රියාමාර්ගය තවත් පියවරක් ඉදිරියට ගෙන යමින් අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රායෝගික විභාගයට අදාළ රාජකාරිවලින් ගුරුවරු සහ විදුහල්පතිවරු ඉවත් වූහ. පාසල් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් නියෝජනය කරමින් වෘත්තීය සමිති 17 ක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක් වී සිටියහ. 2021 අගෝස්තු 5 වැනි දින, රට කොවිඩ්-19 ආසාදනවල තවත් ප්‍රබල වැඩිවීමක් අත්විඳිමින් සිටි අවස්ථාවකදී, රටේ සෞඛ්‍ය අවදානම ද නොතකා ගුරු-විදුහල්පති වෘත්තීය සමිති තම වැටුප් ඉල්ලීම් ප්‍රවර්ධනය කිරීම සඳහා වාහන පෙළපාළි හතරකින් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ විරෝධතාවක් පැවැත්වීය.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෙන්න මට එරෙහිව කුමන්ත්‍රණ කළ අයුරු - හිටපු ජනපති ගෝඨාභය හෙළි කරයි