IMG-LOGO

2023 ජුනි මස 03 වන සෙනසුරාදා


සිකුරු රජ මැදුරට ඔබට කොහොමද ?

ග්‍රලොව සිටින අලංකාරම හා චමත්කාරම ග්‍රහයා වන සිකුරු 2018 ජූලි 05 වන දින මෙතෙක් ගමන් කළ කටක රාශියෙන් රවි හිමි සිංහ රාශියට පැමිණෙයි. 2018 අගෝස්තු 01 වෙනි දින දක්වා සිකුරු රාශියේ සිය බලය පතුරුවමින් සිටි සිකුරු ඉරබටු තරුව, ශුක්‍ර, කිවි හා වීනස් දෙව්දුව නමින් ද හඳුන්වයි. ජ්‍යොතිෂයේ දී සිකුරු ග්‍රහයා ඉතාමත් වැදගත් ග්‍රහයෙකි. සිකුරු තරුණ වයස සංකේවත් කිරීම පමණක් නොව ප්‍රේමය ද සංකේතවත් කරයි.
   
වෘෂභ හා තුලා රාශිවලට සිකුරු අධිපති වන අතර එහිදී ස්වක්ෂේත්‍ර බලය ලබයි. මීන රාශියේ සිකුරු උච්ච වන අතර කන්‍යා රාශියේ නීච නම් දුර්වල තත්ත්වයට පත් වේ. ඔබේ ජන්ම කේන්දරයේ ග්‍රහ සිත්තම පරික්ෂා කිරීමේ දී සිකුරු බලවත් නම් අලංකාර රූප ශෝභාවට ද තාරුණ්‍යයට ද චිත්ත ශක්තියට හා විනෝදශීලී ජීවන රටාවකට ද හිමිකම් ලබයි. තවද අලංකාර ගේදොර යාන වාහන හා භූමිලාභ ලැබී සියලුම ලෞකික සැප ලබයි. 
ඔබ පෙර ආත්මවල පිරිසිදු චරිතය රැකීම, ඊර්ෂ්‍යාවෙන් තොරවීම, උතුමන්ට කරන ලද පිංකම් නිසා ඔබේ කේන්දරයේ සිකුරු බලවත්ව ජන්ම ලාභය ලබයි. එමෙන්ම ඔබ පෙර ආත්මවල ගුණවත් අයට අපහාස කිරීම, ඊර්ෂ්‍යාව, අනුන්ගේ දියුණුව නොඉවසීම සහ කාමයෙහි වරදවා හැසිරීම නිසා මේ අත්මයේ ඔබේ ජන්ම පත්‍රයේ සිකුරු දුර්වලව පිහිටයි. එවිට සිකුරු දශාවක් ලබන විට එහි විපාක ලැබේ. ශිෂ්‍යයකු නම් අධ්‍යාපනයට බාධා ඇති වේ. විවාහය කඩාකප්පල් වේ. ව්‍යාපාර බිඳ වැටේ. මේ අතර මුත්‍රාශයේ ගල් සෙම් ගෙඩි මදුමේහය හා ගර්භාෂයේ රෝග ආදී රෝග ද හටගනී. 


සිකුරු මාරුව ඔබේ ලග්නයට බලපාන හැටි. 


මේෂ 


මේෂ ලග්න හිමියන්ගේ කේන්දරයේ සිකුරු පස්වැන්නට පැමිණේ. සෞන්දර්ය අධ්‍යාපන අංශවල ඉගෙනීම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට යහපත් වේ. අනවශ්‍ය ලෙස විනෝදයට බරවීම නිසා අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවිය හැකියි. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. මේ අතර අවිවාහක අයට මංගල යෝජනා හා පෙම් සබඳතා ස්ථිරවීමට කරුණු යෙදේ. දරුඵල අපේක්ෂා කරන අයට රුවැති දරුවන් ලැබේ. ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කිරීමෙන් ලාභ අපේක්ෂා කළ හැකියි. 


වෘෂභ 


වෘෂභ හිමියන්ගේ කේන්ද්‍රයේ ලග්නාධිපති සිකුරු හතර වැන්නට පැමිණ දිග්බලයෙන් හා කේන්ද්‍රගතව ගමන් කරන නිසා ඉතා යහපත්ය. ගෘහ ජීවිතය යහපත් වේ. මව්පියන් දූදරුවන් සමග සතුටින් කාලය ගත වේ. නිවාස දේපළ ඉඩකඩම් හා වාහන ලාබ ලබයි. මේ අතර නිවසේ ප්‍රීති උත්සවයක් පැවැත්වීමට සිත යොමු වේ. ස්වයං රැකියා හා ගොවිතැන් කටයුතුවලින්ද ලාභ අපේක්ෂා කළ හැක. කෙසේ නමුත් තම මවට තරමක් අපලයි. පපුවේ සෙම් රෝග හට ගැනීමට ද ඉඩ ඇත. සෙනසුරු අපලයට අදාළ ග්‍රහශාන්ති කර්ම කර ගන්න. 


