
ඔහු රංගනයට වඩාත් දක්ෂ වූ තුරුණු රංග ශිල්පියෙකි. ඇය ගැයුමට සහ සංගීතයට වඩාත් දක්ෂ වූ තුරුණු සංගීත ශිල්පිනියකි. දැන් මේ දෙදෙනා පෙම්වතුන්ය. ඔහු සංජය මුරමුදලිය. ඇය අපූර්වා ආශාවරීය. ඒ දෙදෙනාගේ ආදරණීය සුසංයෝගය කෙසේ විය හැකිද?
මේ දිග හැරෙන්නේ සංජය සහ අපූර්වාගේ ආදර කතාවේ වර්ණයයි.
සංජය හරි වෙනස් - අපූර්වා ආශාවරී
“අපූර්වා” මේ ආදර කතාව නැතිනම් “Love Story’’ පටන් ගත්ත හැටි කියමු?පටන් ගත්ත විදිහ ගැන හරියටම කියන්න බැහැ. ඒත් අපි දෙන්නගෙ ‘ආදරය’ කොහොම – කොහොම හරි පටන් ගත්තා. මුලින්ම මම එයාට මුහුණට මුහුණ දැක ගත්තෙ 2023 දී විතර. පසුව කලා ක්ෂේත්රයේදී, අපට එකට වැඩ කරන්න ලැබුණා. ඒ අවස්ථාව එක්ක අපි - අපට සමීප සහ ලෙංගතු වුණා.
දැනට මම රඟපානවා. නමුත් මගේ ප්‍රධාන විෂය සංගීතය. සෞන්දර්යය සරසවියේ ප්‍රථම වසරේ සිසුවියක්.
එයා මගේ චොයිස් එකේ හිටිය කෙනෙක් නෙවෙයි. පෙනුමටත් නෙවෙයි. විශේෂ හේතුවකුත් නැහැ. ඒත් එයා කෙරෙහි හිත ගියා. එකපාරටමත් නෙවෙයි ආදරය ඇති වුණේ. අපි හඳුනාගෙන කතාබහ කරද්දි, ටිකෙන් - ටික මගේ හිත බැඳුණා. කතා කරද්දි එයා හරි වෙනස්. ප්‍රශ්න පිට ප්‍රශ්න ආවත් එයා ඒ සියල්ලට සතුටින් මුහුණ දෙන කෙනෙක්. ප්‍රශ්න විසඳන්නෙ වෙනස් විදිහටයි. ඒ ස්වභාවය මම වෙනත් අයගෙන් දැකලා නැහැ.
ඒක හරි ලස්සන ප්‍රේමයක්.
සංජය ඒ වගේ දේ පස්සෙ යන කෙනෙක් නෙවෙයි. අඩු තරමින් උපන්දිනය කියලා විශේෂ දේ කරන්නෙත් නැහැ. එයා එහෙම ඒ දේවල් එනකල් මග බලා සිටින කෙනෙක් නෙවෙයි. මාත් ඒවා විශේෂිත දවස් විදිහට විශේෂිත දේ වෙන්න ඕනෑය කියලා හිතන්නෙ නැහැ. ඊට වඩා අපි දෙන්නා සරලව හිතලා, අද දවස අරුත්බර කර ගන්න උත්සාහ ගන්න දෙදෙනෙක්.
එයාට හොඳට ගයන්න වගේම හඬ කවන්නත් පුළුවනි. කටහඬ හරි වෙනස්.
තියෙනවා, තියෙනවා. ඉදිරියේදී අපි ඒ වගේ නිර්මාණ කරාවි.
සංජය හඟුරන්කෙත. මම නාරම්මල.
එයාලා දන්නවා. අපි දෙන්නට අපි දෙන්නගෙ ගමන යන්න අවසර දීලා තියෙන්නෙ. මගේ පවුලේ අම්මයි, මල්ලියි, මමයි. තාත්තා නැහැ. අම්මා ගුරුවරියක්.
අපි දෙන්නත් පෙම්වතුන්. ඉතින් එහෙම විශේෂිතව දකින්නෙ නැහැ. ආදරය කරද්දි, අනෙක් කෙනාවත් ඉදිරියට යොමු කරමින්, එයත් එක්කම යා යුතු ගමනක්. සියලු ප්‍රශ්න හමුවේ ඉවසීම ඉතා වැදගත්. ඉවසීම දරාගෙන ගියොත් කවදාහරි සතුටින් ජීවත් වෙන්න පුළුවනි.
අපිත් සාමානH පෙම්වතුන්. වෙනස කියලා විශේෂයක් නැහැ. හැබැයි සංජය ස්වභාවයෙන්ම වෙනස් චරිතයක්. ඒ වගේ වෙනස් චරිතයක් එකක් ගත කිරීමම වෙනසක්. ඒ වගේම වෙනස හඳුනා ගන්න හොඳ පුහුණුවක් වෙලා තියෙන්න ඕනෑය කියලයි මට හිතෙන්නෙ.
ඊට අර්ථකථනයක් දෙන්න බැහැ. ඒක එකිනෙකාට සාපේක්ෂයි. මට අනුව ගත්තොත්, විස්තර කරන්න බැරි තරමේ ලස්සන හැඟීමක්.
