IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කෝඩුකාර මෝස්තර නිරූපන ශිල්පියා

ඉගෙන ගන්නා කාලෙ සිටම මොහු කේෂ නිරූපණ තරගවලට ඉදිරිපත් වී ජය ලබා ගත්තෙකි. උසස් අධ්‍යාපන කටයුතු කලාව සම්බන්ධයෙන් නොවුණත්  ක්ෂේත්‍රයට දක්වන්නේ පුදුමාකාර ආදරයක්. මේ තරුණයාගේ නම අවිශ්ක දේශාන්. තවමත් 22 හැවිරිදි වියේ පසුවන අවිශ්ක කොළඹ නාලන්දා විද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලැබුවෙකි.

 උසස් පෙළ නිම වීමත් සමඟ ස්ලිට් විශ්වවිද්‍යාලයේ හෝටල් පරිපාලන සහ සූපවේදී උපාධි පාඨමාලාවෙන් ඉහළ සාමාර්ථ්‍යයක් ලබා ගත්තෙකි. අවිශ්ක ක්ෂේත්‍රයට පා තැබීමට පදනම වැටුණු ආකාරය ගැන පැවසූයේ මෙවැන්නකි.

‘උසස් අධ්‍යාපනය ලබන අවදියේ සිටම මා වරින් වර කේෂ නිරූපණ තරගවලට යොමු වුණා.ඒ අත්දැකීම් කෙතරම් දුරට මාව ඔසවා තැබුවාද කිව්වොත් තරගවලින් තෙවරක්ම ප්‍රථම ස්ථානය දිනා ගනු ලැබුවා. මෑතකදී සහභාගි වූ 2023 C.J. අවුරුදු කුමර කුමරියෝ තරගයේ අවසන් වටය දක්වාම යාමට මට හැකි වුණා.එය මගේ ජීවිතයේ එක් හැරවුම් ලක්ෂ්‍යයක්. ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ ලද පුහුණුව ,කැපවීම ප්‍රායෝගිකව මට බොහෝ වැදගත් වුණා. එනිසාම කරට කර තරගකාරීත්වයක් ඉසව්ව පුරාම රඳවා තබා ගැනීමටත් හැකි වුණා. ඒවගේම තරගයේදී මගේ නර්තන සහායිකාව වුණෙත් නර්තන ශිල්පිනියක් සේම මෝස්තර නිරූපිකාවක් වන ටියාරා කොතලාවල. තරගයේ ඉදිරියට යාමට එයත් මට පිටිවහලක් වූවා.

ඒ වගේම පසුගිය දිනවලදී රූපවාහිනී නාළිකාවල පැවැති විවිධ වැඩසටහන් සඳහාත් මා මෝස්තර නිර්මාණ ශිල්පියකු ලෙස සහභාගි වුණා.

කලා ක්ෂේත්‍රයේම විවිධ ඉසව් නියෝජනය කළ අවිශ්කට ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ, ඔහුගේ අනාගත සිහින ගැනත් පැවසීමට යමක් ඇති. මේ ඉඩකඩ ඒ වෙනුවෙනි.

‘ක්ෂේත්‍රය නියෝජනය කරමින් ඉදිරිපත් වෙන හැම තරගයකම අත්දැකීම් මට වටිනවා. ඒ අත්දැකීම් ප්‍රායෝගික වන තරමට ක්ෂේත්‍රයේ පැවත්ම පහසු වෙනවා. ඉතින්, මෝස්තර නිරූපණ ශිල්පයට වගේම ඉදිරියේදී රංගනයටත් දායක වීමට මගේ බලාපොරොත්තුවක් තියෙනවා.

බොහෝ දෙනෙක් අද තම උසස් අධ්‍යාපනය අනාගත රැකියාව අරඹයා තීරණය කරනු ලබන්නකි. උසස් අධ්‍යාපනය කලාව සම්බන්ධයෙන් නොවීම ගැන මොකද හිතෙන්නේ?

‘උසස් අධ්‍යාපනය ක්ෂේත්‍රයට සම්බන්ධ නොවුණත් කලාවට පැමිණිදා සිටම ප්‍රායෝගිකව ඉගෙන ගන්න ලැබෙනවා. ඒ දැනුම විෂය සමගාමීව ලැබෙන්නේ නැහැ. කලාවට සම්බන්ධව කටයුතු කරන්න ලැබීම කැපවීමකින් කළ යුතු දෙයක්. දිගටම මා කැමැති කලා ක්ෂේත්‍රය තුළ විවිධ ඉසව් හරහා සාර්ථකත්වය ගොඩ නංවා ගැනීමටයි. ඊට අමතරව අපේ රටේ හෝටල් ක්ෂේත්‍රය හා සම්බන්ධ මගේම කියලා ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමටත් මා හීන මවනවා.‘

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

කෝඩුකාර මෝස්තර නිරූපන ශිල්පියා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site