
වෙළෙඳ දැන්වීම් ඔස්සේ ප්‍රේක්ෂක ආදරයක්, ආකර්ෂණයක් දිනාගත් ඇය ටෙලි නිර්මාණයකින් සිනමා තිරයෙන් හමුෙවන්නේ ඉඳහිට වුවත් - ඒ බොහෝ නිර්මාණ චරිතයන් ප්‍රේක්ෂක හදවත් තුළ රඳවන්නේ හරි අපූරුවටය. ඉන් ඇය මෑතකදි රඟපෑ “තුම්පනේ” ටෙලි නාට්‍යය සුවිශේෂීය. මේ දිනවල ඇය හමුෙවන්නේ “විසේකාරි” ටෙලි නාට්‍යය තුළිනි. ඇය රුවි ලක්මාලි.
රුවි ව ටෙලි නාට්‍යකින් දකින්න ලැබෙන්නේ කාලෙකින්....?මේ දවස්වල විසේකාරි ටෙලිනාට්‍ය එක්ක තමයි සම්බන්ධ වෙලා ඉන්නේ . තුම්පනේ ටෙලි නාට්‍යයෙන් පස්සේ තමයි විසේකාරි ටෙලි නාට්‍යයට දායක වෙන්නේ. ඊට අමතරව ස්වර්ණවාහිනියේ විකාශනය වන සුපුන් රත්නායක අයියා ගේ ජුරාලියා ටෙලි නාට්‍යයට දායක වෙලා ඉන්නවා.
ඇත්තටම 2012 වසරේ ඌව පළාතේ පැවැත්වුණු “සිරිකත කුමරිය තරගය” මට එක්තරා විදිහකට වාසනාව ගෙනාපු තරගයක්. ඒ තරගයේ මට ප්‍රථම ස්ථානය දිනාගන්න ලැබීමත් එක්ක - මට ගොඩාක් ෆොටෝ ෂූට්වලට අරාධනා ලැබුණා. හැබැයි රඟපෑමට මම එන්නේ සිරිකත කුමරිය වෙන්න කලින් - ඒ කියන්නේ පාසල් කාලෙදිම යි. එතකොට මට වයස අවුරුදු 12 ක් විතර. අරුණ ජයවර්ධන අයියා ගේ “බාඳුරා දේශය” නාට්‍යයේ රඟපෑවා. හැබැයි මට ටෙලි නාට්‍යවලට ගොඩාක් ආරාධනා ලැබුණේ සිරිකත කුමරිය වුනාට පස්සේ. එතැන් පටන් ගොඩාක් හොඳ අධ්‍යක්ෂවරු යටතේ වැඩ කරන්න ලැබුණා. ඒ අය අතුරින් සුපුන් රත්නායක අයියා කියන්නේ මගේ රංගන පරාසය හොඳින් තේරුම් අරන් මට හොඳ අවස්ථාවන් ලබා දුන් අධ්‍යක්ෂවරයෙක්.
මුලින්ම මට කතා කළේ විසේකාරි ටෙලිනාට්‍යයේ නිෂ්පාදක ප්‍රභාත් රෝෂණ අයියා සහ ඉන්දික ධර්මතිලක අයියා. මම මීට කලින් ටෙලි නාට්‍යයක අම්මා කෙනෙකු ගේ චරිතයක් කරලා තිබුණේ නැහැ. ඊට පස්සේ යෝජනා කෙරැණා - සැමියා ගේ ප්‍රශ්න හේතුවෙන් විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන චරිතයක් කියලා වෙනත් නිර්මාණයකට. චරිතේ ගැන වැඩි විස්තර කිව්වා ම වාසු ගේ චරිතය නිරූපණය කරන්න ආසාවක් ඇති වුණා. තිර පිටපත් රචනය කරපු සිතාරා මේ චරිතය ලිව්වෙත් - මාව ඔළුවෙ තියාගෙන කියලා පසුව ඇය මට කියලා තියෙනවා.
