IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


’’හොරා අංකල් ’’ සමඟ දුලානි අනුරාධා රිදී තිරයට


 


දුලානි අනුරාධා  කියන්නේ , නිතර නිතර නිර්මාණ වල දකින්න නොලැබුනත් රසික ආදරය  නොමඳව  දිනාගත් , රංගන ශිල්පිනියක් .

ප්‍රවීණ සිනමාවේදී,  ජැක්සන් ඇන්තනී මහතාගේ '"අබා" සිනමා පටය හරහා, හා හා පුරා කියා රංගනයට පිවිසුණු ඇය, එතැන් පටන් ඓතිහාසික කතා පාදක කරගත්, සුවිශේෂී සිනමා නිර්මාණයන් රැසකටම දායකත්වය දුන් කලා ශිල්පිනියක්. ඇයගේ ප්‍රථම සිනමා පටය අබා සහ   ප්‍රථම ටෙලි නිර්මාණය වන, සුමිත්‍රා රාහුබද්ධගේ පිනි බර යාමේ නිර්මාණය සඳහා නැගී එන නිළිය, හොඳම නිළිය, යන සම්මානයන් ගෙන්ද - පිදුම් ලැබුවාය.

සිනමාව, ටෙලි නාට්‍ය ,  හා වේදිකාව තුළ - ඇයටම ආවේණික වූ රංගන ශෛලියකින් චරිත නිරූපණය කර ඇය, මේ දිනවල ප්‍රදර්ශනය කෙරෙන හර්ෂණ වික්‍රමසිංහගේ අධ්‍යක්ෂණයක් වන, ’හොරා අංකල්’ චිත්‍රපටයෙන් , කලකට පසු ඇය ප්‍රේක්ෂකයා හමුවට පැමිණේ.

  • බොහොම කාලෙකට පස්සේ.....

හොරා අංකල් කියන්නේ මම මෙතෙක් නොකළ වෙනස් ආකාරයේ සිනමාපටයක්. මට ගොඩාක්ම ලැබුණෙ ඓතිහාසික සිනමා නිර්මාණ . මේක ළමා චිත්‍රපටයක් . දරුවන්ගේ හිත්වල තියෙන ආදරණීය බව, සුන්දරත්වය තමයි, මේ තුළින් කතා කෙරෙන්නේ. දෙමාපියන්ගේ ආදරය ගැන අපූරුවට මේ තුළින් කතා කෙරෙනවා. මම කොහොමත් දරුවෝ එක්ක වැඩ කරන්න ආසයි. හොරා අංකල් පිටපත දැක්කාම, මට  ආස හිතුණා මේ චිත්‍රපටයට දායකත්වය දෙන්න. වසර 6 ක් විතර වෙනවා හොරා අංකල් චිත්‍රපටය කරලා. චිත්‍රපටය මේ මොහොතේ සිනමා තිරයට ආපු එක ගැන සතුටු වෙනවා.    

  • හොඳම නිළිය , නැගී එන නිළිය ලෙස නැගීගෙන එද්දිම - දුලානිට  එකපාරම මොකද වුණේ?, කලාවෙන් නිහඬවීම  වුණේ විවාහයත් එක්කද?  

විවාහයෙන් පස්සේ නිහඬ වුණා නෙමෙයි. මම වෘත්තියෙන් පාසල් ගුරුවරියක්. ඉතින් පාසලේ වැඩත් එක්ක, කලා කටයුතු කරන්න වුණේ බොහොම අඩුවෙන්. පාසල් වැඩ කටයුතු එක්ක, කාල වේලාව සහ නිවාඩු අර්බුදය ආපු නිසා, ටිකෙන් ටික නිර්මාණ වලින් ඈත් වෙන්න වුණා. කොරෝනා කාලෙන් පස්සේම, ඇත්තටම මම කලා වැඩ කරේම නැහැ. චිත්‍රපටයකටවත්, සම්බන්ධ වුණේ නැහැ.  අවුරුදු කිහිපයකට පස්සේ අලුත් ටෙලි නාට්‍යකට දැන් සම්බන්ධ  වෙලා ඉන්නවා. මේ දවස් වල ඒ ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් කරගෙන යනවා. මේ කාල සීමාව තුළ හොඳ සිනමා නිර්මාණයක් ලැබුණොත් දායක වෙනවා.   