මිථුන 


මිථුන හිමියන්ගේ කේන්ද්‍රයේ තුන් වැන්නට සිකුරු පැමිණෙන විට ලග්නාධිපති බුධ දෙවැන්නේ ගමන් කරයි. ලිපිලේඛන හා සංගීත කලා කටයුතුවලින් ගෞරවයට ප්‍රසිද්ධියට පත්වේ. අසල්වාසීන් අතර සුහදතාව වර්ධනය වේ. බාල සහෝදරයන් ගැන සුබ ආරංචියක් ලැබේ. මේ අතර නිතර ගමන් බිමන් යෙදේ. විනෝද වාරිකා ද මේ අතර යෙදේ. සියලු සැප සම්පත් හිමි වේ. නිරෝගී වේ. 


කටක 


කටක ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ දෙවැන්නට සිකුරු පැමිණෙන විට ගුරු හතරවැන්නේ ගමන් කරයි. රූපශ්‍රීය වර්ධනය වේ. කාටත් ප්‍රිය උපදවන ගතියක් පෙන්වයි. තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට හැකි වේ. පවුල් ජීවිතය වාසනාවන්ත වේ. කතාවෙන් අන් අයගේ සිත්දිනා ගැනීමට හැකි වේ. මේ අතර ගෙදරදොර වාසනාව ඇති වේ. ගෘහස්ත ව්‍යාපාර කරන අයට සුබදායක වේ. 


සිංහ 


සිංහ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ ලග්නයට සිකුරු පැමිණෙන විට ලග්නාධිපති රවි ලාභස්ථානයේ ගමන් කරයි. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උද්​ෙ‌යා්ගය හා උත්සාහය අඩුවීම නිසා ඉගෙනීමට තරමක බාධා ඇතිවේ. වි​ෙනා්දය කෙරෙහි වඩාත් සිත යොමුවන අතර සියලු සැප සම්පත් ලබයි. පියා සතු දේපළ ලැබේ. මේ අතර තම රැකියා හා ව්‍යාපාර දියුණුව ගැන සැලසුම් සකස් කරයි. 


කන්‍යා 


කන්‍යා ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ දොළොස්වැන්නට සිකුරු පැමිණෙන විට ලග්නාධිපති බුධ එකොළොස්වැන්නේ ගමන් කරයි. පවුල් ජීවිතය වෙනුවෙන් අමතර වියදමක් දැරීමට සිදුවිය හැකිය. ගමන් බිමන් අධික වේ. තැන්පත් ධනය පරිහරණයේදී වඩාත් සැලකිලිමත් වන්න. මේ අතර ආගමික කටයුතු සඳහා ද ධන පරිත්‍යාගයක් කිරීමට සිදුවේ. මෙම කාලසීමාවේදී වාසනාවට වඩා උත්සාහය ගැන විශ්වාසය තබා කටයුතු කරන්න. එවිට බාධක මැදින් තම ඉලක්ක ජයගත හැකි වේ. 


තුලා 


තුලා ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ සියලුම ලැබීම් පෙන්වන එකොළොස් වැන්නට ලග්නාධිපති සිකුරු පැමිණේ. ආදායම් තත්ත්වය යහපත් වුවත් වියදම් පාලනය කරගන්න. අලුත් මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට අවස්ථාව උදාවේ. ස්ත්‍රී පක්ෂයෙන් වැඩි සහයෝගයක් ලැබේ. සමාජ සේවා කටයුතුවලදී මූලිකත්වය ලැබේ. මේ අතර අසල්වාසීන් අතර සුහදතාවය වර්ධනය වේ. අවිවාහක අයට මංගල යෝජනා ලැබෙයි ස්වයං රැකියාවලින් හා කෘෂිකාර්මික කටයුතුවලින් ලාභ ලැබේ. 


වෘශ්චික 


වෘශ්චික ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ දසවැන්නට සිකුරු පැමිණෙන විට ලග්නාධිපති කුජ බලවත්ව කේතු සමග තුන්වැන්නේ ගමන් කරයි. කලාවට සම්බන්ධ ව්‍යාපාර කටයුතුවල නිතරව සිටින අයට ශුභදායකයි. රැකියා නැති අයට නව රැකියා ලාභ හිමි වේ. මේ අතර අවිවාහක අයට විවාහ කටයුතු සාර්ථක කරගත හැකියි. විවාහ සහකරුගේ රැකියා ප්‍රශ්නයට විසඳුම් ලැබේ. විනෝද කටයුතු සඳහා වියදම් කිරීමට සිදුවේ. 


ධනු 


ධනු ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ භාග්‍යස්ථානයට සිකුරු පැමිණෙයි. සෞන්දර්යය අංශයෙන් උසස් අ්ධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සුබදායක වේ. පූජ්‍ය පක්ෂයේ උතුමන්ගේ හා උසස් ගුරුවරුන්ගේ අවවාද අනුශාසනා ලැබේ. ආගම දහමට සිත යොමු වේ. මේ අතර දුර වන්දනා ගමනකට සිය යොමුවන අතර විදේශ ගමන් බලාපොරොත්තු වූ අයගේ පැතුම් ඉටු වේ. ශරීර සෞඛ්‍ය තරමක් යහපත් වේ. සෙනසුරු ලග්නයේ ගමන් කරන බැවින් සෙනසුරු අපලයට අදාළ ග්‍රහ ශාන්ති කර්මවල නිරතවන්න. 


මකර 


මකර ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ අටවැන්නට සිකුරු පැමිණේ. එතරම් ශුභදායක නැත. රැකියා හා ව්‍යාපාර කටයුතුවලදී වඩා වෙහෙස මහන්සිවී කටයුතු කිරීමට සිදුවේ. ඉවසීමෙන් කටයුතු කරන්න. දරුවන්ට එතරම් යහපත් නොවේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන් විනෝදයට බරවීම නිසා අධ්‍යාපන කටයුතුවලට බාධා ඇති වේ. මේ අතර ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කිරීමේදී වඩාත් දූරදර්ශී වන්න. වකුගඩු හා මුත්‍රා ආබාධ ඇතිවිය හැකියි. 


කුම්භ 


කුම්භ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ හත්වැන්නට සිකුරු පැමිණෙයි. නිවාස ඉඩකඩම් හා වාහන ලාභ ලැබිය හැකියි. මවගේ පාර්ශ්වයෙන් උදව් උපකාර ලැබේ. අවිවාහක තරුණ තරුණියන්ට මංගල යෝග උදා වේ. විවාහ සහකරුටද සුබදායක වේ. මේ අතර ප්‍රීති උත්සවකකට සහභාගි වීමට අවස්ථාව උදාවන අතර සමාජයේ ජනප්‍රියතාවට පත් වෙයි. පිරිස් බලය ලබයි. හවුල් ව්‍යාපාර සාර්ථක වීමට ඉඩ ඇත. 


මීන

 
මීන ලග්න හිමියන්ගේ ලග්නාධිපති ගුරු අට වැන්නේ ගමන්කරන විට සිකුරු හයවැන්නට පැමිණීම එතරම් ශුභදායක නැත. රහසිගත සතුරු කරදර ඇතිවිය හැකියි. ලෙඩ රෝග නිසා ශරීරය දුර්වල වීමට ඉඩ ඇත. ආහාරයෙන් ප්‍රවේශම් විය යුතුයි. ණය ගනුදෙනුවලදී වඩාත් සැලකිලිමත් වන්න. මේ අතර රැකියා හා ව්‍යාපාර කටයුතු සඳහා සේවක සේවිකාවන්ගේ ගැටලු නිසා තරමක බාධා ඇතිවිය හැකියි. ගුරු දශා ගත කරන අය ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න.  


සිකුරු ග්‍රහයා සිංහ රාශිගත වීම සමහර ලග්නවලට සුබ පල මෙන්ම ලග්න කිහිපයකට අසුබ පලත් උදාකරන බව පෙනේ. ග්‍රහශාන්ති කර්ම මගින් සිකුරුගේ අපලය බොහෝ දුරට මගහරවා ගත හැකියි. මේ අනුව සිකුරාදා දිනවල සිකුරු හෝරාවෙන් බුද්ධ පූජා, බෝධි පූජා තබා පත්තිනි මෑණියන්ට පින්දී සෙත්පතා ගන්න. මංගල සූත්‍රය භාවිතය සුදුසුය. තවද සිකුරු අපලය ඇති අය ඇඹුල් රස ආහාර ගැනීම යහපත් නොවේ. කාමයේ වරදවා හැසිරිම නොකළ යුතුය. 

 

 

 

 


ජ්‍යෝතිෂවේදීනි 
අජන්තා ඒකනායක 



අදහස් (0)

සිකුරු රජ මැදුරට ඔබට කොහොමද ?

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 9606 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 5687 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 4920 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 3806 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 2399 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1220 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි 2023 මැයි මස 29 179 0
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි

මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා

ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි 2023 මැයි මස 26 1129 1
ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි

ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්

ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය 2023 මැයි මස 23 641 0
ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය

කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ

Our Group Site