ආරියරත්න රණබාහු
අපවත් වී වදාළ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති කොළඹ නවකෝරළේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය ගංගාරාම විහාරස්ථාන භූමියේදී සඳුදා (05දා) පස්වරු තුනට රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කෙරේ.
වසර හයකට ආසන්න කාලයක් ගිලන්ව වැඩ සිටි උන්වහන්සේ ඊයේ දහවල් කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වී වදාළහ.
මහජන බුහුමන් සඳහා උන්වහන්සේගේ ශ්‍රී දේහය ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කර තිබෙන බව ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ ඉරිදා ලංකාදීපයට පැවසූහ.
රට දැය සමය වෙනුවෙන් කළ වැඩ නේක
ඒ හිස්තැන ගැනයි මුළු රටටම සෝක
තියලා නමක් නොමැකෙන ලෙස කිසිදාක
පොඩි හාමුදුරුවො සමුගෙන ගිය සේක
ප්‍රියන්ත කොඩිප්පිලි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd