ගර්දේනියා මල් සුවඳේ හිත පෙඟුණා...
සුභාවිත ගීතයේ අක්මුල් සොයා යද්දි ජනකතා,ජනප්‍රවාද,ජනශ්රැති,ථෙතිහාසික මූලාශ්‍ර,ඉතිහාසය මත පදනම් වූ ගීත රාශියක් හමුවෙනවා.ඒ ගීත අතරේ එදා මෙදාතුර සාහිත්‍යය පෝෂණය කළ නවකතා ආශ්‍රිතව,එම නවකතාවල විවිධ චරිත ආශ්‍රිතව ගීත නිර්මාණය වීම දක්නට ලැබෙන අතර එය නවමු ගීතයට එක්වූ අලුත් සංකල්පයක් ලෙසත් හැඳින්විය හැකියි.