ඇය නිසා මමත් සැහැල්ලුවෙන් - සංජය මුරමුදලි
මම වැඩ කරන ක්ෂේත්රයේ ස්වභාවය අනුව මට බොහෝ දෙනා මුණ ගැහෙනවා. ඒ විදිහට බලද්දී මාව තේරුම් ගන්න පුළුවන් වගේම මාව මෙහෙයවන කෙනෙක් වෙන්න ඕනෑ. ඒ සියලු දේ අපූර්වාගෙන් මම දැක්කා. ඒ වගේම අනාගතය ගැන එයාට හොඳ සැළැස්මක් තියෙන කෙනෙක්. මහන්සි වෙලා එයාගෙ අරමුණුවලට යන්න උත්සාහ ගන්න කෙනෙක්. කෙතරම් බාධක – ගැටලු ආවත් එයා පසු බසින්නෙ නැහැ. මට අවශ්‍ය වුණෙත් ඒ වගේ ධෛර්යවන්ත චරිතයක්. එයා එක්ක ඇසුරු කරද්දි - කතාබහ කරද්දි මම ඒ ගුණාංග අපූර්වාගෙන් දැක්කා. මට එයාව දැනෙන්න ගත්තා. ඒ නිසා මට එයා ගැන හිත ගියා.
ඒක එයාගෙ දක්ෂතාවයක්නෙ. කොහොමහරි මුලින්ම මම එයා ගැන දැන ගන්නෙ එයාගෙ හඬ නිසයි. හැබැයි එයා ඇසුරු කරද්දි තමයි මම අර කිව්ව ගුණාංග – අදහස් දැන ගත්තෙ. ඒ වගේම ඒ හඬ නිසා මට අපූර්වාට ළඟින් ඇසුරු කරන්න ඕනෑය කියලා හිතුණා.
අපි දෙන්නාගෙ ආදර කතාවත් සාමාන්‍ය පෙම්වතුන්ගෙ ආදර කතා වගේ තමයි. හැබැයි, අපි අනෙක් අයගෙ ජීවිත දිහා බලන්නෙ නැහැ. අපි හොයන්නෙ දකින්නෙ අපේ ජීවිත ගැන. ඒත් අනෙක් අයගෙන් ගන්න තියෙන හොඳ දේ ඇත්නම් අපි ඒවා ගන්නවා. සමාජය හිතන විදිහ ගැන හිතලා අපි දෙන්නා සැබෑ ජීවිතය බොරුවට රඟපාන්න යන්නෙ නැහැ. බොහොම සරලව - අපට දැනෙන - හැඟෙන විදිහට ජීවත් වෙනවා. සමාජය මොනවා හිතාවිද කියලා අපි වෙනස් කර ගන්න යන්නෙ නැහැ. ලොකු දේවල් බලාපොරොත්තු නොවී, ප්‍රශ්න නැතුව ගමනක් යන්න තමයි අපි දෙන්නා සැළසුම් කරන්නෙ.
එයාගෙ විෂය සහ ප්‍රගුණ කරන්නෙ ගායනය නිසා ඒ අංශයෙන් යනවට මම ආසයි. මගේම වෘත්තිය කරන තව කෙනෙක් මට අවශ්‍ය නැහැ.
එයා හමුවුණාට පස්සෙ මට මගේ මොළය වෙහෙසවන්න අමතක වෙලා තියෙන්නෙ. මගේ වැඩ ගැන සහ මගේ ගෙදර අය ගැන හිතන එක සහ වාහනය පදවනවා නම් මට හිතන්න තියෙන්නෙ ඒ ගැන විතරයි. මම අඳින ඇඳුමේ සිට, මගේ කරන කියන බොහෝ දේ ගැන බලන්නෙ එයා. නාට්‍යයක පිටපතක් ලැබුණාම, එයා කියවලා මට ඒ චරිතය ගැන සහ එහි ස්වභාවය ගැන කියනවා. ඒකයි මම කියන්නෙ මාව එයා හරියට සැහැල්ලුවෙන් තියන්න උත්සාහ ගන්නවා. මගේ මොළයට අනවශ්‍ය බරක් නොදී මාව සැහැල්ලුවෙන් තියන්න උත්සාහ ගන්නවා. මට මගේ වැඩ ටික හරියට කරන්න ලස්සන වටපිටාවක් ඇය නිර්මාණය කර දෙනවා. කලා ක්ෂේත්රයට ඇවිත් වසර නවයක් විතර. ගෙදරින් ඈත් වෙලා කටයුතු කරද්දි මම සියලු දේ ගැන හිතමින් හුදෙකලාව ගත කළ ජීවිතයට අපූර්වා ආවාට පස්සෙ එයා අපේ ගෙදර අය ගැනත් සොයා බලනවා. ජීවිතය ඔහේ යන්න නොදී එයා මට ඉලක්ක ලබා දෙනවා. ඒ මාසය වැඩ කළයුතු විදිහ ගැන සැළැස්මක් හදලා දෙනවා. ඒ නිසා මට අරමුණක් වගේම ධෛර්යවන්ත බවක් ඇති වෙනවා. කෙනෙක් ජීවිතය පිටුපස ඒ විදිහට සිටිනකොට අපට ජීවිතය හරි ලෙහෙසියි.
එයාගෙ විෂය ආර්ට් එක වුණාට, මට නම් මගේ පිටුපස සිටින මගේ කළමනාකාරිණිය ඇයයි. ඒක මට ශක්තියක්.
එය එකිනෙකාට අනුව වෙනස්. ‘ආදරය’ කියන්නෙ පේන්නෙ නැහැ. ඒත් දැනෙනවා. උණුසුම - සීතල දැනෙනවා වගේ ආදරයත් එහෙමයි. ජීවිතයෙ දුක – සතුට වගේම තමයි. දෙන්නෙක් අතර ආදරය ගැලපීම විය යුතුයි. එවිට දෙදෙනාට එකට එක්ව ජීවිතයෙ සාර්ථක ගමනක් යන්න පුළුවනි.

සටහන/ඡායාරූප
සඳුන් ගමගේ
2025 ඔක්තෝබර් මස 08
1713
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
සංජය සහ අපූර්වා