  • තාමත් ඔබේ වෘත්තිය ගුරු වෘත්තියද?

මගේ මුල්ම රැකියාවත්, අවසාන රැකියාව වෙන්නෙත්, ගුරුවෘත්තිය තමයි. නැටුම් ගුරුවරියක් ලෙස මම වෘත්තිය ආරම්භ කළේ 2011 දි. ඊට පස්සේ අවුරැදු 6 ක් විතර ගුරු වෘත්තියත් එක්ක, අමාරුවෙන්  නිර්මාණ කටයුතු කරගෙන ආවා. කරගෙන යන්න බැරිම මොහොතක් ආවා. රාජ්‍ය සේවයේ ඉද්දි මම හිස නැමිය යුතු නීති මාලා ටිකක් තියෙනවා. ඒ දේවල් එක්ක මට ගුරු වෘත්තියට වැඩියෙන් අවධානය දෙන්න වුණා. එතනදි මම කලා කටයුතු වලින් අයින් වුණා. ගුරු වෘත්තිය නිසාම සමහර චරිත නිර්මාණ අත්හරින්න වුණා. මම ඒ අත්හැරීම කරේ ඇත්තටම කැමැත්තෙන්. මොකද මම ඒ තරම් ගුරු වෘත්තියට ආදරේ කළා. නමුත් මේ වෙද්දි මම ගුරු වෘත්තියෙනුත් වසරක නිවාඩු අරන් ඉන්නේ . මට හිතුණා මම මං වෙනුවෙන් කාලය ගත කරන්න.

  • මේ වෙනකොට චිත්‍රපටි කීයකට විතර දායක වෙලා තියෙනවද?

චිත්‍රපට12 කට පමණ මම දායක වෙලා තියෙනවා.

  • ඒ අතුරින්  ගොඩක් දැනුණ නිර්මාණයක් තියෙනවද?

මට දැනුණම චිත්‍රපටය තමයි  අබා චිත්‍රපටය. විජය කුවේණි, ඇහැලේපොල කුමාරි හාමි වගේ නිර්මාණත්, මට ජීවිතේ ලැබුණ සුවිශේෂී නිර්මාණ. කොහොම වුණත් දුලානි අනුරාධාගේ හැරවුම් ලක්ෂය වෙන්නේ  අබා චිත්‍රපටය.  ටෙලි නාට්‍ය පැත්තෙන් ගත්තාම නාට්‍ය7 කට පමණ දායක වෙලා තියෙනවා. ඒ අතුරිනුත් විකාශය වෙලා තියෙන්නේ කිහිපයයි.

  • ජීවිතේ ලැබුණ ඇගයීම්

මට ජීවිතේ ලැබුණ හොඳම ඇගයිම් ටික ලැබුණේ අබා චිත්‍රපටයෙන්.  ඒ වෙනුවෙන් සරසවි හොඳම නිළිය සම්මාන ලැබුණා. සිග්නිස් සම්මාන උළෙලේ හොඳම නිළිය සහ සුමති සම්මාන උළෙලේ  නැගී එන නිළිය සම්මානය ලැබුණා. කලා නිර්මාණ පොඩි සංඛ්‍යාවකට දායක වුණත්, ලොකු දේවල් ,ඇගයීම් ටිකක් මට ජීවිතේ ලැබුණා.  

  • ඔබේ පළමු නිර්මාණය අබා තුළින් ලැබුණ ඒ ආදරය අද දැනෙන්නේ කොහොමද?