විසේකාරි ටෙලි නාට්‍යය මම හිතනවා මට වාසනාවට ලැබුණ චරිතයක් කියලා. විසේකාරි ටෙලිනාට්‍යයේ වාසු කියන්නේ මට ගොඩාක් සමීප චරිතයක්. අනිත් කාරණය තමයි වාසු නිසා ගොඩාක් කාන්තා ආකර්ෂණය වෙනදට වඩා වැඩියෙන් ලැබෙනවා. ගෑනු කෙනෙක් තවත් ගෑනු කෙනෙකුට ප්‍රතිචාර දක්වනවා අඩුයි. හැබැයි වාසු නිසා කාන්තා ප්‍රතිචාර වැඩිවෙලා තියෙනවා.
සමහර කාන්තාවන් ඇත්ත ජීවිතේ වාසු ගේ කතාවම අත්විඳින අය මට කතා කරලා - එයාගේ කතා කියලා තියෙනවා. මේ චරිතය තමන්ගේ ජීවිතේ බවට හැරවුණු බහුතරයක් ඉන්නවා.
තමන්ගේ ප්‍රශ්න හංගගෙන ජීවත් වන කාන්තාවන් ට මේ කතාව දරාගන්න අමාරුයි. ලැබෙන ඇමතුම් ප්‍රතිචාර එක්ක බැලුවාම වාසු ලංකාවේ බහුතරයක් විවාහක කාන්තාවන්ට ළං වෙලා කියලා හැඟෙනවා. දෙවියන්ට වගේ තමන්ගේ ස්වාමියාට සලකන කොට - ඒ ස්වාමියා බිරිඳට වංචා කරනවානම්, ද්‍රෝහී වෙනවනම් ඕනම ගැහැනියකට රිදෙනවා. ඒ නිසා වාසු නියෝජනය කරන්නේ මුළු රටේම සමස්ත කාන්තාව. මට වාසු චරිතේ කරද්දි සමහර අවස්ථාවලදි දැනිලා තියෙනවා කවදාවත් ගැහැනියකට මේවගේ දේවල් නොවිය යුතුයි කියලා. සමහර අවස්ථා නිරූපණය කරද්දි මට ඇත්තටම ඇඬෙන අවස්ථා තියෙනවා. නිතරම මම හිතින් ප්‍රාර්ථනා කරනවා - වාසු අත්විඳින දේවල් මේ ලෝකේ කිසිම ගැහැනියකට අත්විඳින්න නොලැබේවා කියලා.
ඔව්. වාසුගේ චරිත ස්වභාවය මට බොහොම සමානයි. මම වාසු ම තමයි. මට කේන්ති යන් නෑ - දුක හිතුණාම අඬනවා. මමත් වාසු වගේ හැම දේම හිනාවෙලා භාරගන්න කෙනෙක්.
වැඩ කරනවා. හොඳ නිරිමාණ ලැබුණාම දායක වෙනවා. මම වැඩිය ඉතින් සද්දෙට වැඩ කරන කෙනෙක් නෙමෙයි. හොඳ නිර්මාණයකින් ඉඳලා හිටලා තිරයට එනකොට චරිතයේ රසය වැඩියි. වාසු නිසා මේ දිනවල වෙනම ප්‍රේක්ෂක පිරිසක් එකතු වෙලා ඉන්නවා.
මම හැම වෙෙළඳ දැන්වීමකම රඟපාලා තියෙන්නේ අම්මාගේ චරිතය. සමහර නිෂ්පාදන වල මම හය හත් වතාවක් දායක වෙලා තියෙනවා. මම දරුවන් සම්බන්ධ වෙළඳ දැන්වීම් වලට ගොඩාක් ආසයි වගේම මට ලැබෙන්නෙත් පොඩි දරුවෝ එක්ක රඟපාන්න තියෙන වෙෙළඳ දැන්වීම්. ඒකට මම හරිම ආසයි.

නදීශා අතුකෝරළ
ඡායාරූප රුෂිරු කොළඹතන්ත්‍රිගේ
2025 නොවැම්බර් මස 04
214
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
“ විසේකාරි ” හි වාසු මට ගොඩක්ම සමීප චරිතයක් - Ruvi Lakmali