අබා චිත්‍රපටය  කරලා දැන් අවුරුදු 16 ක් . අබා කරපු ගමන් මාව ප්‍රේක්ෂකයෝ අඳුර ගත්තේ නැහැ . හැබැයි චිත්‍රපටයේ ඒ චරිතය ගැන කතා කළා . ටික දවසක් ගිහින් තමයි, ඒ චරිතයෙන් මාව ගොඩක් දෙනා හඳුනාගත්තේ.  ජැක්සන් ඇන්තනී කියන ඒ  දැවැන්ත විශිෂ්ටයාගේ අබා චිත්‍රපයේ ප්‍රධාන චරිතයක් රඟපාන්න ලැබීම ම කලා ජීවිතයේ මම ලබපු ලොකු භාග්‍යයක් විදියට මම දකිනවා. නර්තන ආචාර්ය චන්දන වික්‍රමසිංහයන් තමයි, මාව ජැක්සන් ඇන්තනී මහත්මයාට මුණගස්සවන්නේ . එතනින් පස්සේ මගේ නර්තනය සහ මගේ රංගනය පරීක්ෂණයට ලක් කරලා ජැක්සන් ඇන්තනී මහත්මයා අබා වෙනුවෙන් මම ඔයාව තෝරගන්නවා කියපු වෙලාවේ මට ඇඬුණා. එතනින් තමයි මගේ ජිවිතේ වෙනස් වුණේ. මගේ රංගන කෞශල්‍ය එතුමා හඳුනා ගත්ත එකට මම අදටත් නමස්කාර කරනවා. මම අද රංගන ශිල්පිනියක් විදිහට ප්‍රේක්ෂකයන් අතර  ඉන්නවා නම්, ඒ ජැක්සන් මහත්මා නිසාමයි.

  • කොහොමද පෞද්ගලික ජීවිතේ තොරතුරු?

පවුලේ - මමයි, අම්මායි, තාත්තායි, අයියායි ඉන්නේ. මේ වෙද්දි මම  අම්මයි තාත්තයි බලාගෙන එයාලා එක්ක ජීවත් වෙන්නේ. අයියා විදේශගතව ජීවත් වෙන්නේ.

  • අද ගෙවන ජීවිතේ සතුටින්ද ?

මට හොඳ දෙමාපියෝ දෙන්නෙක් ඉන්නවා. හොඳ සහෝදරයෙක් ඉන්නවා. හොඳ යාළුවෝ පිරිසක් ඉන්නවා.  ඒ සියලු දෙනා එක්ක මං ජීවිතේ සතුටින් ගෙවනවා. ජීවිතේ පසුතැවීම්, කඩාවැටීම්, ලැබීම්, නොලැබීම්, මගේ ජීවිතෙත් තිබිලා තියෙනවා. . බිරිඳ කියන Chapter එක මට ලොකු කාලයක් කරන්න ලැබුණේ නැහැ. ඒ ඒ දේවල් වලට, බොහොම අමාරුවෙන් මුහුණ දීපු කාලයක් තිබුණා. මම එතනදි දැක්කේ මෙච්චරයි. අපිත් එක්ක ඉන්න අකමැති කෙනෙක් එක්ක, බලෙන් තියන් ජීවත් වෙනවා කියන එක තේරැමක් නැති වැඩක්. මගේ පැත්තෙන් අපහසුතා ගොඩාක් විඳ දරාගෙන, ඔහුට නිදහස ලබා දුන්නා. ආදරේ ඒක පාර්ශ්වික වුනොත් ප්‍රශ්න වැඩියි. ආදරේට ද්වී පාර්ශ්වීය බැඳීමක් තිබිය යුතුමයි.

  • හිමි වීම් හා අහිමි වීම් අද ඔබේ ජීවිතේට දැනෙන්නේ කොහොමද ?

මගේ ජිවිතේට ගොඩාක් දේවල් ලැබිලා ඉවරයි. ජිවිතේ කඩා වැටීම් එක්කම, නැවත මම නැගිට්ටා. හැබැයි, මගේ ජීවිතේට ආදරය තියෙන්නේ, අහිමිවීම් පැත්තේ තියෙන කොටසක් විදිහට. මනුෂ්‍යයා ස්වභාවයෙන්ම ප්‍රේමයට ළැදියි. මමත් තාමත් රැකවරණය, ආදරේ හොයනවා. ඒත් ඒවා අපි එක්ක කොයි තරම් දුරට ඉඳිවිද පවතීවද කියන එක විශ්වාස කරන්න බැහැ.


නදීශා  අතුකෝරළ


 



අදහස් (0)

’’හොරා අංකල් ’’ සමඟ දුලානි අනුරාධා රිදී තිරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 830 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 961 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 388 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site